"කොල්ලුපිටිය
දුම්රිය මඟ ආසන්නයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු දුම්රිය මාර්ගයේ ගමන්
කරමින් සිටියදී පිටුපසින් දුම්රියක් එනු දැක බියට පත්ව කලබල වී දුම්රිය
පීල්ලට එපිටින් පිහිටි ගල්තලාවකට පැන්න අතර , එකවරම ඔහු ගල් දෙකක්
මැද්දෙන් ඇතුලට එබී ගියා."
මෙය පසුගිය 18 වැනිදා සිදු වූ හදිසි
අනතුරක් සම්බන්ධයෙන් අන්තර්ජාලය වාර්තා කර තිබුනේ එලෙසිනි.නමුත් එම සිදුවීම
පිලිබඳ එසේ වාර්තා කලත් සිදුවී තිබුනේ එයට හාත්පසින් වෙනත් දෙයකි.දිනේෂ්
ශර්බා නම් එම 20 හැවිරිදි තරුණයාට රේල් පාර දිගේ ඇවිද ගොසින් දුමිරියට
බියේ ගල් දේබොක්කාවට පැන්නේ නැත.
ඔහුට සිය දිවි නසාගැනීමේ අරමුණක් තිබුනේද
නැත.තරුණයා ගල් දෙබොක්කාව හිරකොට තවත් ගල් දමා වසා දමා තිබුනේ තවත්
නරුමයන් දෙදෙනෙකු විසින් දිනේෂ්ව මර දැමීමේ අදහසිනි.මේ ඔහුගේ කතාවයි.
පිහිටක් නැති වීදි සරණ සුනඛයන්ගේ
සුබසාධනය, භාරකරුවන් යටතට පත්කිරීම සහ සුනඛ ගහනය මානුෂීය ලෙස පාලනය කිරීම
යන අරමුණු ඉලක්කකරගනිමින් "ඔඩෙල් එම්බාර්ක්" සන්නම් නාමය වැඩසටහන 2007
වසරේදී ආරම්බ වූ අතර එය ක්‍රියාත්මක වුයේ ඔඩෙල් ව්‍යාපාර ජාලයේ
හිමිකාරිනිය වන ඔටාරා ගුණවර්ධන මහත්මියගේ සංකල්පයකට අනුවය.
පසුගියදා ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි
ඉන්දීය නිළි පූජා උමාශංකර් ඔඩෙල් හි සාප්පු සවාරියකට එක්වූ අතරවාරයේදී
සුනඛයන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් පිහිටුවා "එම්බාර්ක්" විලාසිතා ව්‍යාපෘති
වැඩසටහනට සහය දක්වා ඇති අතර පුජාගේ එම සාප්පු සවාරියේ ජයාරූප එකතුවක්
බලන්න පහතින්
පොලිසි
දෙකකින් අධිකරණයට ඉදිරිපත් කරන ලද ප්‍රවීණ ගායන ශිල්පී අමල් පෙරේරාට අද
(28) කළුතර අධිකරණ දෙකකින් ඇප නියම විය. පයාගල අද (28) තම මෝටර් රථය
පදවමින් ගාලු පාරේ මාර්ග ගමනාගමනය අවහිර කිරීම, ආදායම් බලපත්‍රය, රක්‍ෂණ
සහතිකය හා රියදුරු බලපත්‍රය ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම යන කරුණු මත අද
(28) අධිකරණයට ඉදිරිපත් කළ ඔහු රුපියල් 50,000 ක ශරීර ඇප මත මුදා හරින ලෙස නියම කළ කළුතර
අතිරේක මහේස්ත්‍රාත් ජී. නාමල් පෙරේරා මහතා මෙම නඩුව වැඩි දුර විභාගය
සැප්තැම්බර් මස 25 දිනට කල් තැබීය.
පසුගිය වසරේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිසා දිස්ත්‍රික් කුසලතා වලට අදාල දෝෂ සෙවීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ විද්වත් කමිටු වාර්තාව අනුව විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් විශ්වාසය ගොඩ නැඟීමට ඉවහල් වන වැදගත් යෝජනා රැසක් ගෙන එන ලදි.
එම යෝජනා සහිත සංදේශයක් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර ඒ සඳහා අනුමැතිය ලැබූ තිබුණි. එම යෝජනා කල කරුණු ක්‍රියාත්මක කල යුතුව තිබුනේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසිනුයි.
එම යෝජනා කිසිවක් ක්‍රියාත්මක නොවූ පසුබිමක පසුගිය 6 වනාදා ආරම්භවූ මෙවර උසස් පෙළ විභාගයේ ඉකුත් දින 11 තුළ අවස්ථා 6කදී කලින් වසරේ මෙන් ප්‍රශ්නපත්‍ර වල දෝෂ හමුවී ඇත.
කොළඹ නගරයේ පිහිටි කෝටි 200ක් පමණ වටිනා ඉඩමක් වෙනුවෙන් ඉන්දියාව සහ චීනය රාජතාන්ත්‍රික වශයෙන් ගැටුමක් ඇතිකරගන්නා තත්ත්වයට පත්වී තිබෙනවා. පෞද්ගලික ආයතනයකට අයත් මෙම ඉඩම පිහිටා තිබෙන්නේ කොළඹ ඩුප්ලිකේශන් පාරේ ය.
පර්චස් 287 කින් යුත් මෙම ඉඩමේ පර්ච් එකක් මිලියන 7 බැගින් මුළු ඉඩමම මිලියන 2,009 කට ඉන්දියාවට විකිණීමට රජය මුලින් පොරොන්දු වී තිබෙනවා.
ගාල්ල දිස්‌ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මංත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමගේ හෝටලයක තිබී ගෝන මස් කිලෝ තිහක් පොලීසිය සොයාගෙන තිබෙනවා.
උඩුගම නගරයේ පිහිටි එම සංචාරක හෝටලයක මුතුහෙට්ටිගම මංත්‍රීවරයා විසින් තම සමීපතමයකුට බදු දී තිබුණා.
මීට පෙරද ගෝන්නු මරාදැමීම පිළිබඳව ගාල්ල ප්‍රදේශයේ ජනතාව මුතුහෙට්ටිගම ට දැඩි අප්‍රසාද පළ කර තිබුණා.
අමාත්‍ය විමල් වීරවංශ මහතා හදිසියේ ඇතිවූ පපුවේ වේදනාවක් නිසා රෝහල් ගතකර තිබෙනවා.
කොළඹ සිට ත්‍රීකුණාමලය බලා ජන්ද ව්‍යාපාරයට සහභාගීවීමට යමින් සිටි අවස්ථාවේ ඇතිවූ මෙම පපුවේ අමාරුව නිසා ඔහු කුරුණෑගල රෝහලට ඇතුලත් කර තිබෙන්නේ අද උදෑසන 10.40 ට පමණය.
ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනට විරිද්ධව කප්පම් චෝදනා ඇත්තේ එකක් දෙකක් නොවේ.
ඔහුට විරුද්ධව ඊයේ පොලීස් මූලස්ථානය වෙත ලැබුණු අලුත්ම පැමිණිල්ල වූයේ හලාවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අබලි ද්‍රව්‍ය ඉවත් කිරීමට කොන්ත්‍රාත්තුවක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 96ක මුදලක් ලබාගැනීමයි.
එම මුදල් ඇමතිවරයා ලබාගන ඔහුට එම කොන්ත්‍රාත්තුව නොදී මඟ හැර තිබෙනවා.
.jpg)
මීට පෙර නිට්ටඹුව හොරගොල්ල වත්තේ "ග්‍රීන් පාර්ක්" නිවාස සංකීර්ණයේ වැඩ යළි ඇරැඹීමට රුපියල් කෝටි 2 ක කප්පම් මුදලක් සරණ ගුණවර්ධන ගැනීමෙන් පසුව සරණ සහ ඔහුගේ ගෝලයෝ බැසිල්ගේ නම භාවිත කරමින් කළ තවත් කප්පම් ක්‍රියා පිළිබඳව ලිපියක් දිවයින පුවත්පතේ පලවී තිබුණා.
එම ලිපියේ කොටසක් පහතින්
"සරණගේ වසුරු වත පිළිබඳ කතා ප්‍රමාණය, කතා සරිත් සාගරය සේය. සංවර්ධන ලොතරැයි මණ්‌ඩලයේ සභාපති පුටුවේ සිට, ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේගේ මරණයෙන් හිස්‌වූ මන්ත්‍රී අසුනට පත්වී නියෝජ්‍ය ඇමැතිවරයකු වී සිටින මේ දක්‌වා සරණ කළ දූෂණ, මැරකම් එතරම්ය.
පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා කතා කරමින් සිටියදී, විරුද්ධ පක්‍ෂය පැත්තට සරණ වතුර බෝතලයකින් දමා ගැසුවේය. එය විසිවී වැටුණේ ජනාධිපතිවරයා අසලටය. සරණට සති ගණනක පාර්ලිමේන්තු තහනමක් පැනවිණි. ඒ සියලු දේ තිබුණත් සරණ තවමත් යහතින්ය.
සරණගේ දූෂිතභාවය හෙළිවන එක් කතාවක් අද ඉදිරිපත් කරන්නේ තවදුරටත් ඔහු මහජන නියෝජිතයකු, නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙස සිටින්නේ නම් දිගින් දිගටම ඔහුගේ දූෂිත වත හෙළිකිරීමේ ආරම්භයක් ලෙසය.