ජනප්‍රිය නළුවෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රන්ජන් රාමනායක තම ජිවිතයේ බැඳීම් නැතිකර ගැනීමට කැමති බව පසුගියදා පුවත්පතකට ප්‍රකාශකොට තිබුනා. එහිදී අදහස් පලකල රන්ජන් පවසා සිටියේ මෙවැන්නක්.
"මම බැඳීම් ඇතිකරගන්න කැමති නැහැ. මම හිතන්නේ මම පෘතුවියට ආ සංචාරකයෙකු කියලයි. මුදල් ගොඩ ගැසීම්, මටම කියල ගෙවල් ගැනීම්, වාහන ගැනීම්, බිරිඳක් දරුවෙක් තියාගෙන බැඳීම් ඇතිකරගන්න මම කැමති නැහැ.
පසුගියදා උත්සවශ්‍රීයෙන් ආරම්භ වූ ඔලිම්පික් උළලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගිය කණ්ඩායමේ කාගේත් අවධානය දිනාගත් යුවතියක් දක්නට ලැබුනා.බොහෝ දෙනෙක් ඇය කව්රුන්දැයි යන්න නොදැන සිටි අතර මේ තබන්නේ එම යුවතිය පිලිබඳ සටහනකි.
ක්‍රිස්ටීන් සොනාලි මෙරිල් නම් මෙම තරුණිය ඉපදී මෙන්ම හැදී වැඩි ඇත්තේ කැලිෆෝනියාවේ සැන් දියාගෝ හිදීය.බේකර්ස්ෆිල්ඩ් ක්‍රිස්තියානු පාසලේ අඩු පහසුකම් යටතේ තමාගේ නැගණිය හා තවත් යෙහෙලියන් තිදෙනෙකු සමග මීටර් 400 සහය දිවීම සඳහා කණ්ඩායමක් සදාගත් සොනාලි එයින් ජනප්‍රියත්වයට පත්ව ක්‍රීඩිකාවක් බවට පත්වී ඇත.
මම මේ නිවසට පිටින් උළුහස්‌ස ළඟ සිට දොරෙහි ඉහළ ඇති විවරයෙන් ගෙතුළට හිස හොවා උඩ බැලුවෙමි. හිසට අඩියක් දෙකක් උඩින් පිහිටි ටකරන් වියන, මා දෙනෙතින් අහස හැංගීමට අතිශයින් දුර්වල උත්සාහයක යෙදේ. සෑම ටකරන් දෙකක් අතරින්ම මට අහස පෙනෙයි. ඉතින් මෙය වහළක් වන්නේ කෙසේද? එක පෙළට ටකරන් තහඩු පහකින් වැසිය යුතු වූ වහළක් තහඩු හතරකින් වසාගැනීමට මේ නිවැසියා කළ 'දුප්පත්' උත්සාහයට ඔච්චම් කරමින් මේ සෑම ටකරන් තහඩු දෙකක් අතරින්ම හිරු රැස් කදම්බයෝ ගෙට රිංගති. වැසි නැති සමයක් නිසා කමක් නැත. දෙවියනේ...! වැසි කලට ටකරන් තහඩු අතරින් රූරා හැලෙන වතුරින් මේ පවුල සැඟවෙනු කෙසේද?
ඒ වහළ යටට හොවාගත් හිස එළියට නොගෙන මම අවට බලමි. කලකින් කිසිදු 'මැටි සාත්තුවක්' නොලද මේ වරිච්චි බිත්ති අතරින් ඒවා ඉහළට නැගීමට උරදුන් ලී දඬු මතු වී පෙනෙන්නේ මන්දපෝෂණයට ලක්‌ව අස්‌ථී පංජරය හමෙන් එළියට පැනීමට තැත් කරන සෝමාලියානුවෙකු මෙනි. බැලු බැලූ අත මට පෙනෙනුයේ දුප්පත්කමේ ලකුණුමය.
ජනප්‍රිය ගායක රූකාන්ත ගුණතිලකගේ දියණිය වන රයිනි චාරුකා ගේ පෙම්වතා ලෙස විටින් විට සංගීත අංශයේම කිහිපදෙනෙකුගේම නම් කියවුණත් රයිනි පසුගිය කාලයේ ඒ සියල්ල ප්‍රතික්ෂේපකොට සිටියා.
රයිනි චින්ති සමග ගායනා කල "තරු මිනි ඔච්චම්" ගීතය නිර්මාණය කල ආකාරය දැක්වෙන වීඩියෝ නැරඹු බොහෝ දෙනා සිතුවේ රයිනිගේ පෙම්වතා චින්ති බවයි.
ඔලිම්පික් උළෙල නියෝජනය කරන රටවල ක්‍රීඩා කණ්ඩායම් වලට, නිලධාරීන්ට සහ වෙනත් අවසරලත් පුද්ගලයන්ට පමණක් ගමන් කල හැකි ජාතීන්ගේ පෙළපාළියට කිසිඳු අනන්‍යතාවයක් තහවුරු කරගත නොහැකි කාන්තාවක් ඇතුළු වුයේ කෙසේද? යන්න ඔලිම්පික් සංවිධායකයන්ට, ඉන්දීය බලධාරීන්ට, පමණක් නොව මුළු ලෝකයටම විශාල අභිරහසක් විය.
ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසමට වාර්ෂිකව මුදල් ලබා දී ගෙන ඇති සංඛ්‍යාත කිහිපයක් කාල්ටන් සපෝර්ට් නෙට්වර්ක් වෙත ලබාදීමට නියමිත බව වාර්තා වේ.
දෙනියායෙන් සහ කොළඹින් විකාශය වන UHF 41 සහ යටියන්තොරින් විකාශය වන UHF 43 සංඛ්‍යාතය විදුලි සංදේශන නියාමන කොමිසමට ආපසු ලබාදෙන මෙන් පසුගිය 23 වනදා රුපවාහිනී ඉංජිනේරු අංශයෙන් ඉල්ලා ඇත.
මේ අතර කාල්ටන් රුපවාහිනී නාලිකාව මහනුවරින් UHF 41 සංඛ්‍යාතය මගින් වැඩසටහන් විකාශය කරනු ලබයි. එකම සංඛ්‍යාත යොදාගෙන එහි වෝල්ටීයතාවය වැඩිකොට විකාශය කිරීමෙන් ජාතික රුපවාහිනියේ විකාශයන්ට බාධා පැමිණිය හැකි මෙන්ම එය නීති විරෝධී කටයුත්තකි.
කහවත්ත ප්‍රදේශය කියූ සැනින් දැන් අපේ මතකයට නැගෙන්නේ එතරම් සුබදායි මතකයන් නොවේ. ඒ කහවත්ත කාන්තා ඝාතන 14 ක් හේතුවෙන් සලිත වී ඇති හෙයිනි. කහවත්ත කොටකෙතන ගමේ මේ බොහොමයක් සිදුවීම් සිදුවූ අතර මෙහි ඇති විශේෂත්වය වුයේ සෑම මිනිමරුමකටම ගොදුරු වුයේ කාන්තාවන් වීමය.
මෙම තත්වය යටතේ කහවත්ත ගම්මානය පුරාවට අත්භූත කතා පැතිරී ඇති අතර මෙම ලිපියෙන් එවන් කතාවන් කිහිපයක් විමසා බැලීම සිදුකරනු ලැබේ.
කහවත්ත ගම්වැසියන්ට ඇති ප්‍රධාන ගැටලුව වන්නේ මෙම ඝාතන වලට තවමත් නැවතීමේ තිතක් නොමැති වීම ගැනය. පසුගිය බොහෝ මිනීමැරුම් වල ඝාතකයන් හෙළි වූ අතර ඔවුන් හා ඔවුන්ගේ නෑයන්ට පවා උන්හිටි තැන අහිමි වුනි.
පලාත් සභා නාමයෝජනා භාරදීමට සති දෙකකට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ මොනම හේතුවක් නිසාවත් දැනට බලයේ සිටින මහජන නියෝජිතයන්ගේ පවුල් වල ලේ ඥාතීන්ට පළාත් පාලන මැතිවරණයට නාමයෝජන ලබා නොදෙන බවයි.
ගැලරිය පිනවීමේ අදහසින් කළ එම ප්‍රකාශයට නරඹන්නන්ගෙන් විසිල් පාරක් ලැබුනද ඇමති පුතුන්ගේ පොරය ඒ වනවිටත් කරළියට පැමිණ තිබුනේ සබරගමුවේ කෑගල්ල දිස්ත්‍රික්කයෙනි.