දිවිනැගුම පනත් කෙටුම්පත දකුණු පළාත් සභාවේ විවාදයට ගැනීමත් සමග දකුණු පළාත් සභාවේ වම්බටු ආරවුලක් පිළිබඳව අර්බුධයක් පැන නැඟීතිබෙන පුවතක් ඊයේ අප ඔබට ගෙන ආවා.
මේ පිළිබඳව අනර්කලී ආකර්ෂා ඊයේ මාධ්‍යට පවසා තිබුනේ මෙලෙසින්.
"විපක්ෂයේ මංත්‍රී කෙනෙක් අනවශ්‍ය දෙයක් අපේ සභාවට ගෙනාවා. වම්බටු තමයි ගෙනාවේ, වම්බටු ඇතුලේ මොනා තිබුනද කියන්න අපි දන්නේ නැහැ. එතුමා හිතන්න ඇති ඒක පොළක් කියලා අපේ සභාව."
පසුගිය කාලයේ මාධ්‍යය තුලින් ආන්දෝලනයට ලක්වූ මාලක සිල්වා , සති අන්ත පුවත්පතකට පවසා තිබුනේ "ලබන ආත්මේ ඇමති පුතෙක් නොවේවා" යනුවෙනි.
මේ පිලිබඳ මාධ්‍යයට අදහස් දක්වා ඇති මර්වින් සිල්වා කියා ඇත්තේ තමා නම් එසේ ප්‍රාර්ථනා නොකරන බවයි.එසේම වැඩිදුර අදහස් පළකරමින් මර්වින් කියා තිබුනේ ආචා ර්යවරුන් ඉල්ලා සිටින 6% වැඩ වර්ජනය හේතුවෙන් තමාගේ අචාර්ය පට්ටමද හැල්ලුවී ඇති බවයි.
මර්වින්ගේ සාකච්චාවේ තෝරාගත් කොටස් බලන්න පහතින්
“ලබන ආත්මෙ ඇමති පුතෙක් වෙන්න එපා” කියලා ඔබේ පුතා කියලා තිබුණා. ඒ කියමනට ඔබ එකඟ ද?
නියෝජ්‍ය ඇමැතිවරයෙකු වන ඩුලිප් විජේසේකර දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්කළ මෝටර් රථය පැයට කිලෝමීටර් 169 වේගයෙන් පැදවී යයි දඩකොළයක් දීමට ගිය පොලිසිය හා නියෝජ්‍ය ඇමැති අතර ඇතිවූ බහින් බස්වීමෙන් පසුව ඇමැති රුපියල් 1500ක් රියෙන් එළියට විසිකොට ඇත.
මෙම සිදුවීම සිදුවී ඇත්තේ පසුගිය 02 වනදා රාත්‍රියේදීය.
කොට්ටාව පිවිසුමේදී දඩ කොළය දීමට රියැදුරාගේ බලපත‍්‍රය ඉල්ලූවිට එය නොදී තමා නියෝජ්‍ය ඇමති දුලිප් විජේසේකර බව සැරෙන් කථා කොට රුපියල් 1500 ක් රථයේ විදුරු පහත්කොට එලියට විසිකොට ඇත.
අධ්‍යාපන නියෝජ්‍ය ඇමති විජිත් විජිතමුණි සොයිසා විසින් මීට පෙර වේදිකාවකදී ප්‍රකාශ කලේ "ජේසුස් වහන්සේට ඇණ ගැහුවේ අරාබි ජාතිකයන්" බවයි.
එම ප්‍රකාශ සිදු කොට වැඩි දවසක් යාමට මත්තෙන් එතුමාට නැවතත් වැරදී තිබුණා. ඒ අලියා නොකන දැල්ල, එළුවා නොකන දැල්ල ලෙස තේරවිල්ලක් වැරදියට හදුන්වා දීමෙනුයි.
මේ අතර පසුගියදා මෙම අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයා විසින් වෙල්ලස්ස ජාතික පාසැලේ පවති උත්සවයකදී ට්බෙට් ජාතික එස් මහින්ද හිමියන්ගේ ළමා කවියක් කියන්නට ගොස් පද දෙකක් අමතක වී දරුවන්ගේ හාස්‍යයට ලක් වී තිබුණා.
වම්බොටු මාලය සභාවේ ආරක්ෂාවට තර්ජනයක් - අනර්කලී
දිවිනැගුම පනත් කෙටුම්පත දකුණු පළාත් සභාවේ විවාදයට ගැනීමත් සමග දකුණු පළාත් සභා විපක්ෂ මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා වම්බොටු වලින් සදු මාලයක් දමාගෙන සභාගර්භයට පැමිණීමත් සමග සභාවේ උණුසුම් තත්වයක් ඇතිවී ඇත.
බණ්ඩාරිගොඩ මහතා වම්බොටු මාලය පැළඳ සභාවට පිවිස ඇත්තේ "කිලෝවක් අසුවයි" කියමිනි.
පසුගියදා ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පැවැත්වුණු 20/20 අවසාන පුර්ව තරඟයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ලබාගන අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි.
ක්‍රිකට් තරඟය නැරඹීමට බොහෝ දෙනා එක් රොක්වී සිටි අතර ජය ශ්‍රී ලංකාවට හිමිවීමත් සමඟ එහි සතුට විඳ දරාගැනීමට නොහැකිව එක් අයෙකු මියගොස් තිබුණා.
කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ පුස්තකාලයේ මුරකරු ලෙස සේවය කළ ඔහු වයස අවුරුදු 21ක් වූ අතර මියයාමට හේතුව එය බවට සැක කළත් නිශ්චිතවම මරණයට හේතුව සතුට විඳ දරාගත නොහැකිවීමද යන්න සොයාගන නැහැ.
එම වීඩියෝව පහතින්.
ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය ZTC Corporation හා Huawei Technologies ආයතන සමඟ ව්‍යාපාර සහයෝගිතාවකට පසුගියදා එළඹුනා
මෙම ගිවිසුමට අනුව එම ආයතන විසින් මොබිටෙල් ආයතනය වෙනුවෙන් 2G/3G සහ 4G LTE (Long Term Evolution) සම්ප්‍රේෂන මධ්‍යස්ථාන 1,400ක් ඉදිකෙරෙනු ඇත.
මෙසේ අමතරව එක්කෙරෙන සම්ප්‍රේෂන මධ්‍යස්ථානයන් තුළින් දකුණු ආසියාවේ ප්‍රථම 4G (FDD- LTE) තාක්ෂණ මත පදනම් වූ ජංගම දුරකථන ආවරණ ජාලය බවට මොබිටෙල් පත්වනු ඇති.
නවතම නර්තන සම්ප්‍රදායක් වූ ගැන්ගම් නර්තනය ලොවපුරා පැතිර යාමට පටන් ගත්තේ එකී නර්තන පියවරවල් තම ගීතමය රූපරචනය හරහා හඳුන්වා දුන් දකුණු කොරියානු රැප් ගායක PSY ටත් හිතා ගැනීමටවත් නොහැකි වන ලෙසය.
පසුගිය පසුගිය ජූලි 15 වැනිදා ඔහුගේ මෙම නර්තනය යූටියුබ් වෙත එක් කළ අතර දින 50ක් තුල එය මිලියන 359ක් පමණ ජනතාව නැරඹීමට තරම් ලොවපුරා ජනප්‍රිය විය.
T. Pain, Katy Perry, Britney Spears, Tom Cruise Nelly වැනි යුරෝපයේ ජනප්‍රියතම කලාකරුවන් පවා PSY ගැන්ගම් නර්තනය පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය සාකච්ඡාවලදී කතා කිරීමට තරම් එම නර්තනය ඔවුනට සමීප වීඇත.