රට පුරා සිටින වරෙන්තුකරුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා විසින් පලාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පසුගිය කාලයේ උපදෙස් දී තිබුණි. ඒ අනුව සියළුම වරෙන්තු හා නොතීසි ලබන සැප්තැම්බර් 01 දිනට පෙර ක්‍රියාත්මක කර අවසන් කරන ලෙස එම නියෝගයේ සඳහන් විය.
ඒ අනුව පසුගිය ජූනි 20 දින සිට 30 දා දක්වා වූ දින 10ක කාලය තුළ පලාත් 8ක කරන ලද මෙහෙයුම් වලදී වරෙන්තු කරුවන් 2,814ක් අත් අඩංගුවට ගෙන ඇත.
දකුණු පලාතේ තංගල්ල, ගාල්ල, ඇල්පිටිය, මාතර කොට්ඨාශ වලින් වරෙන්තුකරුවන් 550 දෙනෙකුද, වයඹ පලාතේ කුරුණෑගල, කුලියාපිටිය, නිකවැරටිය, පුත්තලම හා හලාවත කොට්ඨාශ වලින් 466 දෙනෙකුද,
මැද පෙරදිග සේවයට යන ශ්‍රීලාංකිකයින් හට විවිධ දුෂ්කරතා වලට මෙන්ම අඩන්තේට්ටම් වලට මුහුණ දීමට සිදුවන බවත් බලධාරීන් විසින් ඒ සඳහා සුදුසු විසඳුම් ලබා නොදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමණායක මහතා පවසනවා.
ඔහු ඒ සම්බඳයෙන් ලියූ ලිපියක සඳහන් වන්නේ ශ්‍රමිකයන් හට තමන්ට කැමති ආගමික නායකයෙකුට වන්දනාමාන කිරීමට පවා අවස්ථාව නොලැබෙන අතර එසේ කලහොත් ඊට විරුද්ධව දැඩි නීති ක්‍රියාත්මක කරන බවයි.
රන්ජන් රාමණායක මහතා ඒ පිළිබඳව සඳහන් කරමින් ලියූ ලිපිය පහතින්.
පසුගිය දිනෙක සෞදි අරාබියේදී ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිලිරුවකට වන්දනාමාන කිරීමේදී, ෂරියා නීතියට අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයකු අත් අඩංගුවට ගෙන ඇත.
බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ වරදට සැක කරුවකු වූ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති එස් එල් සුනිල් නැමැත්තා පසුගියදා මාතර පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දූෂණයට ලක්වී තිබෙන්නේ වයස අවුරුදු 14 ක දැරියක්. පසුගිය මස 23 දිනත් 30 දිනත් අතර දී පැහරගෙන ගොස් මාතර අකුරැස්ස ප්‍රදේශයේ ලැගුම් හලකදී මෙම දැරියව දූෂණය කර ඇති බවට මාතර විශේෂ පොලිස් කණ්ඩායම විසින් සොයාගෙන තිබෙනවා.
දැරියගේ ප්‍රකාශයක් අනුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ තවත් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.
පසුගියදා හිරු ටි.වී ඔස්සේ විකාශය කල "උත්තරීතර සරච්චන්ද්‍ර" නම් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පිලිබඳ සිදු කල වැඩසටහන මගින් "මනමේ" සහ "සිංහබාහු" නාට්‍යයවල ගීත විකෘති කරමින් ඉදිරිපත් කිරීමට විරෝධය පා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ බිරිඳ වන ලලිතාසරච්චන්ද්‍ර මහත්මිය විසින් එම වැඩසටහන විකාශය කල හිරු ටි.වී නාලිකාව වෙතින් මිලියන 300 ක් වන්දි ඉල්ලා එන්තරවාසි යවා ඇත.
මේ ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය ඒ පිලිබඳ වැඩි දුරටත් කරන හෙළිදරව්වකි.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 'මනමේ' සහ සිංහබාහු නාට්‍ය වල ගීත විකෘති කරමින් ඉදිරිපත් කල වැඩසටහනකට විරුද්ධව ලක්ෂ 300ක වන්දි ඉල්ලමින් ඔබ රුපවාහිනි නාලිකාවකට එන්තරවාසියක් නිකුත් කල බව දැනගන්න ලැබෙනවා. මොකද්ද මේ සිදුවීම ?
දෙවසරකට වැඩි කාලයක් අනුරාධපුර ශ්‍රාවස්තිපුරය හොල්ලාගෙන සිටි ‘මුංගුලියා‘ (25) අලියා පසුගියදා නිර්වින්දනය කර අල්ලා ඈත කැලෑවකට වනජීවී නිලධාරීන් විසින් රැගෙන ගියහ.
මුංගුලියා අතින් කතුන් තිදෙනකු ඇතුළු හත්දෙනෙක් මරුමුවට පත්වූහ. වනජිවි නියෝජ්‍ය අධ්‍යක්ෂ දොස්තර තාරක ප්‍රසාද් ගජදීර හා වයඹ වනජිවි කලාප බාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ
මුංගුලියා අල්ලා ගත් මෙහෙයුමේ ජායාරුප එකතුවක් පහතින් බලන්න.
ජායාරුප : පසිඳු විජයංග
ශ්‍රී ලංකාවට ඇද හැළුණු වැසි කිහිපයකට අම්ල වැසි වල පූර්ව තත්වයන් පෙන්නුම් කරන ලක්ෂණ දක්නට ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශය සිදුකළ පරීක්ෂණයකින් සනාථ වී ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකාවට අම්ල වැසි වැටීමේ අවදානමක් මතුවිය හැකි බවත් පසුගිය කාලයේ දී ඉවක් බවක් නොමැතිව වාහන ගෙන්වීම එයට හේතුවක් වී ඇති බව පරීක්ෂණයෙන් තහවුරු වූ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලා.
දේශපාලන වේදිකාවේ ආන්දෝලනාත්මක චරිතයක් වූ මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ පුතු වන මාලක සිල්වා ද කලක් පුවත් මවන චරිතයක් බවට පත්ව සිටියේය.
රාත්‍රී සමාජ ශාලාවල පහරදීම් වලට, මත්ද්‍රව්‍යය බෙදාහැරීම් වලට ඔහු චෝදනා ලබා සිටින බව අප විසින් මෙයට පෙර හෙළිකරන ලදී. පහතින් දැක්වෙන්නේ මාලක සිල්වා මව්බිම "යංග්" අතිරේකයට ලබා දුන් සාකච්චාවකි.
තාත්තගේ නම?
මර්වින් සිල්වා
ඔබේ සම්පුර්ණ නම?
මාලක සිල්වා
වයස?වැඩක් නැහැනේ..ඔයා එහෙම ලියන්න..
ඉස්කෝලේ?
කොච්චිකඩේ පොලිස් වසමට අයත් ඕවිටිවත්ත ප්‍රදේශයේ පසුගියදා (1) පැවැති ජීප් රථ ධාවන තරගයකදී ඇතිවූ හදිසි අනතුරකින් නරඹන්නන් දෙදෙනකු මරණයට පත්වූ අතර බරපතළ තුවාල ලැබූ අයෙකු මිගමුව රෝහලට ඇතුලත් කෙරිණි.
තරඟයේ ස්වභාවය අනුව බාධා සහිත ධාවන පථයක තරගකරුවන් ධාවනය කල යුතු අතර එක් තරඟකරුවෙකුට ධාවන පථයේ වටයක් සම්පුර්ණ කිරීම සඳහා ලැබෙනුයේ විනාඩි 20 ක කාලයකි.එසේ නොමැති තරඟකරුවන් ජීප් රථයද සමග තරඟයෙන් ඉවත් කරනු ලැබේ.