15 වැනි ආසියානි කනිෂ්ඨ මලල ක්‍රීඩා උලෙල අවසන් වුවද එහි පසු කතා තවමත් තැන තැන ඇසෙමින් තිබේ. මෙම සිදුවීමද එවන් කතාවකි. ක්‍රීඩාවේ සැබෑ ගුණය මතුවන මෙම සිදුවීම ඇසින් දුටු කිහිප දෙනෙක් එය මාධ්‍ය වල පල නොවුනේ ඇයි දැයි විමතියෙන් කතා කලේය.පසුගිය දින සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති 15 වැනි ආසියානු කනිෂ්ඨ උලෙලේදී මීටර් 10,000 ඇවිදීමේ තරඟය ආරම්භ විය. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන්ද තරඟ කරුවන් සහභාගී වී සිටියේය. මේ අතරින් පාවහන් යුගලක් නොමැතිව තරඟයට සහභාගී වි සිටියේ ශ්‍රීලංකාවේ ක්‍රීඩකයෙකු පමණි. තරඟය ආරම්භවී වට ගනනාවක් යනවිට පාවහන් නොමැතිව තරඟ වැදුන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා හා තවත් කීප දෙනෙකු පසුබසිනු දක්නට ලැබුණි.

