Tuesday, August 28, 2012
ගායන ශිල්පි අමල් පෙරේරා ට ඇප
Thursday, August 23, 2012
ප්‍රශ්නපත්‍ර වල වචනෙක දෙකක පුංචි වෙනස්වීමක් වෙලා තියෙන්නේ - කෙහෙළිය
පසුගිය වසරේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිසා දිස්ත්‍රික් කුසලතා වලට අදාල දෝෂ සෙවීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ විද්වත් කමිටු වාර්තාව අනුව විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් විශ්වාසය ගොඩ නැඟීමට ඉවහල් වන වැදගත් යෝජනා රැසක් ගෙන එන ලදි.එම යෝජනා සහිත සංදේශයක් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර ඒ සඳහා අනුමැතිය ලැබූ තිබුණි. එම යෝජනා කල කරුණු ක්‍රියාත්මක කල යුතුව තිබුනේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසිනුයි.
එම යෝජනා කිසිවක් ක්‍රියාත්මක නොවූ පසුබිමක පසුගිය 6 වනාදා ආරම්භවූ මෙවර උසස් පෙළ විභාගයේ ඉකුත් දින 11 තුළ අවස්ථා 6කදී කලින් වසරේ මෙන් ප්‍රශ්නපත්‍ර වල දෝෂ හමුවී ඇත.
කොළඹ ඉඩම චීනයට වික්‌කාට ඉන්දියාවෙන් නෝක්කාඩු
කොළඹ නගරයේ පිහිටි කෝටි 200ක් පමණ වටිනා ඉඩමක් වෙනුවෙන් ඉන්දියාව සහ චීනය රාජතාන්ත්‍රික වශයෙන් ගැටුමක් ඇතිකරගන්නා තත්ත්වයට පත්වී තිබෙනවා. පෞද්ගලික ආයතනයකට අයත් මෙම ඉඩම පිහිටා තිබෙන්නේ කොළඹ ඩුප්ලිකේශන් පාරේ ය.
පර්චස් 287 කින් යුත් මෙම ඉඩමේ පර්ච් එකක් මිලියන 7 බැගින් මුළු ඉඩමම මිලියන 2,009 කට ඉන්දියාවට විකිණීමට රජය මුලින් පොරොන්දු වී තිබෙනවා.
පර්චස් 287 කින් යුත් මෙම ඉඩමේ පර්ච් එකක් මිලියන 7 බැගින් මුළු ඉඩමම මිලියන 2,009 කට ඉන්දියාවට විකිණීමට රජය මුලින් පොරොන්දු වී තිබෙනවා.
මුතුහෙට්ටිගමගේ හෝටලයේ ගෝන මස් කිලෝ 30ක්
ගාල්ල දිස්‌ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මංත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමගේ හෝටලයක තිබී ගෝන මස් කිලෝ තිහක් පොලීසිය සොයාගෙන තිබෙනවා.උඩුගම නගරයේ පිහිටි එම සංචාරක හෝටලයක මුතුහෙට්ටිගම මංත්‍රීවරයා විසින් තම සමීපතමයකුට බදු දී තිබුණා.
මීට පෙරද ගෝන්නු මරාදැමීම පිළිබඳව ගාල්ල ප්‍රදේශයේ ජනතාව මුතුහෙට්ටිගම ට දැඩි අප්‍රසාද පළ කර තිබුණා.
විමල් රෝහල් ගතකරයි
සරණ ගුණවර්ධන ලක්ෂ 90ක තවත් කප්පමක් අරන්
ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනට විරිද්ධව කප්පම් චෝදනා ඇත්තේ එකක් දෙකක් නොවේ.ඔහුට විරුද්ධව ඊයේ පොලීස් මූලස්ථානය වෙත ලැබුණු අලුත්ම පැමිණිල්ල වූයේ හලාවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අබලි ද්‍රව්‍ය ඉවත් කිරීමට කොන්ත්‍රාත්තුවක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 96ක මුදලක් ලබාගැනීමයි.
එම මුදල් ඇමතිවරයා ලබාගන ඔහුට එම කොන්ත්‍රාත්තුව නොදී මඟ හැර තිබෙනවා.
මීට පෙර නිට්ටඹුව හොරගොල්ල වත්තේ "ග්‍රීන් පාර්ක්" නිවාස සංකීර්ණයේ වැඩ යළි ඇරැඹීමට රුපියල් කෝටි 2 ක කප්පම් මුදලක් සරණ ගුණවර්ධන ගැනීමෙන් පසුව සරණ සහ ඔහුගේ ගෝලයෝ බැසිල්ගේ නම භාවිත කරමින් කළ තවත් කප්පම් ක්‍රියා පිළිබඳව ලිපියක් දිවයින පුවත්පතේ පලවී තිබුණා.
එම ලිපියේ කොටසක් පහතින්
"සරණගේ වසුරු වත පිළිබඳ කතා ප්‍රමාණය, කතා සරිත් සාගරය සේය. සංවර්ධන ලොතරැයි මණ්‌ඩලයේ සභාපති පුටුවේ සිට, ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේගේ මරණයෙන් හිස්‌වූ මන්ත්‍රී අසුනට පත්වී නියෝජ්‍ය ඇමැතිවරයකු වී සිටින මේ දක්‌වා සරණ කළ දූෂණ, මැරකම් එතරම්ය.
පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා කතා කරමින් සිටියදී, විරුද්ධ පක්‍ෂය පැත්තට සරණ වතුර බෝතලයකින් දමා ගැසුවේය. එය විසිවී වැටුණේ ජනාධිපතිවරයා අසලටය. සරණට සති ගණනක පාර්ලිමේන්තු තහනමක් පැනවිණි. ඒ සියලු දේ තිබුණත් සරණ තවමත් යහතින්ය.
සරණගේ දූෂිතභාවය හෙළිවන එක් කතාවක් අද ඉදිරිපත් කරන්නේ තවදුරටත් ඔහු මහජන නියෝජිතයකු, නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙස සිටින්නේ නම් දිගින් දිගටම ඔහුගේ දූෂිත වත හෙළිකිරීමේ ආරම්භයක් ලෙසය.
Wednesday, August 22, 2012
රොමේෂ් සුගතපාලගේ මංගල ජායාරූප එකතුව
Sunday, August 19, 2012
Subscribe to:
Posts (Atom)

.jpg)

