නදීෂා හේමමාලි පිළිබඳව විවිධ පුවත් වාර්තා වුවද ඇය විවාහවීමට යන බවක් මෙතෙක් වාර්තා වුනේ නෑ.නමුත් ඇය පුවත්පතකට හෙළිකර තිබෙන්නේ ඇය දැන් පෙම්වතියක් බවයි. ඉදිරියේදී විවාහවීමට නියමිත වුනත් ආදරය වෙනුවෙන් කිසිම කැපකිරීමක් කිරීමට ඇයට කළ නොහැකි බවත් පවසා තිබුණා.
ජීවත්වෙන්න ආදරය අවශ්‍යයිද නදීෂා?
මට නම් ජීවත් වෙන්න අනිවාර්යෙන්ම ආදරය ඕනෑ. ආදරය නැතිව ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ.
ආදරය වෙනුවෙන් ඔයාට ඕනෑම කැපකිරීමක් කරන්න පුළුවන්ද?
මට නම් ආදරය වෙනුවෙන් කිසිම කැපකිරීමක් කරන්න බෑ. මම මගේ නිදහස් සියයට සියයක්ම අගය කරන කෙනෙක්. ආදර වෙනුවෙන් මගේ නිදහස වෙනස් කරන්න මට බෑ. ඒකට මම කැමති නෑ.



