වර්තමානයේ ජනාධිපතිතුමාගේ ඡ්‍යොතිෂ කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස ද, ස්වාධීන රූපවාහිනී සේවයෙහි උපදේශකවරයකු ලෙස ද, ගාල්ල දිසා සමූපකාර රෝහලෙහි අධ්‍යක්ෂවරයකු ලෙස ද, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරන්නේ ප්‍රවීණ ඡ්‍යොතිෂ්‍යවේදී දේශබන්ධු සුමනදාස තිලක් අබේගුණවර්ධන මහතායි.පසුගිය මාර්තු මාසයේ පැවති පුවත්පත් සාකච්චාවකදී ඔහු පවසා සිටියේ ඒ දිනවල ගෙවෙන්නේ ඔහුගේ අවසාන කාලය බවත්, ලංකාවේ ඉහලම වෛද්‍යවරු විසින් එය තීරණය කර තිබෙන බවත්ය.
එබැවින් ඊලඟ රාජපක්ෂ නායකයාට නැකත් හැදීමේ පින්බර අවස්ථාවට පෙර තමා මියයන බවත්, ඒ පැවැත්වූයේ ඔහුගේ අවසන් පුවත්පත් සාකච්ජාව වීමට හැකි බවත් පවසා සිටියද පසුගියදා ඔහු ජාතික ඉතිරිකිරීමේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වී නැවතත් එම තනතුරද භාරගනු ලැබුවා.



