Chitika Smowtion 468x60


Wednesday, July 18, 2012

සෞදි ක්‍රීඩිකාවන් සිය ප්‍රථම ඔලිම්පික් සඳහා පුහුණුවේ


මෙම වසරේ දී ලන්ඩන් නුවර පැවැත්වීමට යන ඔලිම්පික් තරඟ සඳහා සෞදි අරාබිය ද ක්‍රීඩිකාවන් දෙදෙනකු සහභාගි කරවීමට සූදානම් යැයි අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කරනවා.

මෙසේ පලමු වරට සෞදි අරාබිය වෙනුවෙන් කාන්තා නියෝජනයක් කරමින් තරඟ කිරීමට සූදානමින් සිටින්නේ සාරා අත්තාර් සහ වුජාන් අලි සේරජ් අබ්දුල් රහීම් ෂර්කානි යන ක්‍රීඩිකාවන් දෙදෙනායි. සාරා මීටර් 800 සහ වුජාන් ජුඩෝ තරඟ ඉසව් වලින් තරඟ වැදීමට නියමිතයි.

සෞදි කාන්තාවට ක්‍රීඩා කිරීමට වූ තහනම් නීතිය පසුගිය මාසයේදී එරට රජය විසින් ඉවත් කර තිබීම හේතුවෙන් මෙලෙස මොවුන්ගේ දක්ෂතා එළි දැක්වීමට හැකි වී තිබෙනවා. එහෙත් එරට ආගමික සංවිධාන විසින් මෙම තීරණයට දැඩි ලෙස විරෝධයක් දක්වන බවයි වාර්තා වන්නේ.

හිරුණිකාගෙන් "ප්‍රේමය හා රාගය" !


මුල්ලේරියාවේදී සිදුවූ වෙඩි තැබීමකින් මිය ගිය භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය පසුගිය කාලයේ පුවත් මවන චරිතයක් බවට පත්ව තිබුනා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පියසේන ගමගේ අමාත්‍යවරයාගේ පුත් රන්දිම ගමගේ සමග පෙම් සබඳතාවයක් පැවැත්වූ අතර පසුගියකාලයේ ඇය පුවත්පතකට පවසා තිබුනේ එම සම්බන්ධය අවසන් බවයි.

ප්‍රේමය හා රාගය ගැන පුවත්පතකට ලබාදුන් හිරුණිකාගේ අදහස් පහතින් බලන්න

ප්‍රේමය ගැන මොකද හිතෙන්නේ?
ප්‍රේමය බොහොම සුන්දර දෙයක්.මමත් ඒ සුන්දරත්වය හොදින් විඳලා තියෙනවා.

දැන් ඒ සුන්දරත්වය විදින්නේ නැද්ද?

ඔබ පුල පුලා බලාසිටි හම්බන්තොට නයිට් මාකට් !

රාත්‍රී 09 සිට අළුයම 04 දක්වා පැවැත්වෙන රාත්‍රී වෙළඳපොළක් (Night Market) හම්බන්තොට පිහිටුවීමට මංත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැරසෙනවා

මෙම රාත්‍රී වෙළඳපොළට දෙස් විදෙස් වෙළඳුන් 1000ක් පමණ ගෙන්වා ගැනීමට සූදානම් බව පැවසෙන අතර මෙය සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය වැනි රටවල ක්‍රියාත්මක වන චයිනා ටවුන් (China Town) රාත්‍රී වෙළඳපොලට සමානව පවත්වාගන යාමට අදහස් කෙරෙන බවයි ඔහු පවසා තිබෙන්නේ.


මීට පෙර සතොස රාත්‍රී කාලයේදීත් විවෘත කර තැබීම නිසා කෝටි ගනනක විශාල පාඩුවක් ලැබුවේ රාත්‍රී 9න් පසුව වැඩ ඇරී ගෙදර යාමට බස් රථයක් පාරක දක්නට නොමැති තත්ත්වයක සතොසෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයන් නොපැමිනි නිසාය.

බසයේ හැපුණු මරික්කාර් !

සිරස එෆ් එම් ප්‍රධානී ලෙස කටයුතු කරන එස්.එම් මරික්කාර් විසින් බීමතින් රිය පැදවීම නිසා ඔහුගේ ජීප් රිය පෙරේදා රත්‍රී බස් රථයක හැපී තිබෙන බව වාර්තා වනවා.

150 මාර්ගයේ ගමන් ගත් බස් රථයක හැපීමෙන් සිදුවූ එම අනතුරේදී බස් රථයට මෙන්ම ඔහුගේ ජීප් රියටද දැඩි අලාභානි සිදුවී තිබෙනවා.



Tuesday, July 17, 2012

මොබයිලය කනේ ගසා‍‍‍ගෙන දුම්රියකට යට වෙන්න යයි


දූම්රිය රියදුරෙකුගේ විමසිලිමත්භාවය හේතුවෙන් තරුණියකගේ දිවි ගලවා ගැනීමට හැකි වීමේ පුවතක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අසන්නට ලැබේ. 
පසුගිය සෙනසුරාදා (14) පෙරවරුවේ නුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රිය කොටුව දුම්රිය ස්ථානයට ළගා වීමෙන් අනතුරුව රියදුරා එහි එන්ජිම මාරු කිරීමේ කටයුතුවල නිරතවී ඇත. එම දුම්රිය නුවර සිට කොළඹට ගෙන ආ එන්ජිම ගලවා ඉවත්කර වෙනත් එන්ජිමක් සවි කරගෙන මාතර බලා ධාවනය කරවීම මෙහිදී සිදු කෙරේ.
දුම්රියට එන්ජිම සවිකිරීම සදහා එහි රියදුරු දුම්රිය එන්ජිම පදවා ගෙන එමින් සිටියදී දුම්රිය මාර්ගයේ ජංගම දුරකථනයක් කනේ ගසාගෙන එමින් සිටි තරුණියක් දුම්රිය රියදුරුගේ ඇස් ගැටී ඇත.

වාර්ෂික ගිවිසුමේ ගැටලුව නිමවන තෙක් SLPL ක්‍රීඩා කරන්නේ නැහැ - මහේල


2012 එස්. එල්. පී. එල්. තරගාවලිය හඳුන්වාදීමේ ප‍්‍රධාන මාධ්‍ය සාකච්චාව ඊයේ (16 වැනිදා) පස්වරුවේ පැවති අතර එහිදී මාධ්‍යය අමතා අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ඇති ගැටලුව නිම වන තෙක් ඔවුන් එස්. එල්. පී. එල්. තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා නොකරන බවය.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සහ කි‍්‍රකට් කී‍්‍රඩකයන් අතර ඇතිකරගනු ලබන ‘වාර්ෂික’ ගිවිසුම සාමාන්‍යයෙන් අත්සන් කරනු ලබන්නේ අපේ‍්‍රල් මාසයේදීය.එහෙත් මෙවර ලසිත් මාලිංග තමාට 
ලැබිය යුතු වැටුප වැඩි විය යුතු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටි අතර අනෙක් ක්‍රීඩකයන්ද ගිවිසුම අත්සන් කිරීමට ප්‍රථම සිය වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ඇත. 

ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර එකගතාවක් නොමැති වීමෙන් වාර්ෂික ගිවිසුමට අත්සන් තැබීම දිනෙන් දින කල් දමා ඇත.වාර්තාවන ආකාරයට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සම්පූර්ණ ආදායමෙන් 25% ක ප‍්‍රමාණයක් කී‍්‍රඩකයන් විසින් ඉල්ලුම්කොට ඇත.


කෙල්ලො දැක්කම බලහත්කාරකම් කරන්න හිතෙනවා !


අපේ කට්ටිය නොපෙනන දේවල් උස්සලා පෙන්නගෙන යනවා !

මේ දිනවල දිගින් දිගටම ඇසෙන්නට ඇත්තේ අපචාර සිදුවීම්ය.අපචාර වලට නොයෙක් දෙනා විවිධ හේතුන් හෙළි කරද්දී දේශපාලන වේදිකාවේද මෙය උණුසුම් මාතෘකාවක් බවට පත්වි 
ඇත.

විපක්ෂයේ මැති ඇමතිවරුන් කියා මෙම සිදුවීම් ආණ්ඩුවේ ගිණුමට බැර කරන අතරේ මර්වින් සිල්වා පසුගියදා අපචාර ක්‍රියා වැඩි වීම හා එයට පෙලඹවීමට හේතුව පැහැදිලි කරමින් අපුරු කතාවක් සිදු කළේය.

මර්වින් ගේ කතාව
 හා වීඩියෝව බලන්න පහතින් 

රට විජයග‍්‍රහණය කළ හැකි ක‍්‍රමයක් ජනපති පහදයි.

ජාතීන් අතර සමානාත්මතාව වර්ධනය කිරීම තුළින් රට විජයග‍්‍රහණය කරා ගෙන යා හැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. සමාජ ඒකාබද්ධතා සතියෙහි සමාරම්භක උළෙලට අරලිය ගහ මන්දිරයේ දී ඊයේ (16) එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ. මෙහිදී ජනාධිපතිවරයා අතින් සමාජ ඒකාබද්ධතා ප‍්‍රතිපත්ති රාමුව, සමාජ ඒකාබද්ධතා තේමාව සහ ලාංඡුනය එළිදැක්වීම ද සිදුකෙරුණා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. 

Share this article with your friends