Chitika Smowtion 468x60


Thursday, June 14, 2012

සහේලිට ජනපති මැඳුර තහනම් කතාව බොරුවක්ලු

ආයුබෝවේවා ගීතය ගායනාකරමින් ප්‍රසිද්ධියට පත්වූ සහේලි රෝචනා ගමගේට ජනාධිපති මංදිරයට යෑම ජනාධිපත් ආර්යාව විසින් තහනම් කර ඇති පුවතක් පසුගිය කාලයේ පුවත්පතක් මඟින් කියවුණා.

ඒ පිළිබඳව ඇය පුවත්පතකට පවසා තිබෙන්නේ මෙලෙසින්

ආයුබෝවේවා ගීතයට පසු ඔබ ගායනය කල ගීත වෙනත් කිසිවක් ජනතාව අතරට ගියේ නැහැ නේද?
ආයුබෝවේවා ගීතය තරම් වෙනත් ගීත ජනප්‍රිය වුනේ නැතිවුනාට මම තව ගීත ගනනාවක් ගායනය කරලා තියනවා. මාධ්‍ය ආයතන වලටත් දීලයි තියෙන්නේ. ප්‍රචාරය නොකිරීම පිළිබඳව ගැටළුවක් තියනවා කියලයි මං හිතන්නේ.

ඇත්තද සහේලිට තහංචියක් තියනවා කියන්නේ?

සිකුරු මාරුව නිසා ස්ත්‍රී දූෂණ වැඩිවේ

පෘතුවිය දෙපස සිටින බුධ සිකුරු සූර්යා මතින් ගමන් කිරීමක් බොහෝ විට සිදුවේ. සුර්යයා මතින් යම් ග්‍රහයෙකු ගමන් කිරීමක් සංක්‍රාන්තියක් ලෙස හැඳින්විය හැකිය.

තාරක විද්‍යාවේදී උපකරණ අම්ඟින් මෙම සිකුරු සංක්‍රාන්තිය නැරඹුවද ජ්‍යාතිෂ විද්‍යාවේදී අංශක වලින් ගණනය කෙරේ.

සූර්යයා යනු රෙජෙක්, පාලකයෙක් නිරූපනය වන ග්‍රහයෙකි. සිකුරු යනු ලාමක එනම් කාන්තාවක වැනි ග්‍රහයෙකි. බලවත් සුර්‍රයයා හරහා ලාමක සිකුරු ග්‍රහයා ගමන් කළ විට සිකුරාගේ බල මහිමය පීඩාවට ලක්වේ.

මාළිගාවත්ත මහල් නිවාසවල තීන්ත ගෑමට රු. කෝටි 22.5ක්?


රු. කෝටි 22.5ක අතිවිශාල මුදලක වියදමින් මාළිගාවත්ත රජයේ මහල් නිවාසවල තීන්ත ගා, අභ්‍යන්තර මාර්ග හා කානු පද්ධතිය පිළිසකර කිරීම මේ දිනවල ජාතික නිවාස සංවර්ධනය අධිකාරිය සිදු කරමින් සිටින බව වාර්තා වේ.
කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්‍ෂ රජය සමයේ මෙම සම්පූර්ණ නිවාස යෝජනා ක‍්‍රමය ඉදි කිරීමට හෝ මෙවැනි මුදලක් වියදම් නොකළ බව එහි නිවැසියෝ පෙන්වා දෙති.
නිවාස 200කින් පමණ යුත් මෙම නිවාස යෝජනා ක‍්‍රමය පිළිසකර කිරීමට යැයි පවසමින් මෙවැනි විශාල මුදලක් වැය කිරීම ඉතා ප‍්‍රශ්නකාරී බව ඔවුන් කියා සිටී.

වාසනා දන්තනාරයනට එරෙහිව ගිහාන් පොලිසි යයි


ජනප්‍රිය ජායාරුප ශිල්පී ගිහාන් ද සිල්වා මහතා ඊයේ දිනයේදී කිරිබත්ගොඩ පොලිසියේදී ප්‍රසිද්ධ නිළියක හා නිරුපිකාවක වන වාසනා දන්තනාරායනට එරෙහිව පැමිණිල්ලක් ගොනුකොට ඇත.

මෙයට හේතුවී ඇත්තේ වාසනා දන්තනාරායන විසින් ගිහින් සිල්වා වෙත සිදු කල තර්ජන හා වෙනත් සිදුවීම් කීපයක් මුල්කොට ගනිමිනි. 

ගිහාන් ද සිල්වා මහතා මිස් ශ්‍රී ලංකා තරඟාවලියේ නිල ජායාරුප ශිල්පියා ලෙස කටයුතු කරන අතර මේ දිනවල පැවැත්වෙන මිස් ශ්‍රී ලංකා සංචාරක රු රැජින තරඟයේ මිස් පොටෝජෙනික් අංශයේ ප්‍රතිඵල සටහන වාසනා දන්තනාරයන විසින් වෙනස් කිරීම හේතුවෙන් මෙම ගැටුම ඇතිවී ඇත.

අන්තර්ජාලය හරහා පැතිරයන ජායාරූපය නිර්මාණය කල එකක් - දුලානි


ඉතිහාසය සිනමාවට නගන ලද විජය කුවේණි චිත්‍රපටය පසුගියදා ප්‍රදර්ශනය වීම ආරම්භ කරනු ලැබුවා. 

ඒ සමගාමිව අන්තර්ජාලය ඔස්සේ නිකුත් කර තිබු විජය - කුවේණි චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටයේ තිබු දුලානි අනුරාධාගේ එක් දර්ශනයක් පසුගිය කාලයේ ආන්දෝලනයට හේතු වුවා. මේ පිළිබඳව ඈ පසුගියදා දැක්වූ අදහස් පහතින් බලන්න

කුවේණියට සාධාරණයක් කළ ඔබට පවා යම් අසාධාරණයක් වුණා?
ඔව්. ඇත්තටම මම ඒ ගැන මේ මාධ්‍යයකට හෙළිදරවු කරන ප්‍රථම අවස්ථාව. ‘විජය – කුවේණි’ චිත්‍රපටයේ ප්‍රචාරක පටයක් අන්තර් ජාලය ඔස්සේ අහම්බෙන් මම දැක්කා. එහි එක් රූප රාමුවක කිසියම් විකෘතියක් නැතිනම් මවාපෑමක් කර තිබූ නිසා මට ලොකු අවුලක් වුණා.

තවදුරටත් පැහැදිලි කළොත්?

මාතරට පැමිණි ටෝනාඩෝව


අකුරැස්‌ස, තංගල්ල, මාතර, දික්‌වැල්ල, මීරිගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඊයේ (13 වැනිදා) අලුයම හමා ගිය තද සුළඟකින් නිවාස හා වෙළෙඳසල් රැසකට දැඩි හානි සිදුව ඇත.

දකුණට බලපෑ සුළි කුණාටුවමැදිහ ප්‍රදේශය ආශ්‍රයේ මුහුදු ප්‍රදේශයේදී ටෝනාඩෝ තත්වයක් හටගත් අතර ලංකාවට දුර්ලභ දසුනක් වූ එය ඕස්ට්‍රේලියානු ජාතික සංචාරයකුගේ 
කැමරාවක සහ ජංගම දුරකතනයක කැමරාවක සටහන්වී තිබු අයුරු පහතින් බලන්න.

භික්ෂූන්ට පාර්ලිමේන්තු ප්‍රා.සභා ආදිය එපා: නින්දා අපහාස නොලැබිය යුතුයි: අස්ගිරි මහනායක හිමියෝ වදාරති


ආගම විකුණා දේශපාලනයේ යෙදෙන පක්ෂ අනාථයි: රතන ඉල්ලා අස්වේද?

ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සියළු පූජ්‍ය පක්ෂයට පාර්ලිමේන්තුව අකැප කළ යුතු යැයි පුද්ගල පනතක් ගෙන ඒම ආගම විකුණා දේශපාලනය කරන පක්ෂ වල දැඩි විවේචනයට ලක්වෙද්දී බෞද්ධ සමාජයේ මුදුන් මල් කඩක් වන් අස්ගිරි මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත නාහිමියෝ ඒ පිළිබඳ සිය මතය ඊයේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ.

භික්ෂුව පාර්ලිමේන්තුවට නොයෑ යුතු යැයිද දේශපාලන තනතුරුවලට ගොස් නින්දා අපහාස නොලැබිය යුතු යැයිද උන් වහන්සේ වදාළහ. උන් වහන්සේ මෙසේ වදාලද්දී මන්ත්‍රී භික්ෂූන් පිරිසකගේ සහාය සහිතව ආණ්ඩු පිහිටුවාගෙන සිටින 
ජනාධිපතිවරයාද ලඟ සිටීම විශේෂත්වයක් විය.

මහනායක හිමියෝ වැඩිදුරටත් මෙසේ වදාලහ.

ආණ්ඩුවට එක්වී ගමනක් නැති බව සියයට දාහක් විශ්වාස යැයි ෆොන්සේකා කියයි


සරත් ෆොන්සේකා මහතාගේ මන්ත්‍රී කණ්ඩායම ඇතුළු කණ්ඩායම රජයට ගැනීම ගැන සාකච්ඡා පැවැත්වෙන බවට පසුගිය 6 වෙනිදා සිට පැතිර යන ආරංචි වලට පිළිතුරු දෙමින් 'ආණ්ඩුවත් එක්ක එකතු වී තමාගේ ගමන යා නොහැකි බව සියයට 
දාහක් විශ්වාස' යැයි සරත් ෆොන්සේකා මහතා පැවසීය. ඒ පිළිබඳ ඔහු වැඩි දුරටත් මෙසේ කීය.

"මම රටට ආදරේ දේශපාලනඥයන් එකතු කරගෙන මේ ගමන ඉදිරියට යනවා. රටට ආදරේ ජනතාව මාත් එක්ක ඉන්න බව මං දන්නවා. ඒ ජනතාව ඉන්නකම් මට විශ්වාසයක් තියෙනව මේ ගමන සාර්ථක වෙයි කියල. නොයෙක් අය නොයෙක් කතා පතුරුවනවා මම රජයට එකතු වෙයි රජයෙන් වරප්‍රසාද ලබන්න හදනවා කියල. ඒ කටකතා පතුරුවන්නෙ මේ රජයේ ඉන්න මගේ ගමන බාල කරන්න හදන උදවියමයි. ඒත් නැතිනම් විරුද්ධ පක්ෂයේ ඉන්න සමහර දේශපාලනඥයොත් එවැනි කට කතා පතුරුවනවා. නමුත් මට වරප්‍රසාද අවශ්‍ය නැති නිසයි මම ඒ කට්ටියගෙන් අයින් වෙලා ඉන්නෙ. නැවත ඒ කට්ටිය එක්ක එකතු වෙලා මම යන ගමන යන්න බැහැ කියන එක මට සියයට 
දාහක් විශ්වාසයි."

පොදු විපක්ෂයක් ගැන කතා කරන සරත් ෆොන්සේකා මහතා තමා එජාපය සමග හෝ ජවිපෙ සමග හෝ එක්වන්නේ නැති බව මීට පෙර කී අතර එම පක්ෂවලට තමන්ගේ පක්ෂය හා එක්විය හැකි යැයි පවසා තිබිණ. ඒ පිලිබඳවද තම අදහස කී ෆොන්සේකා මහතා පැවසුවේ එම පක්ෂවල සාමාජිකයන්ට ඔවුන්ගේ පක්ෂයේ නමවත් නායකයන්වත් වැඩක් නැති බවයි. ඔවුන්ට තමන් හා රට අගාධයෙන් ගොඩ ගන්න එක්වන්නැයි ෆොන්සේකා මහතා පැවසීය. එජාපය යනු නායකයාවත් මන්ත්‍රීලා ටික දෙනාවත් පමණක් නොවන බව කී ෆොන්සේකා මෙසේද පැවසීය.

Share this article with your friends