සමහර කතන්දර වල ඇත්තක් නැතුවම නෙවෙයි.!
පසුගිය කාලයේ ඇමතිවරයෙකු හා සම්බන්ධව ඉමහත් කතාබහට ලක්වූ නයනා කුමාරි පසුගියදා පුවත්පතක් සමඟ ඒ පිළිබඳව අදහස් දක්වා තිබුණා
විවිධ අරමුණු ඔස්සේ හඹා යෑමෙන් නළු නිළියන්ට කතාන්දර හැදෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ නේද?
සමහර කතන්දර වල ඇත්තක් නැතුවම නෙවෙයි. ඒත් වැඩි හරියක් මඩ ගහන්න කියන කතා. ඇතැම් පුවත්පත් හා වෙබ් අඩවි ජනප්‍රියත්වය උදෙසා ජනප්‍රිය අයට මඩ ගහනවා. ඒ මඩ කියවන පිරිසක් ඉන්න නිසා අලුත් මඩ නිර්මාණය කරනවා.
පසුගිය කාලයේ ඔබ සම්බන්ධයෙන් ඇතිවුණු කතාන්දරයත් එක්ක පවුල් ජීවිතය රැකගන්න ගැහැණියක් විදිහට ඔබ යෙදූ උපක්‍රම මොනාද?
හික්කා යන නාමය භාවිතාකොට මෙවර පවත්වන ව්‍යාජ සැණකෙළිය පිළිබඳව අප වෙබ් අඩවිය මෙයට පෙර ලිපියක් පල කල අතර ඒ සම්බන්ධව වැඩි දුර විස්තර ලැබී ඇති හෙයින් එහි වැඩි දුර විස්තර පහත පල වේ.
මෙම වැඩසටහන පුරාවට මෙය 2008,2009 වසර වල මෙන් පුර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුවන්නක් බව පෙන්වීමට උත්සහ කරද සැබවින්ම මෙය සිදුකරනු ලබන්නේ රංජිත් කුමාර නමැති ගාල්ල පිරිමි විදුහලකින් අපචාර ක්‍රියාවක් හේතුකොටගෙන ඉවත් කරන ලද ගුරුවරයෙකු බව වාර්තාවේ.
පසුගිය මාර්තු මාසයේ වාහන බදු වැඩි කිරීමට රජය තීරණය කිරීමත් සමඟ අලුතින් මෝටර් රථ ලියාපදිංචිකිරීම් 66% කින් අඩුවී තිබෙනවා.
ඊට අමතරව ජේ.බී කොටස් තැරැව්කාර සමාගමේ සමික්ෂණයකින්න් තහවුරුවී තිබෙන්නේ ත්‍රී රෝද ලියා පදිංචිය 54%කින්ද, යතුරුපැදි ලියාපදිංචිය 46%කින්ද අඩුවී ඇති බවයි. මේ අනුව සමස්ථ වාහන ලියාපදිංචියේ අඩුවීම 46%කි.
පසුගිය ජූනි මාසයේ ලියාපදිංචි වූ මෝටර් රථ සංඛ්‍යාව 4,397ක් වූ අතර එය මෙම අවුරුද්දේ ජූනි මාසයේ එය 1,454 දක්වාද, යතුරුපැදි සංඛ්‍යාව 21,833 සිට 11,634 දක්වා පහත වැටී තිබේ.
එනමුදු සුපිරි වාහන සඳහා පවතින ඉල්ලුම අඩු වී නොමැති බවත් කෝටියකට වඩා වටිනා වාහන 10ක් දිනකට ලියාපදිංචි වන බවත් මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තු වාර්තා වලින් කියැවෙනවා.
ස්ත්‍රි දූෂණ චෝදනා ලැබූ අකුරැස්ස ප්‍රාදේශීය සභාපතිට සහය පළ කරමින් 500 ට ආසන්න පිරිසක් බෝඩ් ලෑලි අල්ලා ගෙන අකුරැස්ස නගරයට මේ වනවිට එක් රොක් වී සිටී. සභාපතිවරයාගෙන් ඉවත් කළ සභාපති ධූරය නැවත ලබා දෙන්නැයි කියමින් සහ සභාපතිවරයා ස්ත්‍රී දූෂකයෙක් නොවේ යැයි සදහන් කරමින් එම පිරිස රැස් වී බෝඩ් උස්සා ගෙන සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.අකුරැස්ස නගරයේ ඇති විහාරස්ථානයකට තව සුථ වේලාවකින් මෙම පිරිස ගමන් කර සභාපතිවරයාට සෙත් පතා බෝධි පූජාවක් පැවැත්වීමට නියමිතය. නගරයේ ආරක්ෂාවට විශේෂ පොලිස් කණ්ඩායම් මෙන්ම කැරැළි මර්ධන පොලිස් නිලධාරීන් ද යොදවා ඇත. උසස් පොලිස් නිලධාරීන් පවා අකුරැස්සට පැමිණ සිටිති. සාමාන්‍ය මහජනතාවගේ කටයුත්තක් ලෙස මෙම බෝධි පූජා පිංකම පෙන්විමට සංවිධායකයින් උත්සහ දැරුවත් අත්අඩංගුවේ සිටින සභාපතිවරයාගේ තේ කම්හල්වල සේවකයන් වැඩි පිරිසක් බලහත්කාරයෙන් ඊට ගෙන්වා ඇතැයි ද තතුදත් තොරතුරු අනාවරණය කළේය.
පොලිස්පතිවරයා හා සමාන කීර්තියෙන් බබලන අයෙක් පොලිස් දෙපාර්තමේන්තුවේ සිටී යැයි මම විශ්වාස කරමි. ඒ 'ෂීබා'. ඒ නම ඇසූ පමණින් එක්වරම මේ මොකෙක් ගැනදැයි කියා බොහෝ දෙනෙක් නොදනිති. නමුත් ශ්‍රී ලංකා පොලිස් පරීක්ෂණ හා රහස් පරීක්ෂක කටයුතු ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනා 'ෂීබා' ගැන දනිති. ඒ අන් කවුරුන්වත් නොව,රත්නපුර පොලිස් නිල සුනඛ අංශයේ 'කැප්ටන්' ය.
පුත්තලම නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හා කෙරවලපිටිය වෙස්ට් කෝස්ට් බලාගාරයේ තාක්ෂණික දෝෂයකින් අඩපණවීම නිසා ජාතික විදුලිබල පද්ධතියට මෙගවොට් 400 බලධාරිතාවක් අහිමි වන බව විදුලිබල මණ්ඩලය කියයි.
කඩිනමින් අලූත්වැඩියා කරන බවත්, සඳුදා සිට දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක උදේ හා දහවල් කාලයේ දෙපැයක් විදුලිය කපන බවත් මණ්ඩලය පවසයි.
නාරාහේන්පිට කිරුළ පාරේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මාධ්‍යවේදීන්, පාඨකයන් ඇතුළු අන්තර්ජාල පුවත් වෙබ් අඩවි සියළු පාර්ශවයන් සමග සාකච්ඡා මාලාවක් පැවැත්වීමට යයි. වෙබ් අඩවි ලියාපදිංචිය සඳහා රුපියල් ලක්ෂයක් ද , වාර්ෂිකව රුපියල් 50,000 ක්ද ගෙවිය යුතුයැයි රජය පසුගියදා තීරණය කළේය. රජයේ මේ නීතිරීති ගැන සාකච්ඡාකර රජයට කරුණු ඉදිරිපත් කිරීමේ අදහසින් මෙම සාකච්ඡා මාලාවේ පළමුවැන්න අගෝස්තු 14 දා පැවැත්වෙන බව දැනගන්නට ඇත.
මහත් ආන්දෝලනයකට ලක් වූ z-ලකුණු අද දින වන විට ගණනය කිරීම් අවසන් කර තිබෙන බව වාර්තා වනවා.
මෙම නව ලකුණු වලට අනුව පැරණි විෂය නිර්දේශය ඔස්සේ විභාගයට පෙනී සිටි සිසුන් ශ්‍රේණිගත කිරීම් වලදී පහල ස්ථාන ලබාගෙන තිබීම දකින්නට ලැබෙනවා.
නැවත ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වූ හෙයින් නැවත විභාගයට පෙනී සිටිනවාද නැද්ද යන්න බොහෝ දෙනාට ගැටළුවක් වූ අතර විභාග ප්‍රතිඵල වෙනස් වූ නැවත විභාගයට පෙනී සිටීමට අවශ්‍යය සිදුන්ට සති දෙකක කාලයක් ඇතුලත දී අයදුම්පත් බාරදීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත.