Chitika Smowtion 468x60


Sunday, September 30, 2012

නයා නැතුව නින්ද නොයන කොල්ලුපිටියේ නයි නළගන


මෙයට පෙර ලිපියක් මගින් ක්ලියෝ පැට්රා සමාජ ශාලාවේ නයෙකු සමග සිටි තරුණියක් පිලිබඳ අපුරු කතා පුවතක් අප හෙළි කර සිටියා.

එම නයා ලැබුනේ නාථ දේවාලය අසලදී බවත් නයාට පණ මෙන් ආදරය කරන බවත් එම ලිපිය මගින් හෙළිදරව් වුවා.

ආර්.එම් නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි ගේ නඩුව මේ දිනවල කොළොඹ කොටුව අධිකරණයේ විභාග වන අතර එහිදී ඩිලානි වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතීඥ රියෙන්සි අර්ස කුලරත්න මහතා ඇතුළු නීතිඥ පිරිසකි.

Friday, September 28, 2012

යුරේනි නොෂිකා සිය වෙබ් අඩවිය එලි දැක්වූ දා

ලංකාවේ ජනප්‍රිය නිළියක් හා මොස්තර නිරුපිකාවක් වන යුරේනි නොෂිකා විසින් පසුගිය 23 වනදා ඇ‍යගේ නිල වෙබ් අඩවිය www.yureninoshika.co නමින් කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදි අන්තර්ජාලයට එක් කරන ලදි.

එම අවස්ථාවේ ජායාරුප එකතුවක් පහතින් බලන්න.


Sujith Prashan Photography


Thursday, September 27, 2012

පොළවෙන් අහසට ඇදුනු ගින්දර ටොනේඩෝව



පසුගියදා ඕස්ට්‍රේලියාවේ අමුතුම ආකාරයේ ටොනේඩෝවක් දක්නට ලැබී තිබෙනවා. ඒ අඩි 100ක් පමණ උසට ගිණි දැල් අහසට ඇදී යන අයුරුයි.

විනාඩි 40ක් පමණ දර්ශනය වූ මෙම ගිණි ටොනේඩෝව වීඩියෝ කර තිබෙන්නේ එම ප්‍රදේශයට ගොස් තිබූ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු විසිනි.

ඔහු එම ප්‍රදේශයට ගොස් තිබෙන්නේ ඔහුගේ නවතම චිත්‍රපටයට සුදුසු දර්ශන පසු තල සෙවීම පිණිසය.

ඔවුන් සිටි ස්ථානයට මීටර් 300ක් පමණ දුරින් මීටර් 30ක් පමණ උසට ජෙට් යානයක් ගමන් කරන විට නඟන හඬට සමාන හඬක් නඟමින් මෙම ගින්දර ටොනේඩෝව ක්ෂණිකව ඇතිවී තිබෙනවා.

මාධ්‍යයට වසන් වූ බ්ලේඩ් චොක්ලට් නිෂ්පාදක සමාගම

චොක්ලට් වර්ගයක බ්ලේඩ් තලයක් තිබී එය අනුභව කළ පුද්ගලයකුගේ සිරුර තුළට යෑමෙන් බරපතළ කැපීම් සහිත තුවාල ඇතිවී ම නිසා රෝහල්ගත කැර තිබේ.

මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපා තිබුනේ පාරිභෝගික අධිකාරියේ ප්‍රධාන පරිගණක නිලධාරියාය.

ඔහු පසුගිය 20 වනදා රාත්‍රියේ මිනුවන්ගොඩ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳ සලකින් චොක්ලට් එක මිලදී ගෙන තිබේ.

නිවසේ දී දරුවන්ට ද බෙදා ඔහුද ඉන් කොටසක් අනුභව කැර ඇත. එහි තිබූ බ්ලේඩ් තලය කැඩී ඉන් කොටසක් ගිලුන අතර ඉතිරි කොටස දත්වල රැඳී තිබේ. අනතුරුව ඔහු දැඩි වේදනාවට පත් කරමින් බ්ලේඩ් තලයේ කොටස් සිරුර පුරා ගමන් කර තිබේ.

රාවනා ඇල්ල රක්ෂිතයෙන් ඉපැරණි උමගක් හමුවෙයි


බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කරදගොල්ල උඩකිරින්ද ග්‍රාමයේ ගල්පර්වතයක් යට මෙතෙක් හමුනොවූ අපුරු උමගක් හමුවී තිබේ. දර කඩා ගැනීමට ගිය ප්‍රදේශවාසීන් විසින් මෙය සොයාගෙන ඇත. 

මෙම උමගට කුඩා කටක් සහිත බාධකයකින් හෙබි උමං දොරෙන් ඇතුළුවීමට සිදුවෙයි. ටික දුරක් ගියපසු අඩි 15 ක් උස උමං මගක් හමුවෙයි. තවත් දුර ගියපසු බඩගාගෙන යායුතු ස්ථානයක් හමුවන අතර, දැඩි අඳුරක් පවතින මෙම උමං මගේ ගමන් කරන විට වවුලන්ගෙන් දැඩි බාධා එල්ලවෙයි. 

සමහර තැන් අඩි 15ක් පමණ උස කාමර ලෙසින් නිර්මාණය වී ඇති එම උමං මාර්ගයේ ටික දුරක් ගියපසු උමග තුලට නොපෙනෙන කවුළුවකින් සීතල දැනෙයි. 

අඟහරුලොවේ විකිරණ වලට බයේ ෆෝන් එක ඕෆ් කරන්න එපා


මේ දිනවල ලංකාවේ බොහෝ දෙනා අතර කෙටි පණිවුඩ ඔස්සේ භයානක අනතුරක් ගැන ඉඟි කරමින් පවතී.

එහි කියවෙන්නේ අඟහරු ලොවේ අහිතකර විකිරණ අද දිනයේ මධ්‍යම රාත්‍රියේ පෘතුවියේ වායුගෝලයට ඇතුළුවන හෙයින් ඔබේ ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කර තබන ලෙසයි.

මෙහි මුලාශ්‍රය ලෙස දක්වා ඇත්තේ නාසා හා බි.බි.සි පුවත් සේවයයි. මෙය 2008 සිට ලෝකය පුරා කරක් ගැසූ අංක එකේ බොරුවකි.

බැංකු ණය ගෙවන්න සැමියා දුන් මුදල් බිරිය යටි මඩි ගසා ඉඩමත් අහිමි වෙයි


බැංකු ණය ගෙවීමට සැමියා මාසිකව දුන් මුදල් පස් වසරක් තිස්සේ යටිමඩි ගැසූ බිරියක නිසා දේපළ ඉඩකඩම් වෙන්දේසියේ විකිණීමට යාමේ පුවතක් මීරිගම ප‍්‍රදේශයෙන් වාර්තා වේ.
සැමියා හමුදාවේය. පුලස්තිපුර පැත්තේ තරුණියක සමග ඔහු විවාහ වූයේ කලකට පෙරය. පියාගේ නිවසේ දෙදෙනා පදිංචි වූවත් දරුවා ලද පසු වෙනම නිවසක් අවශ්‍ය බව බිරිය නිතර සැමියාට කීවාය.
සැමියා ණය මුදලක් ලබා ගන්නට සමුපකාරයේ පිහිට පැතීය. ඉඩමේ අයිතිය තමන්ට නැති කමින් ණය ගැනීමේ අදහස පසුවට කල් තැබූවත් පියා ඉඩම පරවා දුන්නේය.
අනතුරුව ඉඩම ඇපයට තබා ගත් ණය මුදලින් නව නිවස හැදීම ඇරැඹිණි. නිවස ටිකෙන් ටික ඉදිවෙද්දී සැමියා මාසිකව බිරිය අත මුදල් තැබූයේ ණය වාරිකය ගෙවන්නටය.

බණ්ඩාරවෙලට හා දියතලාවට වැටුණු අයිස් වැස්ස

දියතලාව, බණ්ඩාරවෙල හා කහගොල්ල ප‍්‍රදේශවලට පසුගියදා අයිස් වැස්සක් ඇද හැලී තිබෙනවා

විශාල සුළඟක් සමග මෙම අයිස් වැස්සත් ඇද හැලී ඇති අතර අඟල් භාගයක් පමණ වූ අයිස් කැට එ අසමඟ වැටී තිබෙනවා.

මුළින්ම පැය භාගයක් පමණ අයිස් වැස්ස දියතලාවට වැටී ඇති අතර තිබෙන අතර අනතුරුව අයිස් වැටීම ආරම්භ වී තිබෙන්නේ බණ්ඩාරවෙල නගරයටයි.



Share this article with your friends