Sunday, June 24, 2012
රජය 'රණවිරුවන්ටත්' පොලූ තියලා ?
රාජපක්ෂ පුතුන්ට රේස් පැදීමට තේ වත්තක් පවරයි ?
මෙම ධාවන පථය ඉදි කිරීමට වෙන් කර ඇති භූමියට තේ වගාවක්, බංගලා කීපයක් හා වැවක්ද අයත්වේ. මෙම ධාවන පථයේ සියලූ ඉදිකිරීම් කටයුතු යුද හමුදාව වෙත පවරා ඇති අතර මේ වනවිට යුද හමුදාව විසින් එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබේ. මෙම ව්‍යාපෘතියට යන සියලූ වියදම් මහජන මුදලින් වැය කිරීමට තීරණය කර ඇත.
අමරේ උසාවියට ගෙන ගියේ කාල්ටන් එකේ ඉදලා ?
''ජුලම්පිටිය අමරේ කියන්නේ මැදමුලනයේ රාජපක්ෂවරුන්ගේ රැකවරණ ලබාගෙන කටයුතු කරන පුද්ගලයෙක්. ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයේ නමගිය අපරාධකාරයෙක් ඔහු කිපවරක් පෞද්ගලිකව මටත් තර්ජනය කර තියෙනවා. මිනී මැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ රැසක්ම කරලා තියනවා කියලා හම්බන්තොට දිස්ත්‍රික්කයේ හැමෝම දන්නවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් 'බූරුවා' සූදුවේ
ජෙෆ් මාෂ් මහතාගේ සේවයට අදාළ ගිවිසුම් කාලය නිමාවීමට පෙර ඔහුගේ සේවය අත්හිටුවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහු විසින් මෙම වන්දි මුදල ඉල්ලා ඇත. ඔහු නීතිඥයකු මාර්ගයෙන් එවූ ලිපියේ සඳහන්ව ඇත්තේ තමන් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළඹි ගිවිසුමට පිටුපාමින් කිසිදු දැනුම් දීමකින් තොරව එලෙස සේවයෙන් පහ කිරීම නීත්‍යානුකූල නොවන බවයි.
සනත් නියෝජ්‍ය ඇමතිකම එපා කියයි

ජනතාවට වඩිපුර සේවය කිරීම සඳහා නියෝජ්‍ය ඇමති ධුරයක්වත් ඇත්තේ නම් වඩාත් හොඳ බව මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් ජයසූරිය මහතා ඒ ලිපිය මගින් දන්වා යවා තිබුණි.
එළවලු රොටියේ ගෑස් පියන්

උදෑසන ආහාරයට එළවළු රොටි ඇනවුම් කල ආහාරයට ගැනීමට ගිය පසු එහි තිබී ගෑස් සිලිඩරයක පියනක් හමුවී තිබෙනවා.අප මෙම පුවත පලකෙරෙනුයේ කොළඹ නගරය ආසන්නයේ ඇති ආහාරපාන වෙළඳසල්වල පිරිසිදුතාවය පිලිබඳ අපගේ පාඨකයන්ට යලි සිහිගන්විම සඳහාය.
එහි ජායාරූප පහතින් බලන්න
සංගක්කාරගේ ද්විත්ව ශතකය අහිමි කලේ ගාලු ලකුණු පුවරුවද?

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉණිමට ලබාගත් ලකුණු 472ට පිළිතුරු වශයෙනි.ඊයේ දිනයේ කුමාර් සංගක්කාර ටෙස්ට් ක්‍රිකට් දිවියේ 9 වැනි ද්විත්ව ශතකය ලබා ගැනීමට ලකුණු හඹා ගියත් ඔහුට එය සම්පුර්ණ කරගැනීමට නොහැකි වී 29 වන ශතකයෙන් පමණක් සැනසීමට සිදු වුයේ ඔහු එක් අන්තයක සිටියදි කණ්ඩායමේ සියලු පිතිකරුවන් දැවීයාම හේතුවෙනි.
සංගක්කාර ලකුණු 199 ක් තිබියදී පිටියෙන් ඉවත්වීමට සිදුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් කම්පා කල සිදුවීමක් විය.මෙම සිදුවීම පිටුපස ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ලකුණු පුවරුවේ දෝෂයක්ද හේතු වී ඇති බව දැනගන්නට ලැබී ඇත.
උදාරි සිංගප්පුරුවේ ගතකරන ජීවිතය (ඡායාරූප)

එහිදී ගත කරන ජීවිතය පිලිබඳ උදාරි "සඳැල්ල" ටැබ්ලොයිඩ් පුවත්පතට අදහස් දක්වා තිබුනේ මෙලෙසින්
ඉතින් උදාරි කොහොමද ?
අනේ ගොඩක් හොඳයි අයියේ..ජිවිතේ මල් යහනාවක් කියල මටනම් හිතෙන්නේ.ඇත්තටම අයියේ මට සුජිත් හම්බවෙන්න ඇත්තේ පෙර පිනකට වෙන්න ඇති.පුදුම හොඳ සැමියෙක්.මම මෙහෙට ආවේ පහුගිය පෙබරවාරි 4 වෙනිදා.ඒ කියන්නේ අපේ රටට නිදහස ලැබුන දවසෙයි.මම ආව එකෙන් ඔයාලටත් ගොඩක් නිදහස් ඇති නේද?
Subscribe to:
Posts (Atom)