Friday, June 22, 2012
ගල්කිස්ස වෙරළේ අක්ෂා හා කාවිංග
නිවේදකයෙක් හා නැගී එන නළුවෙකු වන කාවිංග පෙරේරා හා නිළියක් හා නිරූපිකාවක් වන අක්ෂා සුදාරි ගේ හාද කම දැන් බොහෝ අයට රහසක් නොවේ.
මාධ්‍යය හමුවේ අක්ෂා විසින් කොතෙකුත් එවන් දෙයක් නැති යන්න පැවසුවද තිරයෙද කාවිංග ගෙන් වෙන් විය.
පසුගියදා කාවිංග හා අක්ෂා මෙසේ එක්ව සිටිනු දක්නට ලැබුනේ ගල්කිස්ස වෙරල තිරයේ පැවැත්වූ උපන්දින සාදයකට සහභාගී වූ අවස්ථාවකදීය.
ශනි නිවෘත වීම සමග රටේ පෙරලියක්

මැයි 16 වෙනිදා තුලාවෙන් කන්‍යාවට වක්‍ර ගමනක යෙදුන ශනි ජුනි 25 වන සඳුදා පස්වරු 1:32 ට නිවෘත වේ.එනම් පසුපසට යන ගමන නතරකොට ඉදිරියට ගමන් කිරීමයි.මෙසේ ශනිගේ වෙනස් වීම මේ වකවානුවේ සෙසු ග්‍රහයන්ගේ පිහිටීමේ පීඩනය මැද සිදුවන්නක් නිසා අහිතකර තත්වයක් ඇතිවීමට ඉඩකඩ ඇත.
ශනිගේ නපුරු ගති පැවතුම් එලෙස වුවත් ශානිගෙන් නොසිතු යහපත් දේවල්ද ඉදිරියේදී දක්නට ලැබේවි.බැසිල් රාජපක්ෂ කන්‍යා ලග්න හිමියෙකු වුවත් එතුමාමෙරට දේශපාලනයේ තව ඉහලට එසවෙන අතර සුසන්තිකා ජයසිංහ මහත්මියටත් මන්ත්‍රී වරමක් ඇති වන බලයක් ඇතිවේ.
කොළඹ බල්ලන්ටත් සුදු වෑන් භීතිකාව

ඒ කොළඹ නගරය අලංකාරය කිරීම මත රජය විසින් ගෙන යන වැඩ පිළිවෙලක් මත කොළඹ අයාලයේ යන බල්ලන්ද අතුරුදන් වීමට පටන් ගෙන ඇති නිසාවෙනි.
මෙයට එරෙහිව සත්ව සුබසාධන සංවිධාන කිහිපයක් රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා හමුවීමට උත්සාහ කලද එය අසාර්ථක වී ඇති බව වාර්තා වන අතර පසුගියදා ලිප්ටන් වටරවුමේදී මෙම සුනඛ පැහැරගැනීම් වලට එරෙහිව සත්ව සුබසාධන සංගම් විසින් සාමකාමී උද්ඝෝෂනයක් පවත්වනු ලැබුවා.
එහි ජායාරුප පෙළක් පහතින් බලන්න
ක්‍රිකට් අයිතිය CSN ට දුන්නාට MTV ලෙඩ අදියි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරටදී සහභාගීවන තරග විකාශය කිරීමේ අයිතිය CSN ආයතනයට පැවරීම අසාධාරණ සහ සදාචාර විරෝධී ලෙස සිදුකරන ලද්දක් බව පවසමින් අයිතිය පැවරීම වහා අවලංගු කර ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට වැඩි වාසියක් හිමිවන අයුරින් ඊට යළි මිල ගණන් කැඳවන ලෙස MTV ආයතනය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබෙනවා.ඉදිරි වසර තුනේදී ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සත්තාරකත්වය දරණ මෙරටදී පැවැත්වෙන ජාත්‍යන්තර තරගවල දේශීය රූපවාහිනී අයිතිය CSN නාලිකාවට පැවරිමට ගත් එම තීරණය අභියෝගයට ලක් කරමින් MTV ආයතනය පසුගිය මැයි 22 වැනිදා ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපතිවරයාට ලිපියකින් දැන්වූ අතර එයට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ජයසේකර මහතා ජුනි 7 වැනිදා එවූ පිලිතුරු ලිපියයේ සඳහන් වන්නේ අදාළ රූපවාහිනී විකාශන අයිතිය හිමිකර ගැනීම සදහා අයදුම් කරන ලෙස පුවත්පත් දැන්වීම් මගින් දැනුවත් කිරිමක් කළ බවය.
Thursday, June 21, 2012
මෛතී‍්‍ර පෙරළා පහරදීමට සැරසෙයි
රංජිත් බණ්ඩාර දැනටමත් මුදල් ඇමති වෙලා !
විදේශීය නාට්‍යය වල බදු සේරම රන්මිණි තැන්නට
විදේශීය ටෙලිනාට්‍ය මෙරට නාලිකාවල විකාශය කරන්නේනම් ඒවාට බදු ගෙවිය යුතු බව රජය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු පසුගිය අප්‍රේල් 30 වනදා වනවිට ලබාගන තිබෙන මුළු ආදායම රූපියල් හැත්තෑ අට කෝටි අසූපන් ලක්ෂයක් හෙවත් රු. මිලියන 789.5 මුදලම රජය විසින් යොදවා තිබෙන්නේ රන්මිනිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානයේ නඩත්තුව හා අනෙකුත් ඉදිකිරීම් සඳහා බව පැවසෙනවා.මේ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (20) පාලිමේන්තුවේදී ප්‍රකාශ කළේ දයාසිරි ජයසේකර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
කතරගම දේවාලය AC කරන්න බන්දුලගෙන් බාරයක්
ලේක හවුස් ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාරගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ එහි විශේෂ රැස්වීමක් පවත්වා ඇති බව වාර්තා වෙනවා.මීට කළමනාකරන ශ්‍රේණියේ හා ඊට ඉහළ නිළධාරීන් සහභාගී වී ඇති බව පැවසෙන අතර එහිදී සභාපතිවරයා පවසා ඇත්තේ
"මම මීට මාස කිහිපයකට පෙර කතරගම දේවාලයට ගිහින් බාර කිහිපයක් වුණා. එකක් මගේ පෞද්ගලික එකක්. අනෙක ලේක් හවුස් එකේ තිබෙන කරදරකාරී තත්ත්වය නැති කරන්න කියලා හිතාගත්ත එකක්.
Subscribe to:
Posts (Atom)
