Sunday, October 21, 2012
දවස් දහයේ බ්‍රවේ කර්නල්
මෑතකදී දේශපාලන අල්ලස් ලෙස දවස් දහයේ පුහුණුවකින් පසු බ්‍රවේ කර්නල් තනතුරු ලබා දුන් විදුහල්පතිවරුන් බිහිවීම පසුපස අනාගත ලංකාවේ දිශානතිය ගැන යම් අවබෝධයක් ලබා ගත හැක.
මීට පෙරදී කර්නල් ධූර දැරූ විදුහල්පතිවරුන් වන කර්නල් ජී ඩබ් රාජපක්ෂ , කර්නල් කුඩලිගම වැනි මහත්වරු එම තනතුරු වලට පත් වුයේ නිසි පරිදි හමුදා පුහුණුව සහ හමුදා මෙන්ම විදුහල්පති සේවයේ දෙමිනි. ඔවුන් තුල තිබු දැවැන්ත පෞරුෂත්වයන් බිහි වුයේ රාජකාරි කාලය සහ අත්දැකීම් මතිනි.
නමුත් දවස් දහයකින් බිහි කරගත් මැටි පාගන කකුල් වලින් දෙපා එකට තබා සැලුට් ගසන මේ කර්නලා ගමේ ගොඩේ කොරනෙල් රාළහාමිලා වැනිය. අලුතින් බ්‍රවේ කර්නල් පත්වීම් ලැබූ සමහරු ඉස්කෝල වලට ළමයින් දැමීමේදී ගාන කපන පගා මරුවන්ය , නැතොත් ළමයා පාසලට ගැනීමට බබාලාගේ අම්මා හෝටල් කාමර වලට ගෙන ගිය චරිතය.
Saturday, October 20, 2012
ලඟදී මගේ මොකුත් ටීවි එකේ ගියේ නැති නිසා කවි පද අමතක කලේ හිතලමයි.
අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයා විසින් වෙල්ලස්ස ජාතික පාසැලේ පවති උත්සවයකදී ට්බෙට් ජාතික එස් මහින්ද හිමියන්ගේ ළමා කවියක් කියන්නට ගොස් පද දෙකක් අමතක වී දරුවන්ගේ හාස්‍යයට ලක් වී තිබූ පුවතක් අප මීට පෙර ගෙන ආවා."අපිට තාම මතකයි පුංචි කාලේ කියලා දීපු කවි" යනුවෙන් මතක ඇති කවිය පටන්ගත්තද එය අමතක නිසා දෙතුන් වරක් එය මතක් කර ගන්නට උත්සාහ කලද සාර්ථක වී තිබුනේ නැහැ.
මෙම සිදුවීමෙන් පසුව අමාත්‍යවරයා පසුගියදා වේදිකාවක පැවසුවේ තමා එම කවිපද දෙක අමතක කළේ හිතාමතා බවයි.
රට බේරගන්න පහලවූ දියසෙන් කුමරු ජනපති බව සුමනදාස අබේගුණවර්ධන සොයා ගනී!

වර්තමානයේ ජනාධිපතිතුමාගේ ඡ්‍යොතිෂ කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස ද, ස්වාධීන රූපවාහිනී සේවයෙහි උපදේශකවරයකු ලෙස ද, ගාල්ල දිසා සමූපකාර රෝහලෙහි අධ්‍යක්ෂවරයකු ලෙස ද, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරන්නේ ප්‍රවීණ ඡ්‍යොතිෂ්‍යවේදී දේශබන්ධු සුමනදාස තිලක් අබේගුණවර්ධන මහතායි.
මෙම සති අන්තයේ පුවත්පතකට අදහස් දැක්වූ සුමනදාස අබේගුණවර්ධන මහතා ඔහුගේ නවතම සොයාගැනීමක් පිලිබඳ හෙලිදරව්කොට ඇත. එනම් පොත්පත් වල තිබු කරුණු අනුව යමින් දියසේන කුමරු ගැන සොයාබැලු විට ඔහුට දැනගැනීමට හැකිවී තිබෙන්නේ වත්මන් ජනපතිවරයා පහලවූ දියසෙන් කුමරු බවයි.
ආරක්ෂිත කැමරාවේ සටහන්වූ උල්කාව
බ්‍රහස්පතීගේ ගැටුණු උල්කාවක් වීඩියෝ ගත කළ පුවතක් හා මාතලේට වැටුණු උල්කාවක කොටස් පිළිබඳව පුවතක් මීට පෙර අප විසින් ගෙන එනු ලැබුවාපෙරේදා කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සින්කෝ නගරයේ වු ආරක්ෂිත කැමරා දෙකක විශාල ප්‍රමාණයේ උල්කාවක් සටහන්වී තිබුණා.
රාත්‍රී 7.44ට පමණ විශාල ශබ්දයක් සමඟ තැඹිලි පැහැයෙන් යුත් ගිණි බෝලයක් ලෙස මෙය කඩා වැටී ඇති බවයි එය දුටුවන් පවසන්නේ.
මෙම උල්කාව වැටී තිබෙන්නේ මුහුදටද, ගොඩබිමටද යන්න පිළිබඳව සොයාබැලීමට පරීක්ෂණ අරඹා ඇත.
මීගමුවේ බාධක මැද ඉදිවූ බුදු පිළිමය
මිගමුව තෙල්වත්ත හන්දියේ නගර සභා භුමියේ තිබු කුඩා බුදු පිළිම වහන්සේ විශාල බුදු මැදුරක් ලෙස ඉදිකොට නිර්වාරණය කිරීම පසුගියදා සිදු වුවා.ඒ මාදුළුවාවේ සෝභිත හිමියන් හා නාග විහාරාධිපති බ්‍රාහ්මණවත්තේ සීවලී හිමියන් අතිනි.
මෙම බුදු පිළිමවහන්සේ ඉදිවීම පිටුපස ඇත්තේ කටුක කතාවකි. දිගින් දිගටම එල්ලවූ විරෝධයන් හමුවේ නොසැලී තම අවසන් අරමුණ කරා යාමට එහි සංවිධායකයෝ සමත්වී ඇත.
මෙම බුදු පිළිමය ඉදි කිරීමේදී කලින් කලට විරෝධය එල්ල වූ අතර වරක් අධිකරණය දක්වා මෙම ගැටලුව ඇදී ගියේ මෙම බුදු පිළිමය නීති විරෝධී බව කියමිනි.
පුංචි තිරයට එක් වූ අලුත්ම පෙම්වතිය ‘මහේෂි’ සමග කතාබහක්
පුංචි තිරය කියන්නේ නවක නළු නිළි කැලට හොඳ තෝතැන්නක්. අලුත් මුහුණු නිතරම මේ තුළින් දකින්නට ලැබෙනවා. මේ විදියට බිහිවන අය අතුරින් සමහරු ආරම්භයත් සමගම නැතිවෙලා යනවා. නමුත් ඇතැම් අය එක් ටෙලි නාට්‍යයක් තුළින් මතුවනවා සමගමදිගින් දිගටම ටෙලිනාට්‍යවලට සම්බන්ධ වන්න අවස්ථාව ලැබෙන හැටි අපි දැකල තියනවා. පුංචි තිරයේ හමුවන අලුත්ම නිළියක් ගැන මේ විදිහේ සටහනක් තබන්නට අපි හිතුවේ ඇයත් කෙටිකලක් තුළ කාර්යබහුල නිළියක්වීමේ වාසනාව හිමිකරගත් කෙනෙක් නිසා. ඇය මහේෂි මධුෂිකා.
මහේෂි නවක නිළියක්. හැබැයි සතිය පුරාම වගේ ප්‍රේක්ෂකයින් අතරට එනවා...
මහේෂි නවක නිළියක්. හැබැයි සතිය පුරාම වගේ ප්‍රේක්ෂකයින් අතරට එනවා...
ගවමස් රස වැටුණ බලු රෑනක් මිනිසුන් පන්න පන්නා කති
ගවමස් කොටස් නැතිදාට පළාතේ එළු , වසු පැටවුන් මරා කෑමට පුරුදු වූ සුනඛයන් පනහකට අධික සංඛ්‍යාවක් මිනිසුන් ද පන්නා, පන්නා සපා කෑමට පටන් ගෙන තිබීම නිසා කැකිරාව, පුබ්බෝගම, බණ්ඩාරපොතාන ගම්මානයේ ජනතාව භීතියට පත් වී සිටිති. අද (19) දවසේ එගම බල්ලන් විසින් සපා කෑ පාසල් සිසුවකු ඇතුළු තිදෙනෙක් දඹුල්ල රෝහලට රැගෙන ආ අතර පාසල් සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යවා ඇත. බණ්ඩාරපොතාන ප්‍රදේශයේ ගව ඝාතනාගාරයක් පවත්වා ගෙන යනු ලැබේ. එහි විසි කරනු ලබන ගවයින්ගේ මංශ කොටස් අනුභව කරන්නට පුරුදු වූ සුනඛයන් පනහකට අධික සංඛ්‍යාවක් ගව ඝාතනාගාරය වටා රොක් වී සිටිති.
අභ්‍යාවකාශයෙන් ශබ්දයේ වේගය පරදා පොළාවට ආ මිනිසා
ෆීලික්ස් බවුම්ගර්ට්නර් නම් වූ 43 හැවිරිදි ඔස්ට්‍රියානු ජාතික සුපර්සොනික් මිනිසා ඊයේ පැයට සැතපුම් 834ක ක වේගයෙන් ශබ්ධයේ වේගය පරදා නිදහසේ පහලට වැටුනේ පොළව මට්ටමේ සිට අඩි 128,000ක් හෙවත් කිලෝමීටර් 39ක් උඩ සිටයි.මේ සඳහා ඔහු අවුරුදු පහක පමණ පෙර සිට සලසුම් කර තිබූ අතර මෙම පැනීමට පෙර පසුගිය ජූලි මාසයේ පුරුදු වීම සඳහා ඔහු පැන තිබුනේ කිලෝමීටර් 28ක උසක සිටයි.
ශබ්දයේ වේගය මෙන් 1.24 ගුණයක වේගයෙන් පහතට වැටීමේදී ඔහුගේ හිස්වැසුමේ සවිකර තිබූ කැමරාව මඟින් සියල්ල පටිගතවී තිබුණා.
පහතට වැටීමේදී ඔහු ඇඳ සිටි ගුවන් ඇඳුම සෙල්සියස් අංශක සෘණ 70 දක්වා ඔරොත්තු දීමේ හැකියාවක් වූ අතර විනාඩි 20ක් සඳහා ඔක්සිජන් ද එහි අඩංගුව තිබුණා.වේගයෙන් වැටීමේදී රුධිර පීඩනය ඉහල යෑමෙන් හිසේ අමාරුව, පෙනීම අඩුවීයාම ආදිය බලපාන බැවින් අදාල උසේදී පැරෂුටය දිග හැරීමට හොඳ සිහිබුද්ධියක් තබාගැනීම අත්‍යාවශ්‍යම කාරණයක් නිසා සැබැවින්ම මෙය මාරක පිම්මකි.
තට්ටු 55ක ගොඩනැඟිල්ලක් තරම් උස්වූ, ඝන අඩි මිලියන 30ක හීලියම් වායුව පිරවූ බැලුනයක එල්ලූ කැප්සූල් එකක් මඟින් නව මෙක්සිකෝ කාන්තාරයට ඉහලින් මෙම අඩි 128,177උසට යාමට ඔහුට පැය දෙකහමාරක් පමණ ගතවී ඇති අතර පහතට වැටීමේදී ගතවී ඇත්තේ විනාඩි 10ක පමණ කාලයකි.
නිදහසේ පහලට වැටෙනා පලමු තත්පර 50ක කාලය තුළදී ඔහු පැයට සැතපුම් 700ක් වේගයක් ලබාගන්නා බවට ඔහුගේ කණ්ඩායම විශ්වාසය පල කලත් සැබැවින්ම ඔහු නිදහසේ ඇද වැටුණු විනාඩි 4යි තත්පර 22ක කාලයේ මුල් තත්පර 50ක කාලයේදී පැ.සැ 834ක වේගයක් ලබා තිබුණා.
එය පැයට කිලෝමීටර් 1,342ක වේගයකි. ඔහුගේ මෙම මාරක පිම්ම මිලියනයක් පමණ ජනතාව නරඹා තිබුණා.
මෙම පිම්මේ සම්පූර්ණ වීඩියෝව පහතින්.
Subscribe to:
Posts (Atom)
