Chitika Smowtion 468x60


Thursday, August 9, 2012

ආර්යාව නිසා ආදිවාසීන්ට පෙරහැර බලන්න බැරිවුනැයි චෝදනාවක්


වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහැර සමයේ ආදිවාසීන් දළදා මාලිගාව වෙත පැමිණ මී පැණි පූජා කිරීම වසර 15 ක පමණ සිට පැවත එන වැදි රැහේ චිරාගත සම්ප්‍රධායකි.

එලෙස මී පැණි පූජාව සඳහා පසුගිය 28 වන දා මහනුවරට පැමිණි ආදිවාසීන් පිරිස උදෑසන දළදා පූජාවට සහභාගීවී මාළිගාවේ නිලමේවරුන් හා ලේකම්වරයා මුණගැසී තිබෙනවා.

එහි දී පැමිණ ඇති ආදිවාසීන් 40ක පිරිසකට පෙරහැර නැරඹීමට ආසන පහසුකම් ඔවුන් ඉල්ලා ඇති අතර මාළිගාවේ ලේකම්වරයා එම කටයුත්ත පවරා තිබෙන්නේ ජයම්පති නැමැති නිලධාරියෙකුටයි.

පසුව ඌරුවරිගේ වන්නියලැ ඇත්තන් ඇතුළු පිරිස මහනුවර අවට සිද්ධස්ථාන වැද පුදා ගොස් නැවත පැමිණ තිබෙන්නේ සවස්වරුවේදී.

මම නයිට් ක්ලබ් ගියේ 16 ඉදන් - රෝසිගේ දියණිය තිසාක්‍යා


රූ රැජිනක මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන රෝසි සේනානායකගේ නම මාධ්‍යයට හුරු වුවත් ඇයගේ පවුලේ උදවිය මාධ්‍යයට මෙතෙක් කල් මුහුණ දුන්නේ නැත.

පහතින් පලවන්නේ රෝසි සේනානායකගේ දියණිය වන තිසක්‍යා මායා සේනානායකගේ සම්මුඛ සාකච්ජාවකි.

අම්මගේ නම 
රෝසි සේනානායක

ඔයාගේ සම්පුර්ණ නම 
තිසක්‍යා මායා සේනානායක

ඉහලම අධ්‍යාපන සුදුසුකම් 
මම එංගලන්තයේ විලාසිතා නිර්මාණකරණය පිලිබඳ උපාධියක් හැදෑරුවා..ලඟදි තමයි ලංකාවට ආවේ.

ලංකාවේ ජොබ් එකක කරනවද?

අතුරුදන් වූ ඔලිම්පික් ටිකට් ගැන අපෙන් ඔත්තුවක්


ලන්ඩනයේ පවැත්වෙන ඔලිම්පික් තරඟාවලිය නැරඹීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුව විසින් මිලදීගත් රුපියල් මිලියන හතක් වටිනා ඔලිම්පික් ප්‍රවේශපත්‍ර වලට සිදු වූ දෙයක් සොයාගැනීමට නොහැකි වී ඇත.

මෙම ප්‍රවේශ පත්‍ර මිලදීගෙන නැවත් ඒවා විකුණු බවත් ඒවා විකිණුවේ කාටද යන්න තමන් නොදන්නා බව ජාතික ඔලිපික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශකොට ඇත.

මෙම ප්‍රවේශ පත් අතුරින් ප්‍රවේශ පත් 30 ක් ප්‍රසාද ටිකට්පත් ලෙස ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීමේදී ඔවුන් දිරිමත් කිරීමට ජය ඝෝෂා නැගීමට වුවත් ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයන් එසේ දිරිමත් කිරීමට ශ්‍රී ලංකානු ප්‍රේක්ෂකයන් නොමැති බවත් වාර්තා වෙයි.

හික්කඩුවේ කාර්යාල සේවකයින්ට "නයන කුමාරි"


පසුගිය දින වලදී දුම්රියක් සඳහා "නයනා කුමාරි" ලෙස දුම්රිය මඟීන් නමක් පටබැන්ඳේ හුදෙක් විනෝදය සඳහා යි.

ඒ ප්‍රවාහන ඇමති වෙල්ගම මහතා සහ නිළියක් සම්බන්ඳව පැතිරුනු කට කතා හේතුවෙනුයි.

නමුත් නිළ වශයෙන්ම එම නමට ඉතාමත් සමීප නමක් වෙල්ගම ඇමති වරයාම දුම්රියකට තබා ඇති බව දැනගන්නට ලැබෙනවා.

Wednesday, August 8, 2012

බාල ඉන්ධන නිසා දැනට පාඩුව ලක්ෂ 780යි.


බාල ඉන්ධන භාවිතා කරමින් වාහන ධාවනය කිරීම හේතුවෙන් ලංගම සහ දුම්රිය සේවාවන්ගෙන් පමණක් මේ වන විට රුපියල් ලක්ෂ 780 ක් රජයට පාඩු වී ඇති බව වාර්තා වෙනවා. ඒ ලංගම බස් රථ වලට සිදු වූ හානිය ලක්ෂ 750 ක් සහ දුම්රිය එන්ජින් වල කරන්නට සිදු වූ අළුත් වැඩියා කටයුතු වෙනුවෙන් ලක්ෂ 30 කුත් ලෙසයි. මේ අනුව බාල ඉන්ධන හේතුවෙන් දිනකට සිදු වූ පාඩුව රුපියල් ලක්ෂ 10 ක් පමණ වනවා.

දැනටත් දියවැඩියාව වැළඳී ඇති රෝගියකු සේ නඩත්තු වන ලංගමට, ඛණිජතෙල් සංස්ථාව බාල ඉන්ධන ලබා දීම නිසා අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ 06 ක් ඇතුළුව බස් රථ 56 ක් අළුත්වැඩියා කටයුතු කිරීමට සිදුව තිබෙන බවත් ඒ සඳහා ලක්ෂ 750 ක් වැය කිරීමට සිදුව තිබෙන බවත් සමස්ථ ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා ප්‍රකාශ කලා.

Alexandar Stan Live in Colombo




Photo Courtesy : Nadun Baduge & Dailymirror Life



මම කලින් විවාහ වෙලා හිටියද ? මම දන්නෙ නෑනේ - අරුණි රාජපක්ෂ


2008 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුල දිනාගත් අරුණි රාජපක්ෂ විවාහ වී ඇති බව මීට පෙර වාර්තා වුණා.

සරත් අමුණුගම ගේ පුත් පාර්ලිමේන්තු මංත්‍රී දිලුම් අමුණුගම විසින් කරගන ඇති විවාහයන් කිහිපයක් අතුරින් දෙවන විවාහය සිදුරගන ඇත්තේ අරුණි රාජපක්ෂ සමඟ බවයි එම පුවත් වලින් කියවුනේ.

පසුගිය ජූනි මාසයේ පුවත්පතකට ඇය පවසා තිබුනේ තමන්ට පෙම්වතෙක් නැති බවත්, තෝරාගන්නා කෙනා අඩි 6 ට වඩා උස විය යුතු බවත්ය.

නමුත් මේ සතිඅන්තයේ පුවත්පතකට ඇය විසින් පවසා තිබෙන්නේ තමන්ට පෙම්වතෙක් සිටිනා බවත්, කලින් විවාහ වීම පිළිබඳ කිසිවක් නොදන්නා බවත්, එම ජායාරූප තමන් නොදුටු බවත්ය.

කීපදෙනෙකුට ආදරේ කරපු කෙනෙක් අදරයේදී විශ්වාස කරන්න පුලුවන්ද?

ශ්‍රී ලංකික ගගනගාමියෙකු උඩු ගුවනට


ලංකාවෙන් බිහිවු ප්‍රථම අභ්‍යවකාශගාමියා වෙනවා - රෝහිත රාජපක්ෂ.

මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත ගෙන ආවේ ශ්‍රී ලංකාවට අයත් පළමු චන්ද්‍රිකාව 2015දී කක්ෂගත කිරීම සඳහා "සුප්‍රීම්සැට්" පුද්ගලික සමාගම සූදානම් වෙන බවයි.

එම සමාගම චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීමෙන් නොනැවතී ශ්‍රී ලාංකික ගගනගාමියෙකු ඉදිරි වසර කිහිපය තුලදී උඩු ගුවනට යැවීමටද සැලසුම්කොට තිබෙනවා.

දකුණු පළාතේ කොග්ගල ප්‍රදේශයෙන් අක්කර 30 ක භුමි ප්‍රදේශයක් මෙම සමාගම විසින් ලබාගෙන ඇති අතර එහි ගගනගාමීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් හා චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම්කොට තිබෙනවා.


Share this article with your friends