ඉකුත් අගෝස්තු 8 වැනි දින අලුයම් කාලයේදී හදිසි දුරකථන ඇමතුම් 118 මගින් ලැබුන දැනුම් දීමකට අනුව කොල්ලුපිටිය පොලිසිය, ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක් තුලදී නාගයකු ළඟ තබා ගැනීමේ චෝදනාවට නිරෝෂා විමලරත්න මෙනෙවිය හෙවත් දිලානි නමැත්තිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.
ඇය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා හමුවට ඉදිරිපත් කරන ලදුව ඇප මත මුදා හරිනු ලබූ අතර, ඇය බාරයේ සිටි නාගයා දෙහිවල සතුන්වත්ත වෙත යොමු කෙරිණි. මේ පිළිබඳව අප ලිපි කිහිපයකින්ම ඔබව දැනුවත් කල අතර මේ වනවිට දිලානි සුදානම් වන්නේ නාග විමානයක් සිය ගෙවත්තේ ඉදිකිරීමටය.
තමා සමග සම්බන්ධවන සෑම නයෙක්ම එම විමානයේ ඇතිකිරීමට ඇය සූදානම් බව පවසයි.
මේ ඒ පිලිබඳ දිලානිගේ වදන්ය
සිනමා නළු අර්ජුන කමලනාත් විසින් පසුගිය සැප්තැම්බර් 1 වන දින සංවිධානය කරන ලද "ලංකා ෆේසස් ස්පෙෂල් නයිට්" නමැති ප්‍රසංගය ඔස්සේ මුල්‍යමය වංචාවක් සිදුකොට ඇති බව අප විසින් මෙයට පෙර ලිපියක් මගින් හෙළි කළා.
ඒ බව වාර්තා වීමත් සමග අර්ජුන කමලනාත් විසින් පුවත්පතකට අදහස් දක්වමින් කියා ඇත්තේ ඔවැනි පුවත් කතා කරන තක්කඩින් සමග තමාගේ කතාවක් නොමැති බවයි.
මෙයට පෙර ලිපිය මගින් අප හෙළි කලේ නළු නිළියන්ට ගෙවීමට ලබාදුන් ලක්ෂ 20 ක මුදලින් නළු නිළියන්ට සොච්චමක් ලබාදී ඉතිරිය ඔහු තබා ගත බවයි.
එස් බී දිසානායක ශාස්ත්‍රීය ලෝකයේ සක්විති හෙවත් ඩී එස් රණවක සමග අලුත් කූට ව්‍යාපාරයකට අත ගසා ඇතැයි වාර්තා වේ.
මහාචාර්ය ඩී එස් රණවක නමින් හැඳින්වෙන පුද්ගලයා පෙනී සිටින්නේ මනෝ මනෝවිද්‍යාඥයෙකු වශයෙනි.
ඔහු ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරයි. එසේම ඔහුගේ ආයතනය විසින් උපදේශනය සඳහා උපදේශකවරු පුහුණු කරයි.
මේ සඳහා රුපියල් 100,000 සිට 200, 000 මුදලක් අය කරනු ලැබේ. මේ වන විට විවිධ රජයේ ආයතන විසින් විශාල මුදල් ප්‍රමාණයක් ගෙවා මේ ආයතනයේ උපදේශකවරු පුහුණු කොට තිබේ. එසේම පුද්ගලික වශයෙන්ද සිසුන් මුදල් ගෙවා මේ ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලා හදාරා මානසික උපදේශකවරුන් ලෙස රට පුරා සේවය කරති.
අද රටේ විශාල ප්‍රමාණයෙන් සොරකම් කරන්නන් හා කුඩා ප්‍රමාණයෙන් සොරකම් කරන්නන් ලෙස සොරුන් කොට්ටාශ දෙකක් සිටී.
දේශපාලඥයින් සොරකම් කරන්නේ මිලියන ගනන් වලිනි. ඔවුනට නඩු නැත. ගුටි කෑමට සිදුවන්නේද නැත. මාධ්‍යකින් හෙළිදරව් කළොත් මිස සොරකම් කළායැයි කිසිවෙකුද නොදනී. ඇතැම් මාධ්‍ය ඒවා හෙළිදරව් කරන්නේද සොරාගේ නමක් ගමක් නැතුවය.
කුඩා ප්‍රමාණයෙන් සොරකම් කරන්නන් මීට වඩා අපට දැනේ, මන්ද යත් ඔවුන් සොරකම් කරන්නේ අපේ පොකට්ටුවේ ඇති සල්ලි නිසාය. නමුත් ඔවුන් හසුවුවහොත් බට කට පුරා ගුටුකෑමට සිදුවන අතර පොලීසියට බාරදීමෙන් පසුව හතර හන්දිද කඩාදැමේ.
ෆේස්බුක් වෙබ් අඩවිය හරහා කුරාණය ගිනි ගන්නා ජායාරූපයක් දැකීම නිසා කුපිත වූ බංගලාදේශයේ දහස් ගනනක් මුස්ලිම් ජනයා වීදි බැස බෞද්ධ පංසල් කිහිපයකට හා නිවාස කිහිපයකට ගිනි තබා විනාශ කර තිබෙනවා.
අල්ජසීරා පුවත් සේවය පවසන්නේ ගිනි තබා විනාශ කරන ලද විහාරස්ථාන ගනන 10ක් හා නිවාස ගනන 40ක් බවයි.
ඩකා නුවර සිට කිලෝමීටර් 216ක් දකුණු දෙසට වූ බෞද්ධයන් ජීවත් වන ගමක් වූ කොක්ස් බසාර් ප්‍රදේශයේ නිවාස 100ක පමණ ජනතාව නිවාස අතහැර ගැටුම වනවිට එම ප්‍රදේශ වලින් පලාගොස් තිබෙනවා.
ගිනි තබා විනාශ කර ඇති විහාරස්ථාන වලින් දෙකක් දැවයෙන් නිර්මාණය කර තිබූ ඒවා වන අතර ඒවා අවුරුදු 300ක්ට වඩා පැරණිය. පහරදීම නිසා ඒවායේ තිබූ බුදු පිළිමද විනාශ වී ඇත.
පසුගියදා කුරුණෑගල ප්‍රදේශයේ වෙළඳසලකට ගොඩවූ මත්පැන් අලෙවිසල් දෙකක හිමිකරුවෙකු තමාගේ බිරිඳට එම වෙළඳසැලේ සිටියෙකු යම් කිසිවක් කියූ හේතුවෙන් එම වෙළඳසැලේ හිමිකරුට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට සිදුවනසේ බරපතල තුවාල ඇතිකරමින් පොල්ලකින් පහරදී තිබෙනවා.
මෙම බාර් හිමිකරු වෙළඳසැලේ පිරිස බිය කරවා ඇත්තේ තමා කුරුණැග ප්‍රදේශයේ DIG කෙනෙකුගේ පුතෙකු බව ඒත්තු ගන්වමිනි.
සිරිත් පරිදි එදා සවස තැබෑරුමෙන් ගල් බාගයක් ගසන්නට යන විට කොහේදෝ සිට එතනට කඩා වැදුණු බුවෙක් මා සමග පනාව දැමිය. මොහු කවෙරෙක්දැයි සිතමින් සිටින විට ඔහු සාක්කුව අස්සෙන් කාලේ බෝතලයක් ගෙන මා අත තැබීය.
දොරේ මේක ගහලා බලන්ඩ නියම බඩු දන්කොටුව ස්පෙෂල් වගේ
මම බුවාගේ බෝතල් කාලෙන් උගුරක් බිවෙමි. උගුර පිලිස්සීගෙන ගිය මුල් ෂොට් එකෙන්ම මට බඹර පදමට වැදුනි.
රත්නපුර දිස්ත්‍රික්කයේ ගිලීමලේ රක්ෂිතයෙන් නව ගස් ගෙම්බන් විශේෂයක් සොයාගැනීමත් සමඟ ලෝකයේ සත්ත්ව විශේෂ අතරට නව සත්ත්වයෙකු එක්වී හිබෙනවා.
"Polypedates Tschudi" යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම ගෙඹි විශේෂය පිළිබඳව ලෝ ප්‍රකට සඟරාවක් මඟින් අනාවරණය කර තිබෙන්නේ පසුගිය 26වනදාය.
මේ පිළිබඳව පර්යේෂණ කර ලෝකයට අනාවරණය කළේ ප්‍රකට උරග හා උභයජීවී විද්‍යාඥයෙකු වන එල්.ජේ. මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා හා දිවංගත පරිසරවේදී ආචාර්ය අමිත් මුනින්දාස හා පෘතුවිරාජ් ප්‍රනාන්දු යන පර්යේෂකයින් විසිනි.