සෙන්ටිග්‍රේඩ්ස් වලින් ඉවත්වී තනිවම ගමනක් යාමට තීරණය කළ උදය මේ වනවිට බලාපොරොත්තු වෙන්නේ ඔහුගේම ඇල්බම් එකක් කිරීමටයිනමුත් ලංකාවේ MP3 කොපි කිරීම නොවිසඳුණු ප්‍රශ්ණයක් නිසා ඔහු තවමත් මියුසික් ඇල්බම් එකක් නොකරන බවත්, MP3 කොපි කරන එක තහනම් කළ දවසක ඇල්බම් එකක් කරන බවත් පවසා තිබෙනවා.
නමක් හදාගන ඉදිරියට ආව ඔබය කණ්ඩායමෙන් ඉවත්වීම ගැන පුංචිම පසුතැවීමක්වත් හිතෙන්නේ නැද්ද?
නෑ. මට පසුතැවීම තියෙන්නේ 2005දී. ඒ කණ්ඩායම ආරම්භ කරන්න මූලික තැනක් ගත්තු එක ගැන. ඒකෙන් වුනේ දක්ශතාව නැති කිහිප දෙනෙක් මම නිසා උඩට ඉස්මතු වුණු එක විතරයි.
ඔයාගේ ඉදිරි ගමන මොන වගේ එකක් වෙයිද?




