Chitika Smowtion 468x60


Saturday, June 16, 2012

600ක් මරා දැමූ ඔහු අද ප්‍රභූවරයෙකි


තිස් වසරක් පුරා පැවති රුදුරු ත්‍රස්තවාදය නිමා වී මේ වන විට වසර 3ක් ද ගතවී හමාරය. ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ දේපළ ගණනය කළ හැකි වුවත් LTTE ත්‍රස්තවාදය නිසා ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ මෙන්ම සාමාන්‍ය ජනතාවගේ අහිමි වූ ජීවිත ගණනය කළ නොහැක.
වසර 22කට පෙර එනම් 1990 ජුනි 11 වන දින නිරායුධ පොලිස් නිලධාරීන් 600කට වැඩි පිරිසක් එක මොහොතකදී වෙඩි තබා මරා දැමීම ත්‍රස්තවාදීන්ගේ ම්ලේඡ භාවය මනාව ඔප්පු කර ඇත. ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ත්‍රස්තවාදී බීජ වැපුරූ ත්‍රස්ත නායකකාරකාදීන් අදටත් ජනතාවගේ මුදලින් සුර සැප විදී.

ගෝඨා අගමැති කරනවාට ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් එරෙහිවේ


එළඹෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී වත්මන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් කීපදෙනෙකුම ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය පළ කර ඇතැයි එම පක්ෂයේ මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
ජනාධිපතිවරයා පක්ෂයේ ජ්‍යෙෂ්ඨත්වය නොසලකා එලෙස කටයුතු කළ හොත් අනාගතයේදී අයහපත් පළ විපාක අත්විදීමට ජනාධිපතිවරයාට අනිවාර්යයෙන්ම සිදුවනු ඇතැයි ඇමතිවරුන් කීපදෙනෙකුම ජනාධිපතිවරයාගේ සමීපතම මිතුරෙකුවන මහජන බැංකු සභාපති කරුණාජීව මහතාට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා, සෝමේ ලවා පී.බී ට 'පාට්' දම්මවයි ?


ව්‍යාපාරික මහා කලාකරු සෝමරත්න දිසානායක මහතා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා හෑල්ලූවට ලක්කරමින් 'මැදමුලන චණ්ඩියෙකු' ලෙස හැසිරී ඇති බව ජ්‍යෙෂ්ඨ කලාකරුවෙකු අප වෙත පැවසීය. ජනාධිපතිවරයාට හිතවත් කලාකරුවන් පිරිසක් සහ රජයේ නිලධාරීන් කීපදෙනෙකු අතර දොළොස්වනදා පැවති සාකච්ඡාවකදී සෝමරත්න දිසානායක මහා කලාකරුවා එසේ අසංවර ලෙස කටයුතු කර ඇත.
කලාකරුවන්ට සහ ජනමාධ්‍යවේදීන්ට පොලී රහිත ණය යටතේ වාහන මිලදී ගැනීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බවට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව මත, ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට එම රැස්වීම පවත්වා ඇත. ඒ සඳහා සෝමරත්න දිසානායක, ශ්‍රියන්ත මෙන්ඩිස්, චන්න විෙජ්වර්ධන, රවීන්ද්‍ර රන්දෙණිය, ඩග්ලස් සිරිවර්ධන, සුදත් රෝහණ, සුරේෂ් අබේසේකර යන කලාකරුවන් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී ජයසුන්දර, ජනධමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී. ගනේගල, සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් විමල් රූබසිංහ යන නිලධාරීන් සහභාගි වී තිබේ.

ස්වාධින රූපවාහිනියට අපහාස කලාට ශ්‍රීලංකා මිරර් වෙතින් මිලියන 2000 ක් වන්දි ඉල්ලයි


ද්වේශ සහගතව අසත්‍යය පුවතක් පලකොට ස්වාධින රුපවාහිනියේ කිර්ති නාමයට හානි කල බව පවසමින් ස්වාධින රුපවාහිනිය විසින් වන්දි ඉල්ලා ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියට එන්තරවාසි යවා ඇත.

පසුගියදා පැවති රයිගම් ටෙලි සම්මාන උළලේදී ස්වාධින රුපවාහිනිය එහි මාධ්‍යය ආවරණය 
රු. 600,000 ක් වැනි අඩුමුදලකට සිදුකොට තිබුනේ එම සම්මාන උළලේදී ස්වාධින රූපවාහිනී සේවයේ සභාපති රොස්මන්ඩ් සේනාරත්න සඳහා සම්මානයක් වෙන් කර දීම හේතුවෙන් නිසා බව එම වෙබ් අඩවියේ පල කල ලිපියක් මගින් හෙළි කොට තිබුණි.


වර්තමාන ක්‍රිකට් කණ්ඩායමේ නටන්න පුළුවන් කව්රුත් නැහැ - සනත්


ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වශයෙන් පත්වී සිටින සනත් ජයසුරිය ඉන්දියාවේ පැවැත්වෙන රියලිටි ටි.වී තරඟයක් වන "ජලක් දික්ලා ජා" තරඟයට සහභාගී වීමට නියමිත බව මෙයට පෙර ලිපියකින් අප හෙළි කළා.

පසුගිය දා මාධ්‍යය සාකච්චාවකදී සනත් ජයසුරිය ප්‍රකාශ කර තිබුනේ වර්තමාන ක්‍රිකට් කණ්ඩායමේ නර්තනයට දක්ෂ කිසිවෙකු නොමැති බවයි. මාධ්‍ය සාකච්චාවේදී වැඩි දුර අදහස් දක්වා තිබු සනත් ජයසුරිය මාධ්‍යයට පවසා තිබුනේ මෙවැන්නකි. 

දියවඩන නිලමේට මිලියන 250ක් වන්දි ලැබෙයි!


2010 දී ධර්ම විජය පදනමේ පුවත්පත් සාකච්ඡාවක දී රන් ආලේපිත බුදු පිළිම 25 ක් අතුරුදන් කළා යයි ප්‍රචාරයක් ගෙන යාමෙන් අපහාස සිදු කිරීමේ වරදට වන්දි ඉල්ලා සිටි මහනුවර දළදා මාලිගයේ දියවඩන නිළමේ නිලංග දෑලට රුපියල් මිලියන 250 ක වන්දියක් ගෙවන ලෙස කොළඹ දිසා විනිසුරු ජී.ඒ. ධම්මික ගණේපොළ මහතා නියෝග කොට ඇත.


මෙම පුවත්පත් සාකච්චාව පිලිබඳ වැඩි දුර විස්තර පලකොට තිබුනේ දිවයින පුවත්පතේ වූ අතර ඔවුන්ද වග උත්තරකරුවෙක් ලෙස නම්කොට තිබුනත් ඔවුන් නඩුව ආරම්භයේදීම වරද පිළිගනිම හේතුවෙන් නිදහස්කොට තිබුනා.

පූජ්‍ය පක්ෂයට පාර්ලිමේන්තුව කැපද?


පාර්ලිමේන්තුවට යෑමට නුසුදුසු පුද්ගලයන් ලයිස්තුවට භික්‍ෂුන් වහන්සේලා හා සියලූම ආගමික පුජකයන් එක් කිරීම සඳහා පනතක් එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රී විජේදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙනඒමට සූදානම්වීම නිසා මේවනවිට රට තුළ ඇතිවී තිබෙන්නේ ඒ පිළිබඳව මත ගැටුමක්.

මංත්‍රීවරයා එම යෝජනාව ගෙනෑඅමට සූදානම් වන්නේ එක්සත් ජාතික පක්ෂයේ යෝජනාවක් මිස නොව එම මංත්‍රීවරයාගේ පෞද්ගලික යෝජනාවක් ලෙස බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ.

ආගමික පූජකවරයෙක් ප‍්‍රථම වතාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළේ 2001 දීය. ඒ බද්දේගම සමිත හිමියෝය. ඉන්පසු 2004 වසරේදී ජාතික හෙළ උරුමය පාර්ලිමේන්තුවට පැමිණීමේදී පාර්ලිමේන්තුව තුලදී අක්මීමන දයාරතන හිමිගේ රහස් අවයව මර්වින් සිල්වා අමාත්‍යවරයා විසින් මිරිකා ඒවාට වලට තුවාල සිදු කිරීම නිසා ඒ හිමියන්ට රෝහල් ගතවීමටද සිදුවිය.

2017 ආසියාතික යොවුන් ක්‍රීඩා උළෙල හම්බන්තොටට


2017 වසරේදී පැවැත්වීමට නියමිත තුන්වන ආසියාතික යොවුන් ක්‍රීඩා උළෙල සඳහා ලංකාවේ හම්බන්තොට තෝරාගන ඇති බව ආසියාතික ඔලිම්පික් කවුන්සිලයේ සභාපති ෂේක් අහමඩ් අල්සහා මහතා ඊයේ පැවසුවා.

ලංකාවේ සංචාරයක් සඳහා මෙහි පැමිණ සිටින ඔහුගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස ඔලිම්පික් කමිටු ශ්‍රවණාගාරයේදී පැවති ජනමාධ්‍ය හමුවකිදී ඔහු කියා සිටියේ රජය විසින් කර තිබූ ඉල්ලීම නිසා මෙම අවස්ථාව ලබා දුන් බවයි.

මෙම ක්‍රීඩා උළෙල සඳහා රටවල් 45ක් සහභාගී වන අතර ක්‍රීඩා 12ක් පැවැත්වීමට දැනට යෝජනා වී තිබෙනවා.

තුන්වන ක්‍රීඩා උලෙල පැවැත්වීම සඳහා කටාර්, උස්බෙකිස්ථානය, ඉන්දුනීසියාව, තායිලන්තය් යන රවටවල් යෝජනා ඉවත්කරගත් බැවින් ක්‍රීඩා උළෙල පැවැත්වීමේ අවස්ථාව ලංකාවට ලබාදී තිබෙනවා.

Share this article with your friends