Chitika Smowtion 468x60


Monday, October 8, 2012

පොළොන්නරුවේ ඉහලම උෂ්ණත්වය පවතිද්දී අනුරාධපුරයට අයිස් වැටේ

පසුගිය වසර 122ක ඉතිහාසයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩිම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 39.1 ක් පසුගිය සිකුරාදා (05) පොළොන්නරුවෙන් වාර්තා වී තිබෙනවා.

පෙරේදා එම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.6ක් දක්වා පහල බැස තිබූ අතර මෙම උෂ්ණත්වය තවත් දශම දෙකකින් ඉහල ගියහොත් එය දිවයිනෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම උෂ්ණත්වයයි.

මීට පෙර උෂ්ණත්වය පොළොන්නරුවේ ඉහල ගියේ 2011 වසරේ ජූලි 7 වනදාය. ඒ සෙල්සියස් අංශක 36.8ය. පසුගිය වසරේ එම වාර්තාගත උෂණත්වයට වඩා මේ අනුව අංශක 3කින් මෙම වසරේ උෂ්ණත්වය වැඩිවී තිබෙනවා.



කොදෙව්වන් ලෝක ශුරයන් වේ!


ශ‍්‍රී ලංකාවේදී මාසයකට ආසන්න කාලයක් තිස්සේ පැවති 20-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලිය මෙයට ස්වල්ප වෙලාවකට ප්‍රථමයෙන් අවසන් වුයේ නිමා වූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශූරතාවය දින ගනිමිනි. 

මුලින් පන්දුවට පහර දුන් කොදෙවුවන් ලබා ගත්තේ ලකුණු 137ක් පමණි.ශ්‍රී ලංකාවට අභියෝගයක් විය හැකිබව පැවසු ක්‍රිස් ගේල් ලකුණු 02කට දැවී ගියද හයේ පහර 06ක්ද සමඟ ලකුණු 78ක් ලබා ගැනීමට මාලන් සැමුවෙල්ස් සමත් විය. 

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කල ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 18.4 අවසාන වන විට ලබා ගත්තේ ලකුණු 101 පමණි.ඒ අනුව තරඟයෙන් ලකුණු 36ක ජයක් හිමි කරගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 20-20 ලෝක ශූරයන් ලෙස පත්වුයේ ශ‍්‍රී ලංකා කණ්ඩායම අනුශූරයන් කරමිනි.

තරඟය අතරතුරදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද තරඟය නැරඹීම සඳහා පැමිණි සිටි අතර 
කැමරාවට අත වනා අචාර කල අයුරින් පහතින් බලන්න 

Sunday, October 7, 2012

චණ්ඩි පැටව් යකා නැටූ පාසල හෙට අරී

බදුල්ල ජයසිංහ නව විදුහල්පති වරයාගේ පැමිණීමත් සමඟ ඇතිවූ කලහකාරී තත්වයෙන් විදුහල් පරිශ්‍රය යුද පිටියක් බවට පත්වීමේ හේතුවෙන් සතියක් පුරාව වසා තැබු ගාල්ල විද්‍යාලෝක ජාතික පාසැල සදුදා (08) යලි අධ්‍යාපන කටයුතු නව විදුහල්පතිවරයාගේ පරිපාලය යටතේ ආරම්භ කිරීමට නියමිතය. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම් එන්. කේ. ආරියවංශ මහතා කියා සිටියේ නව විදුහල්පති ලෙස බන්දුල ජයසිංහ මහතා ලබන සඳුදා සිට යළි පාසල් අධ්‍යාපන කටයුතු අරඹන බවය.

20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් ගීතය නිර්මාණය වූ හැටි


මේ දවස්වල පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී භාතිය, සන්තුෂ්, රන්ධින්, උමාරියා, දිනේෂ් සහ කොලවරි ඉංග්‍රීසි ගීතය ගායනා කළ අර්ජුන් එකතුවෙලා ගායනා කරන බොහෝම අපූරු ගීතයන් අපට අසන්නටලැබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවෙන් උන්මාදයට පත්වූ අයගේ උන්මාදයට මේ ගීතය බද්ධ වන්නට එහි ගායනය සංගීතය වගේම ගීතයේ පදවැලත් බලපාලා තියෙන බව ඒ නරඹන බොහෝ අය කියන දෙයක්. සරලවම කියනවා නම් “ක්‍රිකට් මැච් එකක” ෆන් එක ගන්න අයට හරියටම සෙට් වෙන වචන සෙට් එකක්” විදියට මේ පදමාලාව හඳුන්වන්න පුළුවනි.

පසුගිය මාස 4ට ලංකාවේ භූ කම්පන 7ක්

ලංකාව යනු භූ කම්පන, සුනාමි, ටොනේඩෝ වැනි ස්වාභාවික විපත් වලින් තොර මනරම් සුන්දර දේශයක් බව කුඩා කාලයේ අපේ පාසැල් පොත් වල සඳහන් විය.

එබැවින් එවැනි විපත් පිළිබඳව අධ්‍යාපනයක් ලාංකිකයන්ට නොවූ අතර සුනාමිය නිසා වැඩි විපතක් වූයේ එලෙස පෙර සූදානමක් තබා 
සුනාමියක් ගැන අසා හෝ නොතිබූ නිසාය.

2004 වසරේ සුනාමිය පැමිණීමට පෙර වෙරළබඩ පිහිටි අලියෙක් දිවගිය අයුරු දුටු කුඩා දැරියකට පාසලේදී ඉගැන්වූ දෙය සිහියට නැඟී සිය මවද සමඟ සුනාමිය පැමිණීමට පෙර මුහුදු වෙරළෙන් ඉවත්වූ බව එම කාලයේ විදෙස් පුවත් මඟින් වාර්තා වුණා.



උදයන්තිගේ විවාහ නොවීමේ අදහස අත්හරි

ජනප්‍රිය නිළියක වන උදයන්ති කුලතුංග විසින් මීට පෙර පවසා තිබුනේ ඇය කිසිදාක විවාහ නොවෙනා බවයි

"කවදාවත්ම විවාහ වෙන්නේ නැහැ කියන අදහසේ තමයි මම ඉන්නේ. තනියම ඉන්න එක හරිම නිදහස් කියල මට හිතෙනව. මගෙ යාළුවො එක්ක හිනාවෙලා විනෝදයෙන් කාලය ගත කරනව.

ඒ වගේම මගෙ පවුලේ අය මට හරිම ආදරෙයි. ඒ නිසා මට ප්‍රේමයේ අඩුවක් දැනෙන්නේ නෑ. මම අනාගතය ගැන වැඩිපුර හිතන්නේ නෑ. හිත පෑරුණාම “ඈත ගමකට වෙලා ළමයින්ට උගන්නගෙන හිටිය නම් හොඳයි” කියල හිතුන වෙලාවලුත් නොතිබුණා නෙමෙයි. ඒත් මම ජීවිතයට සරලව සාර්ථකව මුහුණ දෙනවා."

මැච් එකට වහින බවට කාලගුණ දෙපාර්තමේන්තුවෙන් අනාවැකි !


ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද (07) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

ඒ අනුව අද දින ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඉතා උණූසුම් හා තියුණු තරගයක් පැවැත්වෙනු ඇතැයි බොහෝ දෙනා විමසිල්ලෙන් බලා සිටිනවා.


සුපිරි අට වටයේ සිට අපරාජිත ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක තරගාවලියේ අවසන් මහා තරගයට පැමිණි දෙවැනි අවස්ථාව මෙය වේ. වසර 2009දී ශ්‍රී ලංකාවට අනු ශූරතාව හිමිවිය. කොදෙව් පිල අවසන් මහා තරගයට පිවිසි මුල්ම අවස්ථාව මෙය වූ අතර මෙවරතරගාවලියේ සුපිරි අට වටයේදී තරගයකින් පරාජයට පත්වී තරග දෙකක් ජය ගත්තේය.

බොරු අපායේ සද්දේ කතාවට මර්විනුත් අහු වෙයි

"රුසියාවේ පරීක්ෂකයන්ට ඇහුනු අපායේ සද්දේ" යනුවෙන් ලිපියක් මීට මාස කිහිපයකට පෙර අප විසින් පල කළා.

එම ලිපියෙන් කියවුනේ 1989 දී සයිබීරියාවට ගිය රුසියානු පර්යේෂකයන් පිරිසක්‌ කිලෝමීටර් 14.5 ක්‌ යටට පොළොවෙහි සිදුරක්‌ විද මයික්‍රෙෆෝන සහ දෘශ්‍ය උපකරණ සිදුර දිගේ පහළට යැවූ පසු විලාප තැබීමේ හඬවල් සමූහයක්‌ පටිගත කර ගැනීමට පර්යේෂකයන්ට හැකිවූ පුවතකි.

සැබැවින්ම එම කතාව ගොඩනඟා තිබුනේ 1972 දී තිරගත කරන ලද "බැරන් බ්ලඩ්" නැමති චිත්‍රපටයේ කොටසකින් ගන්නා ලද හඬ පටයකිනි.

මේ අතර මර්වින් සිල්වාද එම අපාගේ බොරු ශබ්දයට රැවටී තිබෙනවා.



Share this article with your friends