චීනයෙන් බස් රථ 3,000ක් ගැනීමට ලංගම සූදානම් වෙනවා. මෙම ගණුදෙනුවත් සමඟ කලබලයට පත්වී සිටින්නේ පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයයි.
ඔවුන් පවසන්නේ අලුතින් බස් රථ 3000 ක් ධාවනයේ යොදවන්නේ නම් ඊට විරුද්ධව දින 14 ක් තුළ දීපව්‍යාප්ත එක්‌දින සංකේත වැඩවර්ජනයක් කරන බවයි.
ලංගම සතුව මේ වනවිට බස් රථ 5,000ක් පමණ ඇති අතර ඒවායින් 3,500ක් පමණ වසර 15ක් පමණ පැරණි බවත්, චීනයේ තාක්ෂණය දියුණු බවත් පසුගියදා අමාත්‍ය වෙල්ගම මහතා පවසා තිබුණා.
සිනමා නළු අර්ජුන කමලනාත් විසින් පසුගිය සැප්තැම්බර් 1 වන දින සංවිධානය කරන ලද "ලංකා ෆේසස් ස්පෙෂල් නයිට්" නමැති ප්‍රසංගය ඔස්සේ මුල්‍යමය වංචාවක් සිදුකොට ඇත.
අදාළ ප්‍රසංගය පැවැත්වීමට ප්‍රධාන අනුග්‍රහය ලබා දුන් "ලංකා ෆේසස් " ආයතනය විසින් ප්‍රසංගය පැවැත්වීමට ලබා දුන් අති විශාල මුදලක් මෙසේ අර්ජුන කමලනාත් විසින් වංචනිකව ලබාගෙන ඇත.
"ලංකා ෆේසස් ස්පෙෂල් නයිට්" ප්‍රසංගය පසුගිය පලවනදා නෙලුම් පොකුණ රඟහලේ පැවැත්වුන අතර අර්ජුන කමලනාත් විසින් එම ආයතනයෙන් ලක්ෂ 20 ක මුදලක් වංචා සහගතව ලබාගෙන ඉතා සොච්චම් මුදලක් එහි රඟපෑ රංගන ශිල්පීන් ට ගෙවා ඉතිරිය ඔහු විසින් ලබාගෙන ඇත.
එක්‌සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය ඒකාබද්ධව ඊයේ නැගෙනහිර පළාත් සභාවේ බලය පිහිටවනු ලැබුවා.
එහි මහ ඇමති ලෙස පත්කළේ එජනිස යෙන් තරග කළ අබ්දුල් මජීඩ් මොහොමඩ් නජීබ් ය. ඔහු පසුගිය එජනිස රජයේ හිටපු සමුපකාර නියෝජ්‍ය ඇමැතිවරයාය.
හිටපු මහ ඇමති වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හට ඊයේ අරලිය ගහ මන්දිරයේදී ජනාධිපති උපදේශක තනතුරක් පිරිනමා තිබෙනවා.
ඊයේ (19) දිනයේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන් අතර ඒ අනුව කඩුලු 4 ක් දැවී ලකුණු 182 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම හැකිවිය.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 100 ක් පමණයි.ඒ අනුව 20/20 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයේ ලකුණු 82 ක ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විනි.
අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාගෙන් හා රෙජාන් විජේරත්න යන ඇමති පුතුන් දෙදෙනාගෙන් පසුගියදා ඔලුව පැලෙනකම් ගුටිකා දින ගනනක් රෝහල්ගතව සිටි බුද්ධි අංශ මේජර්වරයා විසින් අමාත්‍ය මර්වින් සිල්වාගේ බලපෑම් හමුවේ සිය සටන අත්හැර දමා තිබෙනවා.
මෙතෙක් දවසක් රෝහල්ගතව සිටි ප්‍රදීප් සුසේන නම් එම යුධ හමුදා මේජර්වරයා අද දිවුරුම් පෙත්සමක් මඟින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙන්නේ මාලක සිල්වා හා රෙහාන් විජේරත්න තමන්ට පහර නොදුන් බවයි.
මාලක රෙහාන් දෙදෙනාම බරපතල රෝග වලින් පෙළෙනවායැයි කියා නීතීඥවරු ඇප ඉල්ලයි
මාලක සිල්වා හා රෙහාන් විජේරත්න යන ඇමති පුතුන් දෙදෙනා ඊයේ අධිකරණය බාරවීමත් සමඟ උසාවියට ඉදිරිපත්කරනු ලැබුවා.
එදිදී එක්ස්-රේ කොල කිහිපයක් ද සමඟ මර්වින් සිල්වා දුවගන උසාවියට පැමිණි අතර එම පාර්ශවයේ නීතීඥයන් විසින් උසාවියට කරුණු දැක්වූයේ මාලක හා රෙහාන් දැඩි රෝගාබාධ වලින් පෙලෙන බවයි.
"මාලක සිල්වා පිටකොන්දේ ආබාධයකින් පෙළෙනවා. එය ඉතාම භයානක රෝගී තත්ත්වයක් බව ස්නායු වෛද්‍ය පද්ම ගුණරත්න මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඉදිරියේදී ඔහුට ශල්‍යකර්මයක්ද කිරීමට නියමිතයි."
දෙවන සැකකරු වන රෙහාන් විජේරත්නගේ නීතීඥයා පැවසුවේ
"දෙවන සැකකරුත් හුස්ම ගැනීමේ බරපතල රෝගී තත්ත්වයකින් පෙළෙනවා. ඔහුට රෑට උපකරණයක් සවිකර නිදාගන්නා ලෙසට වෛද්‍ය උපදෙස් ලබාදී තිබෙනවා"
බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරුගේ නිරුවත් ජායාරූප ප්‍රසිද්ධ වී මාසයක් ගතවෙද්දී විලියම් කුමරුගේ බිරිඳ වන කේට් කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූප කිහිපයක් ප‍්‍රංශ සඟරාවක් පසුගියදා ප්‍රකාශයට පත්කලා.
ක්ලෝසර් නම් එම සඟරාව විසින් පිටු 4ක් පුරාවට පල කර ඇති එම ඡායාරූප කේට් හා ඇගේ සැමියා වන විලියම් කුමරු පසුගියදා ප‍්‍රංශයේ දී ගත කළ පෞද්ගලික නිවාඩුවක් අතරතුරේදී ගත් ඡායාරූපයි.
යාර 1,000ක් පමණ දුර සිට දිගු කැමරා කාච යොදාගන ගෙන ඇති මෙම ජායාරූප පැහැදිලි බවින් අඩු වුවද ඒවායේ සිටින්නේ කේට් බව පැහැදිළිව හඳුනාගත හැකි බවයි පැවසෙන්නේ.
දේශප්‍රේමී විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ සංසදය ලෙස හදිසියේ සංසදයක් අටවාගත් එස්.බී දිසානායකට කඩේ යන ආචාර්යවරුන් කිහිප දෙනෙක් විසින් කොළඹ සව්සිරිපායේදී පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වා තිබුනා.
රට පුරා ආචාර්යවරුන් විසින් මාස 3ක් තිස්සේ ගෙනයන සටන "විදේශ බලවේග වල කුමන්ත්‍රණයක්" ලෙස හුවාදක්වමින් එය දියකර හැරීම සඳහා ඔවුන් පැමිණියද මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නකිරීම් හමුවේ තමන් නියෝජනය කළ සංසදය පිළිබඳවත් නොදැන කෝප වී ඔවුන් මාධ්‍යවේදීන්ට බැන වැදී තිබුණා.
එහිදී එහි කැඳවුම්කරු ෆීලික්ස් නෙම්සිරි ජයතිලක පැවසුවේ
"මේ අරගලය වැරදි වහන්තරාවක් ඉස්සරහට දාගන කරන අරගලයක්. අනික මේකේ නරක දෙයක් තියනවා මේක පිටිපස්සේ. මේකේ තියනවා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. මම බය නැතුව කියනවා ඒක."
ඔවුන්ගේ පිටුපස "දේශප්‍රේමී විශ්‍යවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංසදය" ලෙස විශාල බැනරයක් ද තිබූ අතර මෙම මාධ්‍ය සාකච්ජාවට පැමිණි මාධ්‍යවේදීන් ඒ පිළිබඳව විමසීමක් කළා.