චොක්ලට් වර්ගයක බ්ලේඩ් තලයක් තිබී එය අනුභව කළ පුද්ගලයකුගේ සිරුර තුළට යෑමෙන් බරපතළ කැපීම් සහිත තුවාල ඇතිවී ම නිසා රෝහල්ගත කැර තිබේ.මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපා තිබුනේ පාරිභෝගික අධිකාරියේ ප්රධාන පරිගණක නිලධාරියාය.
ඔහු පසුගිය 20 වනදා රාත්රියේ මිනුවන්ගොඩ ප්රසිද්ධ සුපිරි වෙළෙඳ සලකින් චොක්ලට් එක මිලදී ගෙන තිබේ.
නිවසේ දී දරුවන්ට ද බෙදා ඔහුද ඉන් කොටසක් අනුභව කැර ඇත. එහි තිබූ බ්ලේඩ් තලය කැඩී ඉන් කොටසක් ගිලුන අතර ඉතිරි කොටස දත්වල රැඳී තිබේ. අනතුරුව ඔහු දැඩි වේදනාවට පත් කරමින් බ්ලේඩ් තලයේ කොටස් සිරුර පුරා ගමන් කර තිබේ.


