අමාත්‍ය විමල් වීරවංශ මහතා හදිසියේ ඇතිවූ පපුවේ වේදනාවක් නිසා රෝහල් ගතකර තිබෙනවා.
කොළඹ සිට ත්‍රීකුණාමලය බලා ජන්ද ව්‍යාපාරයට සහභාගීවීමට යමින් සිටි අවස්ථාවේ ඇතිවූ මෙම පපුවේ අමාරුව නිසා ඔහු කුරුණෑගල රෝහලට ඇතුලත් කර තිබෙන්නේ අද උදෑසන 10.40 ට පමණය.
ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනට විරිද්ධව කප්පම් චෝදනා ඇත්තේ එකක් දෙකක් නොවේ.
ඔහුට විරුද්ධව ඊයේ පොලීස් මූලස්ථානය වෙත ලැබුණු අලුත්ම පැමිණිල්ල වූයේ හලාවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අබලි ද්‍රව්‍ය ඉවත් කිරීමට කොන්ත්‍රාත්තුවක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 96ක මුදලක් ලබාගැනීමයි.
එම මුදල් ඇමතිවරයා ලබාගන ඔහුට එම කොන්ත්‍රාත්තුව නොදී මඟ හැර තිබෙනවා.
.jpg)
මීට පෙර නිට්ටඹුව හොරගොල්ල වත්තේ "ග්‍රීන් පාර්ක්" නිවාස සංකීර්ණයේ වැඩ යළි ඇරැඹීමට රුපියල් කෝටි 2 ක කප්පම් මුදලක් සරණ ගුණවර්ධන ගැනීමෙන් පසුව සරණ සහ ඔහුගේ ගෝලයෝ බැසිල්ගේ නම භාවිත කරමින් කළ තවත් කප්පම් ක්‍රියා පිළිබඳව ලිපියක් දිවයින පුවත්පතේ පලවී තිබුණා.
එම ලිපියේ කොටසක් පහතින්
"සරණගේ වසුරු වත පිළිබඳ කතා ප්‍රමාණය, කතා සරිත් සාගරය සේය. සංවර්ධන ලොතරැයි මණ්‌ඩලයේ සභාපති පුටුවේ සිට, ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේගේ මරණයෙන් හිස්‌වූ මන්ත්‍රී අසුනට පත්වී නියෝජ්‍ය ඇමැතිවරයකු වී සිටින මේ දක්‌වා සරණ කළ දූෂණ, මැරකම් එතරම්ය.
පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා කතා කරමින් සිටියදී, විරුද්ධ පක්‍ෂය පැත්තට සරණ වතුර බෝතලයකින් දමා ගැසුවේය. එය විසිවී වැටුණේ ජනාධිපතිවරයා අසලටය. සරණට සති ගණනක පාර්ලිමේන්තු තහනමක් පැනවිණි. ඒ සියලු දේ තිබුණත් සරණ තවමත් යහතින්ය.
සරණගේ දූෂිතභාවය හෙළිවන එක් කතාවක් අද ඉදිරිපත් කරන්නේ තවදුරටත් ඔහු මහජන නියෝජිතයකු, නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙස සිටින්නේ නම් දිගින් දිගටම ඔහුගේ දූෂිත වත හෙළිකිරීමේ ආරම්භයක් ලෙසය.
පසුගියදා විවාහයට පත්වූ "දිගුදෑස දුටුවාම" ගීතයෙන් තරුණ හදවත් වැළඳගත් රොමේෂ් සුගතපාලගේ විවාහයේ ජායාරූප එකතුවක් මීට පෙර අප විසින් ගෙන ආවත් සියළුම ජායාරූප නිල වශයෙන් ප්‍රකාශය පත්වී තිබුනේ නැහැ. එම විවාහයේ නිල ජායාරූප එකතුව පහතින්.
අපගේ ශරීරයේ 70%ක් පමණ ඇත්තේ ජලයයි. ජලය පානය නිරෝගී ශරීරයකට අත්‍යවශ්‍යම දෙයකි. මේ නිසා දිනකට වතුර වීදුරු 6 – 8 ක් පමණ පානය කළ යුතුය.
එපමණක්ද නොවේ, ලස්සන වීමටත්, කෙට්ටුවට, ස්ලිම් එකට සෙක්සි ෆිගර් එකක් සාදාගැනීමටත් ජලය ප්‍රයෝජනවත් බව අප වෙත ලැබුන පහත වීඩියෝවෙන් අවබෝධවේ.
පුරා පැය 48ක් විසන්ධිව තිබු අම්පාර නගරයේ විදුලි බලය අද උදැසන වනවිට ලබා දී තිබුණා.
එම විදුලිය කැපීම නිසා අම්පාර රෝහලේ නොමේරු ළදරු ඒකකයේ බිළිදුන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්වී තිබූ බවයි එහි වෛද්‍යවරයා පවසන්නේ
ඊයේ සවස අම්පාර රෝහලේ කාර්ය මණ්ඩලය, නගරයේ ව්‍යාපාරික ප්‍රජාව සහ ජනතාව විදුලිබල මණ්ඩයල ඉදිරි පිට දැක් වූ විරෝධතාවය මේ විදුලි බලය ලබා දීමට ඉවහල් වී තිබෙනවා.
මේ අතර ඊයේ දිවයිනේ ඇතැම් නගර වලට උදෑසන 8.30 සිට 10.45 දක්වා කාලයට අමතරව සවස 1.20 සිට 5.10 දක්වා පැය 4ක් පමණ ද විදුලිය කපා තිබෙනවා. ඔවුන් පවසන්නේ ඊයේ දිනයේ දිවා කාලයෙන් පැය 6කට වඩා විදුලිය නොලැබුණු බවයි.
ඔලිම්පික් තරඟාවලිය අවසන් වීමත් සමඟ ඊයේ එහි සමාප්ති උළෙල පැවැත්වුණා. මල් වෙඩි සංදර්ශන සහිත මේ සඳහා ගායනයෙන් Spice Girls, Emeli Sande, Madness, Pet Shop Boys, Ray Davies, George Michael, Jessie J and Annie Lennox සහභාගී වී සිටියා.
ඔලිම්පික් කමිටු සභාපති විසින් ක‍්‍රීඩා උළෙලේ සමාප්තිය ප‍්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඔලිම්පික් ධජය මීලඟ ඔලිම්පික් උළෙල පැවැත්වෙන බ‍්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නගරාධිපතිවරයා වෙත බාරදෙනු ලැබුවා.
සමාප්ති උත්සවයේ ජායාරූප එකතුවක් පහලින්.
සමාප්ති උත්සවයේ වීඩියෝව පහලින්.
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නැගෙනහිර මායිමේ හෙක්ටයාර 2.2 ක (අක්කර 5.4 ක්) වනාන්තර ඉඩමක් වෙන් කරගෙන "Jeew’s Hide Out" නමින් සංචාරක හෝටලයක් තැපැල් සේවා ඇමති ජීවන් කුමාරතුංග විසින් විසින් ඉදිකර ඇත.
හබරණ – පොළොන්නරුව මාර්ගයේ මොරගස්වැව හන්දියෙන් මහසෙන්ගම මාර්ගයේ 4 වන කිලෝමීටර කණුව අසලින් වම් පසට ජාතික වනෝද්‍යානය තුළට වනාන්තරය එළිපෙහෙළි කර අළුතින් සකස් කළ අඩි 10 ක් පමණ පළලින් යුත් කිලෝමීටර 2 ක් පමණ දිගින් යුත් මාර්ගය අවසානයේ ඝන වනාන්තරය තුළ මේ සංචාරක හෝටලය ඉදි කර ඇත.
මෙය පිහිටා ඇත්තේ ජාතික වනෝද්‍යානයේ මායිම් කණු අංක 72 සහ 75 අතර සීමාවේ ය. මේ සම්පූර්ණ ප‍්‍රදේශය ඝන වනාන්තරයෙන් වැසී ඇති අතර මේ හෝටලයේ සිට කිලෝමීටර 6 ක වටා ප‍්‍රදේශය තුළ කිසිදු ජනාවාසයක් හෝ වගා බිම් හෝ මානව ක‍්‍රියාකාරකම් සහිත භුමියක් හෝ දැක ගත නොහැකි අතර සම්පූර්ණයෙන් ම වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තරවලින් වැසී පවතී.
පෙරේදා මහනුවර නිත්තවෙල පිටියේදී පැවති අන්තර් සමාජ ප්‍රමුඛ පෙළ රග්බි තරගාවලියේ හටගත් ගැටුමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද සම්බන්ධවී ඇති බවට වාර්තා වෙනවා.
මහනුවර කණ්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම අතර පැවැති මෙම තරගයෙන් නාවික හමුදා කණ්ඩායම පරාජයට පත්ව ඇත.
මෙම තරගයේදී ජනාධිපති පුතුන් තිදෙනා ද නාවික හමුදා කණ්ඩායම නියෝජනය කර ඇති අතර තරගය නිමවීමෙන් අනතුරුව පරාජය දරගත නොහැකි වූ නාවික හමුදා කණ්ඩායම නියෝජනය කරමින් පැමිණි හමුදා සෙබළුන් පිරිසක් ක්‍රීඩා ලෝලීන්ට එලව එලවා පහරදී තිබෙනවා.
සවස් යාමයේ තරඟය හමාර වීමෙන් අනතුරුව ක්‍රීඩා ලෝලීන් මහනුවර ක්‍රීඩා සමාජයේ ජයග්‍රහණය සමරද්දී ප්‍රහාරය ආරම්භ කළේ නාවික හමුදාවේ භෞත චිකිත්සකවරයා බව පවසන ලසන්ත විජේසූරිය මහතා, ජනාධිපතිවරයාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා පවා ප්‍රහාරයට සම්බන්ධ වූ බවටද චෝදනා කරනවා.