දේශප්‍රේමී විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ සංසදය ලෙස හදිසියේ සංසදයක් අටවාගත් එස්.බී දිසානායකට කඩේ යන ආචාර්යවරුන් කිහිප දෙනෙක් විසින් කොළඹ සව්සිරිපායේදී පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වා තිබුනා.
රට පුරා ආචාර්යවරුන් විසින් මාස 3ක් තිස්සේ ගෙනයන සටන "විදේශ බලවේග වල කුමන්ත්‍රණයක්" ලෙස හුවාදක්වමින් එය දියකර හැරීම සඳහා ඔවුන් පැමිණියද මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නකිරීම් හමුවේ තමන් නියෝජනය කළ සංසදය පිළිබඳවත් නොදැන කෝප වී ඔවුන් මාධ්‍යවේදීන්ට බැන වැදී තිබුණා.
එහිදී එහි කැඳවුම්කරු ෆීලික්ස් නෙම්සිරි ජයතිලක පැවසුවේ
"මේ අරගලය වැරදි වහන්තරාවක් ඉස්සරහට දාගන කරන අරගලයක්. අනික මේකේ නරක දෙයක් තියනවා මේක පිටිපස්සේ. මේකේ තියනවා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. මම බය නැතුව කියනවා ඒක."
ඔවුන්ගේ පිටුපස "දේශප්‍රේමී විශ්‍යවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංසදය" ලෙස විශාල බැනරයක් ද තිබූ අතර මෙම මාධ්‍ය සාකච්ජාවට පැමිණි මාධ්‍යවේදීන් ඒ පිළිබඳව විමසීමක් කළා.
- අද මම පොලීසියට බාර වෙනවා.
- මම එදා හෝටලයට ගියේ ජන්ද ප්‍රතිපල අහන්නයි.
- මම කිසිම පහරදීමක් කළේ නැහැ.
- CCTV වල තියන ඒවා ගැන දන්නේ නැහැ.
- මම ඩ්‍රයිවර්ට කිව්වා පිස්තෝලය ගැන ඇමතිතුමාට කියන්න කියලා
- රණවිරුවන්ට අප ඉන්න තැනක අතක් උස්සන්න දෙන්නේ නැහැ
- මම පොලීසිය මඟ හැරියේ නැහැ. දැනුත් මම ඉන්නේ පොඩි ගමනක් යන ගමන්.
- මාව ආරක්ෂා කරන්න හොඳ යාලුවෝ පිරිසක් ඉන්නවා
අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා හා තුර්කියේ තානාපතිනියගේ පුත් රෙහාන් විජේරත්න විසින් බුද්ධි අංශ මේජර්වරයෙකුට පහරදීමෙ පසුව මාලක, රෙහාන් ඇතුළු 5 දෙනෙක් අද කොම්පඤ්ඤ වීදියේ පොලීසිය වෙත බාර වී තිබෙනවා. අනතුරුව ඔවුන් 24 වනදා දක්වා බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කර තිබෙන්නේ.
ඊට ප්‍රථම ඊයේ මාලක සිල්වා විසින් එම පහරදීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා. එම සාකච්ජාව පහතින්.
එදා මොකක්ද වුනේ?
මහනුවර ගාල්තැන්න දේවාලයේ දෙවගැති ගාමිණී ආනන්දගේ ක්‍රියාකලාපය මෙයට පෙර කිහිපවතාවක්ම අප විසින් හෙළිකරනු ලැබුවා. ගාල්තැන්න දේවාලය මාධ්‍යය මගින් විශාල සහයක් ලබාදෙන්නේ ස්වර්ණවාහිනිය වන අතර එය ස්වර්ණමහල් හා බැදුණු ව්‍යපාරික සම්බන්ධයක් බව අප මෙයට පෙර හෙළිකර සිටියා.
මේ පිළිබඳව සවිස්තරව හෙළිකොට සිටියේ නෙත් එෆ්. එම් බැලුම්ගල කණ්ඩායම විසිනි. ඔවුන්ගේ හෙළිදරව් කිරීම් හේතුවෙන් කෝපයට පත් දේවගැතිවරයා විසින් මිලියන 50 ක් ඉල්ලා නෙත් එෆ්. එම් වෙත වන්දි නඩුවක් පැවරු අතර නෙත් එෆ්. එම් කණ්ඩායම විසින් දෙවගතිවරයාගේ ගිලන්වූ පියාට රෝද පුටුවක් පරිත්‍යාග කරනු ලැබුවා.
අකාර්යක්ෂම පරිපාලනය සහ අඩු පහසුකම් පිලිබඳ හේතු දක්වා මිල්කෝ ආයතනය පෞද්ගලිකකරණය කිරීමේ වෑයමක් පිලිබඳ වාර්තා වේ.
මෙම වැඩපිළිවෙල දියත්කොට ඇත්තේ ජනාධිපති ආර්යාවගේ ඥාතියෙකු වන මිල්කෝ සමාගමේ නව අධ්‍යක්ෂක වරයා වන සුනිල් වික්‍රමසිංහ විසිනි.
කිරි ගොවීන්ගෙන් කිරි මිලටගෙන ඒවායින් වැඩි ප්‍රමාණයක් විනාශ කිරීමට මිල්කෝ සමාගම පියවරගෙන තිබු අතර මෙයට පෙර ලිපියකින් අප හෙළිකොට සිටියේ එලෙස කිරි ලීටර් ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් විනාශකොට ඇති බවයි.
දිවයිනේ සියලු කිරි ගොවීන්ගෙන් දිනපතා එකතුවන කිරි ප්‍රමාණය කිරි ලීටර් ලක්ෂ හයකට ආසන්න වන අතර ඉන් මිල්කෝ සමාගම සිය නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන්නේ කිරිලිටර් ලක්ෂ දෙකක් වැනි සුළු ප්‍රමාණයකි.
පසුගිය 13 වනදා ගල්ගමුවේ පුද්ගලයෙකුගේ සාක්කුවේ තිබී ජංගම දුරකථනයක් පිපිරී ගිය පුවතක් ජායාරූප සහිතව අප ඔබට ගෙන ආවා.
එයට ප්‍රතිචාරයක් වශයෙන් තවත් එවැනිම පුපුරා ගිය ජංගම දුරකතයක් පිලිබඳ තොරතුරු අපගේ පාඨකයෙකු අප වෙත යොමුකොට තිබෙනවා.
එය ZIGO වර්ගයේ දුරකතනයක් වන එය පුපුරාගොස් ඇත්තේ එහි බැටරිය නැවත ආරෝපණය කරන අවස්ථාවේදීය.
කෑගල්ලෙන් වාර්තා වූ පුපුරා ගිය ජංගම දුරකතනයේ ජයාරූප කිහිපයක් පහතින් බලන්න.
පසුගිය 13දා පස්වරු 01ට පමණ ගල්ගමුව පදිංචි උපාලි අමරසිංහ මහතාගේ ජංගම දුරකථනය රතිඤ්ඤා හඩට වඩා වැඩි ශබිදයකින් පුපුරා ගොස් තිබෙනවා.
ගල්ගමුව නගරයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන්ද එතැන සිට ඇති අතර පිපිරීම හේතුවෙන් ඔහු ඇඳ සිටි කිලිසමද ගිනිගෙන ඇත. 51 හැවිරිදි ඔහුගේ පාදයක් හා අතක් ද එම නිසා පිලිස්සී ඇත.
ඔහු භාවිතා කර ඇති දුරකථනය වන්නේ Samsung GT E1085F ය
පසුගිය ජූලි 09 වනදා ගම්පහ ප්‍රදේශයේ පදිංචි රංග දුමින්ද නම් තැපැල් සේවයේ නියුතු පුද්ගලයාගේද සාක්කුවේ තිබියදී ජංගම දුරකථනය පුපුරා ගිනිගෙන තිබුණා.
එය සාක්කුවෙන් ඉවත්කිරීමට යාමේදී ඔහුගේ අතක්ද පිලිස්සී හදිසි අනතුරු අංශයට ඇතුලත් කර තිබුණා.
විශාල ප්‍රමාණයේ උල්කාවක් පසුගියදා බ්‍රහස්පතී ග්‍රහායාගේ ගැටී තිබෙනවා.
ආධුනික තාරකා විද්‍යාඥයෙකු වන ජෝජ් හේල් විසින් මෙම ගැටීම වීඩියෝගත කර තිබෙන අතර ඒ සඳහා ඔහු භාවිතා කළ මෘදුකාංගය Astro IIDC බවත් වීඩියෝගත කිරීම සඳහා භාවිතා කලේ 12" LX200GPS, 3x Televue Barlow, and Point Grey Flea කැමරා 3 බවත් ඔහු පවසනවා.
මීට පෙර බ්‍රහස්පතී ග්‍රහයාගේ මෙවැනිම විශාල ප්‍රමාණයේ උල්කා ගැටීම් 2004, 2009 හා 2010 වසරේද වාර්තා වී තිබෙනවා.
උල්කාපාත ගැටුමේ ජායාරූප හා වීඩියෝව පහතින්.
පවතින විභාග ක්‍රමයේ අර්බුද සමග කෙසේ හෝ සරසවි වරම් ලබාගැනීම සඳහා අඩු z ලකුණක් ලබාගනිමින් සරසවි ප්‍රවේශය ලබාගැනීම සඳහා නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් උසස්පෙළ සඳහා ඉදිරිපත්වීමේ ප්‍රවනතාව ඉහලගොස් ඇති බව වාර්තා වේ.
නුවරඑලිය දිස්ත්‍රික්කයේ උසස්පෙළ පන්ති පැවැත්වෙන පාසල් සඳහා වෙනත් දිස්ත්‍රික්ක වලින් ළමුන් පැමිණීමත් සමග එම දිස්ත්‍රික්කයේ ළමුන්ට අපහසුතාවයට මුහුණපෑමට සිදුව ඇත.