Chitika Smowtion 468x60


Monday, July 9, 2012

ඒ නිළියක් නෙවෙයි සර්..ඩමියක්


අපේ පත්තරකලාවේදීන් දෙදෙ‍නෙක් පසුගියදා මිනුවන්ගොඩ පැත්තේ තිබුණ දර්ශන තලයකට ගියා. ඒ ගියේ එදින එතැන රූගත කරමින් තිබූ ටෙලි නාට්‍ය යකට සම්බන්ධ නළු නිළියන් හමුවෙන්න. තමන් ගිය රාජකාරිය කරගෙන යන අතරේ ‍නාට්‍ය ක කණ්ඩායමේ හිටපු නිෂ්පාදන අංශයේ පුද්ගලයෙකුත් පත්තරකලාවේදීන් සමග කතාවට වැටුණා.මේ කතාව බොහෝම සමීපව රහසිගතව කෙරෙන කතාබහක් බවට පත් වෙන්න වැඩි වේලාවක් ගියේ නැහැ.


 ''මහත්තයා දන්නවද කාරණාවක්...මහේෂිකා (ඉතා ජනප්‍රිය නිළියක් සදහා යෙදූ අන්වර්ථ නාමයකි) නිවාඩු හැම වේලාවකම එනවනේ ......හෝටලේට."


''ඒ මොකටද?"


''මොකටද අහන්නේ..දන්නැද්ද..පාට් ටයිම් කීයක් හරි හොයා ගන්ඩනේ"


''වෙන්ඩ බෑ..එයා හරි හොද කෙනෙක්නේ..කසාදත් බැදලනේ ඉන්නේ" පත්තරකලාවේදීන් පැවසුවා.


''හරි..සර්ට විස්වාස නැහැනේ..ඔහොම ඉන්ඩ..මම දැන් කතා කරලා සර්ට බඩුයි හොරුයි දෙකම අල්ලලා දෙන්නම්." එහෙම කියලා  එයාගේ මොබයිලයෙන් කාටද කතා කළා.



සරත් ෆොන්සේකා නඩුව කල්යයි


හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා විසින් තම ජෙනරාල් ධුරය අහිමි කිරීම සිදුකරන ලද පළවෙනි යුද්ධාධිකරණයට එරෙහිව අභියාචනාධිකරණයේ විභාග වන නඩුව ඔක්තෝබර් 02 දින පස්වරු 1.30 කල් තැබීමට විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය 09 නියෝග කළාය.
හමුදා නිලධාරියකු වශයෙන් සේවයේ යෙදී සිටියදී දේශපාලන කටයුතුවල නිරතවීම හේතු කොටගෙන පළමු ‍යුද්ධාධිකරණය මගින් වරදකරු කරමින් සරත් ෆොන්සේකා මහතාගේ ජෙනරාල් ධුරය අහෝසි කෙරුණි. මෙහි වගඋත්තරකරුවන් ලෙස යුද හමුදාපති ඇතුළු පළමු යුද්ධාධිකරණයේ විනිසුරු මඩුල්ල නම් කර ඇත.

ඇයත් නිළියක් වගේමයි...ඒත් ගණිකාවක්


කාන්තාවක් තනිව පාවිච්චි කළ මෝටර් රියක් මිලට ගැනීම කැලුම්ගේ අරමුණ විය. ඒ පිරිමින්ට වඩා හොදින් කාන්තාවන් ඔවුන්ට අයත් මෝටර් රථ නඩත්තු කරන බැවින්ය.
තමන්ගේ අවශ්‍යතාව කැලුම් විසින් ඔහුගේ මිතුරන්ටද පවසා තිබුණේ කොහෙන් හරි හොද හෝඩුවාවක් ලැබෙනු ඇතැයි යන විශ්වාසයෙනි. කැලුම් බලාපොරොත්තු වූ පරිදිම දිනක් මිතුරකුගෙන් ඇමතුමක් ලැබිණ. වත්තල ප්‍රදේශයේ තමන් දන්නා හදුනන කාන්තාවක් ඇයගේ මෝටර් රථය විකුණන බලාපොරොත්තුවෙන් සිටින බව මිතුරා පැවැසුවේ එම රථය පරීක්ෂා කිරීම සදහා යාමයට දිනයක්ද කාන්තාවගෙන් ලබාගත් බව කියමිනි.


කතා කරගත් පරිදි කැලුම් සිය මිතුරාද සමග වත්තල ප්‍රදේශයේ කාන්තාව පදිංචි වී සිටින ස්ථානය වෙත සෙනසුරාදා දවසක ගියහ. හුනුපිටිය පාරේ ගොස් වමට හැරී ඇතුළට ගමන්ගත් විට විශාල වත්තක් මැද පිහිටි තට්ටු දෙකේ පරණ නිවසක් දෙදෙනාටම දකින්නට ලැබිණ.



ඉන්දියානු රියැලිටි තරඟයෙන් සනත් ඉවතට!


ඉන්දියාවේ පැවැත්වෙන රියලිටි ටි.වී තරඟයක් වන "ජලක් දික්ලා ජා" තරඟයට සහභාගී වී සිටි සනත් ජයසූරියට ඊයේ පැවති තරඟයෙන් ඉවත්වීමට සිදුවුණා.

සනත්ගේ පළමු නර්තනයට එම තරඟයේ විනිශ්ච මණ්ඩලය විසින් ඉහල ප්‍රතිචාරයක් ලැබුන අතර ලකුණු 30 කින් 27 ක් ලබා ගැනීමට සනත් හා ඔහුගේ නර්තන සහයිකාව වන සුචිත්‍රා ට හැකිවුනා.


ඉන් පසුව එම තරඟයේ සනත්ගේ දෙවන නර්තනය බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක ජනප්‍රිය ගීත වලට අනුව පසුගිය (ජූනි 24) වනදා ඉදිරිපත් කල අතර එයට විනිශ්ච මණ්ඩලයේ හොඳ ප්‍රතිචාරයක් හිමිව තිබුනේ ලකුණු 24 ක් ලබා ගනිමින්.

ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරියා මරා දමයි


කන්තලේ,මොල්ලිපතාන ප්‍රදේශයේ ඩෙංගු පරික්ෂාවට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට ගෙහිමියා විසින් එල්ල කරන ලද මෝල්ගස් පහරක් හේතුවෙන් සෞඛ්‍ය පරීක්ෂකවරයා එම ස්ථානයේදීම මරුමුවට පත් වී ඇත. 09 දහවල් 11ට පමණ ඩෙංගු පරීක්ෂා කිරීම පිණිස නිලධාරීන් කණ්ඩායමක් මොල්ලිපතාන ප්‍රදේශයට ගොස් තිබේ. සිද්ධියට අදාළ නිවස වෙත පැමිණි පිරිස ගෙවත්ත පරික්ෂා කරන අතරතුර මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. පලීල් මහතා නිවසේ හිමිකරුවා කැදවා උපදෙස් දෙන්නට පියවර ගෙන ඇත. මෙම අවස්ථාවේදී කෝපයට පත් ගෙහිමියා එක්වරම නුදුරේ තිබූ මොල්ගස ගෙන පලීල් මහතාගේ හිස මතටම එල්ල කර ඇතැයි වාර්තා වේ.

ගල්විහාරයේ සැතපෙන පිළිමයේ දිවාකල නොදුටු ආශ්චර්යය


පොළොන්නරුව පුද බිමේ ගල් විහාරහි ඇති සැතපෙන බුදු පිළිමය ශ්‍රී ලංකා වාසීන්ට දැකගන්න ලැබෙනුයේ දහවල් කාලයේදීය. නමුත් දහවල් කාලයේදී වැටෙන ඉර එලිය හේතුවෙන් එහි ඇති සැබෑ නිර්මාන්ත්මක කෞශල්‍යය නොපෙනන බව කිර්ති අමරසේකර මහතා පසක් කොට ඇත්තේ ඔහු විසින් ගන්න ලද ජායාරුපයකිනි 

ඒ මහතා කැලණිය ඡායාරූප කලා සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී සංවිධානය කල රාත්‍රී ඡායාරූප වැඩමුළුවක්‌අතරතුර ගත් ජයාරුපයකින් දිවා කාලයේ හා රාත්‍රී කාලයේ පිළිමය දර්ශනය වන ආකාරය පහතින් බලන්න 

හෂිනි ගෝනගලගේ "Mayfair Salon" විවෘත කල දා


සිරස ඩාන්සින් ස්ටාර් හි දුෂ්යන්ත් වීරමන්ගේ නර්තන සහකාරිය වූ හෂිනි ගෝනගල පසුගියදා Mayfair Salon නමින් තමන්ගේම බියුටි සැලෝනයක් විවෘත කරනු ලැබුවා.

එම අවස්ථාවට පවුලේ උදවිය හිතවතුන් හා දුෂ්‍යන්ත් සහභාගී වී සිටිනු දක්නට ලැබූ අතර එම අවස්ථාවේ ජයාරූප එකතුවක් පහතින් බලන්න. 

 Pix By Gamini Chamara Digital Eye Studio




Sunday, July 8, 2012

නදීශා ඇඳුම් ඇඳීම ප්‍රතික්ෂේප කරයි ?


නිෂ්පාදන කළමනාකරු ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි - නදීෂා

නදීශා ඉවත්වීම ටෙලි නාට්‍යයේ ඉදිරි රූගත කිරීම්වලට විශාල බලපෑමක්‌ ඇති කරන්නේ නැහැ - අධ්‍යක්ෂක 

රංගන ශිල්පිනී නදීෂා හේමමාලි විසින් නිශ්පාදන කණ්ඩායම සමඟ ගැටුමක් ඇතිකරගැනීම හේතුවෙන් මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශණය වන ආදරියේ ටෙලිනාට්‍යයේ ඉදිරි කටයුතු අඩාල වී ඇති බව වාර්තා වනවා.

මුලදී ටෙලිනාට්‍යය සඳහා දිනකට රු.6,000 ක මුදලකට එකඟ වී ඇති ඇය නිශ්පාදන කටයුතු අතර මගදී එම මුදල වැඩි කරන ලෙස කල බලවත් ඉල්ලීම හමුවේ එම මුදල රු.8,000 තෙක් ඉහල දැමීමට නිශ්පාදන කණ්ඩායම කටයුතු යොදා තිබියදී අලුත් ඇඳුම් ගැනීමට යයි පවසමින් නැවතත් රු.15,000 ක මුදලක් ඉල්ලා ඇතත් නිශ්පාදන කණ්ඩායම විසින් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Share this article with your friends