සත්කෝරලයට අධිපති බවට විශ්වාස කෙරෙන ගලේබණ්ඩාර දෙවියන් හෙවත් කුරුණෑගල රජ කළ වත්හිමි කුමරුන්ගේ සොහොන ලෙස සැළකෙන කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරය ආසන්නයේම පිහිටි ඉපැරණි ස්ථානයක් නිධන් හොරුන් විසින් පසුගියදා හාරා තිබෙනවා.ඇත්කඳ රජ මහා විහාරයට යාබද පිහිටි ගලේබණ්ඩාර දේවාලයත්, ඇතාගලත් අතර පිහිටි කෑලෑබද ප්රදේශයේ මෙම සොහොන තිබී ඇත. ගලේබණ්ඩාර දේවාලය ඇත්කඳ රජමහා විහාරය සතුව තිබෙන අතර සොහොන පිහිටි ප්රදේශය රක්ෂිත වනයකි.






