හොරොව්පතාන , ඉහළදිවුල්වැව ශ්‍රී ජිනරතනාරාමයේ විහාරාධිපති ඉහළ දිවුල්වැවේ විමලවංශ හිමියන්ට ඊයේ (24) රාත්‍රි 9.30 ට පමණ එම විහාරස්ථාන බිමේ දී මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ. විමලවංශ හිමියෝ ඉහළ දිවුල්වැව විදුහලේ ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරන අතර හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙක් ද වෙති. ඊයේ (24) සවස 5.30ත් 6ත් අතර මෙම විහාරස්ථානයට කිසියම් පිරිසක් පැමිණ රතිඤ්ඤා පත්තු කරන්නට පටන් ගෙන ඇත. එම පිරිස අතරේ කපුගොල්ලෑවේ සිදු වූ මිනිමැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණයේ අධිචෝදනා ලැබ සිටින ප්‍රදීප් සඳරුවන් නැමැත්තා ද සිටින බව හිමියෝ හදුනා ගෙන ඇත. මොහු සිවිල් ආරක්ෂක බලකායේ හිටපු සෙබළෙකි. මිනිමැරුම් සිද්ධියත් සමග ඔහුගේ සේවය අත්හිටුවා තිබේ.
Wednesday, September 26, 2012
තේ කෝප්පයට බසින බ්‍රිතාන්‍යයේ කුඩාම සුනඛ පෝතකයා ‘මිනී’
තදින් වසා ගත් දෙනෙතින් යුතුව තේ කෝප්පයක් තුළ සුව නින්දේ පසුවන ‘මිනී’ සුනඛ පෝතකයකු බව බැලූ බැල්මට කිසිවෙකුට කිව නොහැක. මිනිස් නියපොත්තකටත් වඩා කුඩා වූ අත් හා පා පතුල් සහිත අඟල් හතරක දිගින් යුතු සුනඛ පෝතක ලිලිපුට්ටෙකු වන ‘මිනී’ එතෙක් මතෛක් බ්‍රිතාන්‍යය ඉතිහාසයෙන් වාර්තා වුණු කුඩාම සුනඛ පෝතකයා ලෙස විරුදාවලි ලැබිමට තරම් වාසනාවන්ත වී තිබේ. යෝර්ක්ෂයර් ටෙරියර් හා චිහුආහුආ දෙවර්ගයේ දෙමුහුම් වර්ගයකට අයත් මිනී මීට සති දෙකකට එපිටදී මෙලොව එළිය දුටු අවස්ථාවේදී ඇය කෙතරම් දුර්වල තත්ත්වයක පසු වීද යත් ඇය ජීවත්වනු ඇතැයි කිසිවෙකුත් බලාපොරොත්තු නොවීය
Tuesday, September 25, 2012
රන්ජන් රඟන "රන්ජා"
සුනිල් ටී.ප‍්‍රනාන්දු විසින් නිෂ්පාදනය කරන සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කරන "රන්ජා" නම් නවතම චිත්‍රපටය සඳහා දෙරණ සිනමා සම්මාන උළලේ ජනප්‍රියම නළුවා වූ රන්ජන් රාමනායක තෝරාගෙන තිබේ.
මේ සඳහා රන්ජන් රාමනයාක වෙත කරනු ලබන ගෙවීම ලක්ෂ 25 ක් බව වාර්තා වේ. මෙහි ප‍්‍රධාන නිළියගේ චරිතයට පණ පොවන්නේ පියුමි බොතේජු වන අතර රොබින් ප‍්‍රනාන්දු, රොජර් සෙනවිරත්න, රෙක්ස් කොඩිප්පිලි, දුලීකා මාරපණ , ටෙනිසන් කුරේ, හා ශී‍්‍රමාල් වෙඩිසිංහ ද අනෙකුත් චරිත වලින් දායක වේ.
චිත්‍රපටයේ මුහුරත් උළෙල දා ජයාරූප එකතුවක් පහතින් බලන්න
මේ සඳහා රන්ජන් රාමනයාක වෙත කරනු ලබන ගෙවීම ලක්ෂ 25 ක් බව වාර්තා වේ. මෙහි ප‍්‍රධාන නිළියගේ චරිතයට පණ පොවන්නේ පියුමි බොතේජු වන අතර රොබින් ප‍්‍රනාන්දු, රොජර් සෙනවිරත්න, රෙක්ස් කොඩිප්පිලි, දුලීකා මාරපණ , ටෙනිසන් කුරේ, හා ශී‍්‍රමාල් වෙඩිසිංහ ද අනෙකුත් චරිත වලින් දායක වේ.
චිත්‍රපටයේ මුහුරත් උළෙල දා ජයාරූප එකතුවක් පහතින් බලන්න
ඇමති විමල් ගුගල් ට නැවතත් දොස් තබයි!

"අන්තර්ජාලය පාවිච්චි කරන අය ගුගල් සර්ච් එන්ජින් එක පාවිච්චි කරන්න එපා..ජීමේල් එකෙන් ගැලවෙන්න..මගෙත් තියෙන්නේ ජීමේල් එක ඊමේල්..හෙට ඉදන් ඒක වෙනස් කරනවා..ජි මේල් වලින් අයින් වෙමු..ගුගල් වලින් අයින් වෙමු.."
“ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්” (මුස්ලිම්වරුන්ගේ අහිංසකත්වය) නම් සිනමා නිර්මාණයකට එරෙහිව ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් විසින් අරඹා ඇති විරෝධතා ව්‍යාපාරයට හේතුව ගුගල් බව අමාත්‍ය විමල් විරවංශ මහතා ප්‍රකාශකොට ඇති අතර ගුගල් සෙවුම් යන්ත්‍රය උපයෝගී කරගනිමින් ඇමරිකාවේ බලධාරීන් සාරධර්ම කඩකරමින් සිටින බවද මාධ්‍යය හමුවකදී ප්‍රකාශකොට ඇත.
වැල්ලවත්තේ වැටලූ ගණිකා නිවාසය මර්වින්ගේ ලේකම්ගේ
පසුගිය සිකුරාදා පස්වරුවේ අංක 577, ගාලුපාර ස්ථානයේ දෙමහල් නිවසක පවත්වාගන ගිය සුපිරි ගණිකා මධ්‍යස්ථානය වලාන දූෂණ මර්දන ඒකකය විසින් වටලනු ලැබු අතර පසුව අනාවරනය වුනේ එහි හිමිකරු වන්නේ අමාත්‍ය මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම් බවයි.එම ඒකකයට ලද තොරතුරක් මත අලුත්කඩේ උසාවියේ සෝදිසි වරෙන්තුවක් මත මෙම ස්ථානය උපායදූතයන් දෙදෙනෙකු යොදවා සෝදිසි කර තිබුණි.
දමිතා දෙසැම්බර් මස යුග දිවියට
ජනප්‍රිය නිලියක් මෙන්ම ගායිකාවක් වන දමිතා අබේරත්න එළෙඹෙන දෙසැම්බර් මස යුග දිවියට එළඹීමට සුදානම් වන බව වාර්තා වනවා.
දමිතා අබේරත්න මෑතකදී වඩාත් කතාබහට ලක්වුයේ රුවන්වැල්ලේ සෝභිත සම්බන්ධයෙන් ගොඩනැගුනු කතිකාවට ඇගේ නමද ගෑවී තිබු හෙයින්.
එහෙයින් ඇය තමාගේ නිර්දෝෂී භාවය ප්‍රකාශකරමින් පුවත්පත්වලට ලිපි සපයන අතරේ ඒ පිලිබඳ පලකල වෙබ් අඩවි වලට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ කලාය.
බර්ටිද එස්.එම් ද? දෙදෙනාම උතුරු මැද වැව් අමුණු විනාශ කළෝ වෙති
උතුරු මැද පලාත් සභාවේ මහඇමති දූරය සඳහා බර්ටි ප්‍රේමලාල් දිසානායක හා එස්.එම්.රංජිත් කුලල් කාගන්නා අයුරු පසුගියදා දක්නට ලැබුණා.එම ගැටුම නිමාවට පත්කරමින් එස්.එම්.රංජිත් අද මහ ඇමති දූරයේ දිවුරුම් දීමට නියමිතය.
මෙයින් නොසතුටට පත් බර්ටි ප්‍රේමලාල් සතුටු කිරීම සඳහා ඔහුට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු අසුනක් ලබාදීමට යෝජනා වී තිබෙනවා.
මේ සඳහා කවුරුන් හෝ සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු අතර මාලනී ෆොන්සේකා මහත්මිය සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමට තීරණය කොට තිබෙන බවයි වාර්තා වෙන්නේ.
ඒ වෙනුවට මාලනී ෆොන්සේකාට වෙනත් ඉතා වැදගත් තනතුරක් පිරිනැමීමට නියමිතය.
කෙසේ වුවද බර්ටි ප්‍රේමලාල් උතුරු මැද මහ ඇමති වුවද, එස්.එම් රංජිත් මහ ඇමති වුවද එයින් වැඩි වෙනසක් උතුරු මැදට අපේක්ෂා කළ නොහැකිය.
දෙදෙනාම මැර දේශපාලඥයෝය. දෙදෙනාම වැව් තාවුලු වල හෝටල් හදමින් ස්වභාවික සම්පත් විනාශ කළ අය වෙති.
Subscribe to:
Posts (Atom)


