පසුගිය 13දා පස්වරු 01ට පමණ ගල්ගමුව පදිංචි උපාලි අමරසිංහ මහතාගේ ජංගම දුරකථනය රතිඤ්ඤා හඩට වඩා වැඩි ශබිදයකින් පුපුරා ගොස් තිබෙනවා.
ගල්ගමුව නගරයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන්ද එතැන සිට ඇති අතර පිපිරීම හේතුවෙන් ඔහු ඇඳ සිටි කිලිසමද ගිනිගෙන ඇත. 51 හැවිරිදි ඔහුගේ පාදයක් හා අතක් ද එම නිසා පිලිස්සී ඇත.
ඔහු භාවිතා කර ඇති දුරකථනය වන්නේ Samsung GT E1085F ය
පසුගිය ජූලි 09 වනදා ගම්පහ ප්‍රදේශයේ පදිංචි රංග දුමින්ද නම් තැපැල් සේවයේ නියුතු පුද්ගලයාගේද සාක්කුවේ තිබියදී ජංගම දුරකථනය පුපුරා ගිනිගෙන තිබුණා.
එය සාක්කුවෙන් ඉවත්කිරීමට යාමේදී ඔහුගේ අතක්ද පිලිස්සී හදිසි අනතුරු අංශයට ඇතුලත් කර තිබුණා.
විශාල ප්‍රමාණයේ උල්කාවක් පසුගියදා බ්‍රහස්පතී ග්‍රහායාගේ ගැටී තිබෙනවා.
ආධුනික තාරකා විද්‍යාඥයෙකු වන ජෝජ් හේල් විසින් මෙම ගැටීම වීඩියෝගත කර තිබෙන අතර ඒ සඳහා ඔහු භාවිතා කළ මෘදුකාංගය Astro IIDC බවත් වීඩියෝගත කිරීම සඳහා භාවිතා කලේ 12" LX200GPS, 3x Televue Barlow, and Point Grey Flea කැමරා 3 බවත් ඔහු පවසනවා.
මීට පෙර බ්‍රහස්පතී ග්‍රහයාගේ මෙවැනිම විශාල ප්‍රමාණයේ උල්කා ගැටීම් 2004, 2009 හා 2010 වසරේද වාර්තා වී තිබෙනවා.
උල්කාපාත ගැටුමේ ජායාරූප හා වීඩියෝව පහතින්.
පවතින විභාග ක්‍රමයේ අර්බුද සමග කෙසේ හෝ සරසවි වරම් ලබාගැනීම සඳහා අඩු z ලකුණක් ලබාගනිමින් සරසවි ප්‍රවේශය ලබාගැනීම සඳහා නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් උසස්පෙළ සඳහා ඉදිරිපත්වීමේ ප්‍රවනතාව ඉහලගොස් ඇති බව වාර්තා වේ.
නුවරඑලිය දිස්ත්‍රික්කයේ උසස්පෙළ පන්ති පැවැත්වෙන පාසල් සඳහා වෙනත් දිස්ත්‍රික්ක වලින් ළමුන් පැමිණීමත් සමග එම දිස්ත්‍රික්කයේ ළමුන්ට අපහසුතාවයට මුහුණපෑමට සිදුව ඇත.
සත්කෝරලයට අධිපති බවට විශ්වාස කෙරෙන ගලේබණ්‌ඩාර දෙවියන් හෙවත් කුරුණෑගල රජ කළ වත්හිමි කුමරුන්ගේ සොහොන ලෙස සැළකෙන කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරය ආසන්නයේම පිහිටි ඉපැරණි ස්ථානයක් නිධන් හොරුන් විසින් පසුගියදා හාරා තිබෙනවා.
ඇත්කඳ රජ මහා විහාරයට යාබද පිහිටි ගලේබණ්ඩාර දේවාලයත්, ඇතාගලත් අතර පිහිටි කෑලෑබද ප්‍රදේශයේ මෙම සොහොන තිබී ඇත. ගලේබණ්ඩාර දේවාලය ඇත්කඳ රජමහා විහාරය සතුව තිබෙන අතර සොහොන පිහිටි ප්‍රදේශය රක්ෂිත වනයකි.
පසුගියදා පැවති දෙරණ ලක්ස් සිනමා සම්මාන උළලේ ජනප්‍රිය නළුවා හා නිළිය වුයේ රන්ජන් හා අනර්කලිය.නමුත් ඉටිමල් නාට්‍යය රුගත කරන අතරතුර සිදුවූ සිදුවිඅම්ක් හේතුවෙන් අනර්කලී හා රන්ජන් විරසක වී ඇති බව පසුගියදා අප වාර්තා කල අතර නාට්‍යයෙන් ඉවත්වීමට ගියත් පසුව නැවත එම නාට්‍යයේ රඟපෑමට ඇය එකඟ වී තිබුණි.
ඉටි මල් නාට්‍යය අතරතුරදී සිදුවීම සැබෑවක් බවත් නමුත් ඉදිරියේදී රංගනයට දායක වන බවත් ඇය පුවත්පතකට පවසා තිබුනේ මෙසේය.
"ඉටිමල්" දර්ශන තලයේදී රන්ජන් රාමනායක සමඟ ඔබ කිසියම් කතාබහක් ඇතිවුණු බව වෙබ් අඩවි කීපයකම පළවුණා. එය සත්‍යයක් ද? ඇත්තටම මොකද වුණේ...?
ජනපි‍්‍රය මෝස්තර නිරූපිකාවක් හා නිවේදිකාවක් වන පියුමි ඉමල්කා ලීනියගල පසුගියදා විවාහ ගිවිසගනු ලැබිය. සැප්තැම්බර් මස පළමුවනදා ගල්කිස්ස හෝටලයේදී පියුමි විවාහ ගිවිසගෙන ගත්තේ ගිහාන් නම් අයෙකු සමගය.
ස්වර්ණවාහිනියේ "ලිය සෙවන" වැඩසටහන ඉදිරිපත් කිරීම මගින් පියුමි ජනප්‍රියත්වයට පත්විය. පියුමිගේ විවාහ ගිවිසගැනීමේ ජායාරුප එකතුවක් පහතින් බලන්න.
මේක යාලුවෝ අතර වුන ගැටුමක්- මර්වින් සිල්වා.
කලිනුත් ගහලා තියන නිසා සූක්ෂම ආකාරයෙන් හැංගිලා- පොලීසිය
අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඇතුළු පස් හය දෙනෙක් විසින් කළ යුද හමුදාවේ බුද්ධි අංශයේ මේජර්වරයකුට දරුණු ලෙස පහර දීමෙන් පසුව මාලක සිල්වා තවමත් නිදැල්ලේ හැසිරෙන අතර පොලීසිය විසින් තවමත් ඔහුව අඩංගුවට ගෙන නැහැ.
මෙම සිදුවීමෙන් පසුව දින හයක් ගෙවී ගොස් ඇතත් මාලක් සිල්වා ගේ රියදුරා විසින් ගිනි අවි පොලිසියට ගෙනත් බාර දුන් මොහාතේ වත් නිතිය ක්‍රියාත්මක වී නැහැ.
මේ පිළිබඳව මෙතෙක් කල් නිහඬව සිටි මාලක සිල්වාගේ පියා වන මර්වින් සිල්වා අමාත්‍යවරයා ඊයේ දිනයේ පැවැත්වූ මාධ්‍යය හමුවකදී මෙම සිදුවිම පිළිබඳව පැවසුවේ මෙවැන්නක්.
කොළ පැහැති-තැලී පොඩි වූ- පැළවුණු අර්තාපල් කෑවොත් ස්නායු රෝග අවදානමක්- කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරී.
අර්තාපල් ආහාරයට ගැනීමේදී විශේෂ අවධානයක් යොමු කලයුතු බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පවසනවා.
අංකුර සහිත අර්තාපල්, කොළ වර්ණයෙන් යුත් අර්තාපල් හා තැලී පොඩි වූ අර්තාපල් ආහාරයට ගැනීම මගින් එහි අඩංගු ලයිකෝ ඇලෝකෝ ලයිම් නම් අහිතකර රසායනික ද්‍රව්‍ය ශරීරගතවීමේ අවදානමක් ඇතිවන බවයි ඔහු පවසන්නේ.