කිරි අලෙවි කිරීමට නොහැකි බව පවසමින් කිරි ගොවීහු දොවාගත් කිරි හැටන් පාරට එක්කල අයුරු මෙයට පෙර ලිපියකින් අප හෙළි කළා.
මෙම සිදුවීමත් සමග මිල්කෝ හා නෙස්ට්ලේ සමාගම් සඳහා බොහෝ දෙනාගේ අවධානය යොමු කෙරුණ අතර ඔවුන් නැවතත් කිරි මිලදීම සක්‍රිය ලෙස සිදු කිරීමට පියවර ගත්තා.
නමුත් කිරි මිලදී ගැනීමෙන් පසුව එයට පෙර සිද්ධියට සමාන සිදුවීමක් මිල්කෝ සමාගම තුලද සිදු වන බව වාර්තා වෙනවා.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් කපිලවස්තු ධාතුන් සැරියුත් - මුගලන් අගසව්වන්ගේ යන බව පැවසීමත් සමග එය බොහෝ දෙනාගේ කතාබහට ලක්වී තිබුණු අතර බොහෝ දෙනා සිතුවේ විපක්ෂ නායකවරයා මෙම ප්‍රකාශය නොදැනුවත්කමින් සිදුකරන ලද්දක් බවය.
ඒ අනුව එල්ලාවල මේධානන්ද හිමියන් මෙය නිගණ්ඨ කතාවක් ලෙස හදුන්වා දී තිබුන අතර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේකඛාධිකාරී සහ අස්ගිරි මහාවිහාර පරිවේනාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත නාරම්පනාවේ ආනන්ද හිමියෝ විසින් ප්‍රකාශ කර තිබුනේ විපක්ෂ නායකවරයා "කපිලවස්තු ධාතුන්" හට අපහාස කල බවයි.
නමුත් තමා විසින් එම ප්‍රකාශ සිදු කිරීමට හේතුවූ කරුණු විපක්ෂ නායකවරයා විසින් පසුගියදා මඩකලපුවේදී පැවති රැලියකදී මෙසේ ප්‍රකාශකොට සිටියා.
අනේ ඒක රෙකෝඩ් උනානම් දාන්න එපා
භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය භාරත ප්‍රේමචන්ද්‍ර මහතාට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් විභාග වන නඩුවට පැමිණෙන ආකාරයත් ඉන් අනතුරුව පවත්වන වේගවත් කතාවත් අප බොහෝ විට මාධ්‍යයෙන් දැක ඇත්තෙමු.
නමුත් මාධ්‍යය තුලින් දැකීමට නොලැබෙන හිරුණිකා කැමරාවට මුහුණ දීමට ප්‍රථම වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.
එම වීඩියෝව බලන්න පහතින්.
රැවටෙන්න එපා..අපි මෝඩ නෑ..
හෙට අනිද්දා පැවැත්වීමට නියමිත පලාත්සභා මැතිවරණයේ ජය පතා මේ දිනවල මැතිවරණ වේදිකාවෙන් අසන්නට ලැබෙන්නේ ආවේගශීලී කතාය.
අනර්කලී ආකර්ෂා පසුගියදා එවන් ආවේගශීලී කතාවක් කලා.
තමන්ගේ කතාවට තමන්ටම හිනා යන තත්ත්වයක් පෙනෙන්නට තිබුණු එම කතාවෙන් ඇය නැවතත් විපක්ෂ නායකයාගේ SMS කතාවට දැඩි පහරක් එල්ල කළා.
එම කතාව පහතින්.
ඉන්දියාව හතුරෙක්- චීනය සමඟ ආරක්ෂ ගිවිසුමක් ගැසිය යුතුයි- ගුණදාස අමරසේකර
ලංකාවට වඩා ප්‍රයෝජනවත් චීනය ලංකරගැනීමද ඉන්දියාව ලංකරගැනීමද යන ප්‍රශ්නයට උත්තරය කුමක් වුවද එකෙක් ලංකරගන අනෙකා තරහා කරගැනීම අනුවන ක්‍රියාවකි.
කෙසේවුවද පසුගිය කාලයේ වූ ඇතැම් සිදුවීම් වලින් පැහැදිලි වන්නේ රජය විසින් ඉන්දියාව නොසලකා හරිනා තත්ත්වයකි.
කොළඹ ඩුප්ලිකේශන් පාරේ පර්චස් 287 ක ඉඩම ඉන්දියාවට ලබාදීමට පොරොන්දුවී සිටියදී හදිසියේම චීනයට ලබාදීමට රජය ගත් තීරණය මෑතකදී වූ ඒ සඳහා හොඳම උදාහරණයයි. ඉන්දියාවේ ත්‍රීවීල්, බජාජ් මෝටර් රථ ඉලක්කකරගන බදු වැඩිකිරීමද ඊට ආසන්න නිදසුනකි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පලාත් සභා මැතිවරණයත් සමඟ මේ දිනවල දේශපාලන වේදිකාව උණුසුම් වී තිබෙනවා.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන උපේක්ෂා ස්වර්ණමාලි දේශපාලනයට පිවිසියේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ජන්ද වලිනි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතාටත් වඩා මනාප ඇය විසින් ලබාගන්නා ලදි.
එජාපයේ කරපිටින් දේශපාලනයට පැමිණි ඇය දැන් පවසන්නේ "මගේ නම් එකම ප්‍රාර්ථනාව විපක්ෂයක් නැතිම වේවා" කියලයි.
එම වීඩියෝ පහලින්.
මේනකා පීරිස් යනු ඩාන්ස් ස්ටාර් ඩාන්ස් තුලින් වඩාත් ජනප්‍රියත්වයට පත් තරඟකාරියකි. එම තරඟයේදී මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ විශේෂ අවධානය දිනාගැනීමට මේනකා සමත්වුනා.
එතෙක් කල් රඟපෑමට මේනකාගේ තාත්තා සමඟ ත්‍රිවිල් එකකින් එහෙ මෙහෙ ගියත් දැන් මේනකා තමන්ටම කියල මෝටර් රථයක් අරගෙන තිබෙන බව මීට පෙර ලිපියකින් අප ඔබට හෙළි කළා.
ඒ සමඟම දෙහිවල-ගල්කිස්ස නගරාධිපතිවරයා හා මර්වින් සිල්වා අමාත්‍යවරයා සමඟත් මේනකාගේ සමීප ඇසුරක් තිබෙන බව කටකතා පැතිරුණා.
මෙම සබඳතා පිළිබඳව පසුගියදා ඇය පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසින්.
කලා ජීවිතයේ ඉදිරියට යන්න දේශපාලන සබඳතා කොයි තරම් වටිනවද?
කලාවෙන් ඉදිරියට යන්න දේශපාලන සබඳතා අවශ්‍ය නැහැනේ.
ඔබට දේශපාලන සබඳතා තියනවද?
හලාවත මුන්නේශ්වරම් කාලි කෝවිලේ බිලි පූජාව පසුගිය කාලය පුරාවට උණුසුම් මාතෘකාවක්ව පැවතුනා.බෞද්ධ ආගමික බහුතරය මේ සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කල අතර මේ වනවිට එය නැවත කරලියට පැමිණ තිබේ.
මෙහිදී කෝවිලේ ප‍්‍රධාන පූජක කාලිමුත්තු ශිවපාක්‍ය සුන්දරම් පූජකවරයා විසින් කියා සිටියේ සතුන් විශාල සංඛ්‍යාවක් නොමරන බවත් සංකේතාත්මක ලෙසින් සතුන් දෙතුන් දෙනෙක් පමනක් බිලි පුජාවට ලක් කරන බවයි.
නමුත් අන්තර්ජාලයට මෙයට පෙර නිකුත් වූ වීඩියෝවක් මගින් පැහැදිලි වුයේ සතුන් විශාල සංඛ්‍යාවක් ලේ විලක් මැද කුරිරි ලෙසින් ඝාතනය කරන ලද අන්දමයි. (එම වීඩියෝව ලිපියේ අවසානයේ ඇත)