Chitika Smowtion 468x60


Thursday, October 25, 2012

තුර්කියේ කාන්තාවක් ඇවිදින අතර දරුවෙකු ප්‍රසුත කරයි


තුර්කියේ විදියක පටිගත වූ දර්ශනයක් හේතුවෙන් තුර්කියේ ඉස්තාන්බුල් මේ දිනවල බොහෝ කතාබහට ලක්වන රටක් බවට පත්වී හමාරය. මේ දර්ශනයෙන් පෙන්වන්නේ දෙමාපියන් යුවලක් තම තරුණ දියණිය සමග තුර්කියේ විදියක රාත්‍රියේ ගමන් කරමින් සිටියදී එම දියණිය විසින් බිලින්දෙකු ප්‍රසුත කිරීමයි. 

මෙහිදී පටිගත වූ දර්ශනයෙන් එම තරුණිය ඇවිද යන අතරවාරයේ යමක් ඇගෙන් අද වැටෙන අයුරු පෙන්වන අතර පසුව තරුණිය හා අගේ මව්පියන් දෙදෙනා ඒ දෙසට එබී බලා යන්න යන අයුරු පෙන්වනවා.


නීතියට මුවාවී කරන ලංකාවේ සේක්ස් ටෝයිස් ජාවාරම


ශ්‍රී ලංකාවට "සෙක්ස් ටෝයිස්" යන්න අලුත් යෙදුමකි. නමුත් විදේශයන්හි ඒවා විකිණීම සඳහා වෙනමම සුපිරි වෙළඳසල් ඇත්තේය. ලංකාවට අලුත් අත්දැකීමක් වූ මෙම සෙක්ස් ටෝයිස් නීතියට මුවාවෙමින් හොර රහසේ කොළොඹ තුන හා හතර ප්‍රදේශයන්හි පිහිටා ඇති සම්භාහන ආයතනවල විකිණීමට තබා ඇති බව පසුගියදා ලක්බිම නිව්ස්මාධ්‍යයවේදින් කණ්ඩායමක් සිදුකල ගවේෂණයකින් අනතුරුව සොයාගෙන තිබෙනවා.

එහිදී ඔවුන් වෙත අදහස් දැක්වූ එක් සම්භාහන ආයතනයක් හිමිකරුවෙක් පවසා තිබුනේ මෙවැන්නක් 

"අපේ සම්භාණ ආයතනය නිත්‍යානුකුලව පිහිටවල තියෙන්නේ.එක හින්ද පොලිසිය අපිව වටලන්න එන්නේ නැහැ. අපි ෂොප් එක ඉස්සරහ බෝඩ් දාල මේවා විකුනන්න තියෙනවා කියල කියන්නේ නැහැ. අපිට විශ්වාස කරන්න පුළුවන් ගනදෙනුකරුවන්ට අපි මේවා දෙනවා. 


මේවා මිලදී ගන්නේ ගොඩක් සමාජයේ ඉහල තලයේ අය. පිරිමි අය ගන්නවා අඩුයි. වයස අවරුදු 30 - 35 අතර තරුණ කාන්තාවන් තමයි වැඩිපුරම මිලදී ගන්නේ සහ ඔවුන් මේවා දිනපතා භාවිතයට ඇබ්බැහි වී සිටිනවා."

Area-51 වෙත ඇතුළුවූ BBC මාධ්‍ය කණ්ඩායම


ඉතාම අධික ආරක්ෂාවක් සහිතව ලෝකයාගෙන් වසන් කරමින් ඇමරිකාව විසින් පවත්වාගන යන ඒරියා-51 ප්‍රදේශයට BBC මාධ්‍යවේදීන් කන්ඩායමක් විසින් පසුගිය කාලයේ ඇතුළුවී තිබුණා.

Conspiracy Road Trip: UFOs නමින් විකාශය වන වාර්තා වැඩසටහනක් සඳහායි ඔවුන් මෙලෙස ඇතුළුවී තිබුනේ. ඇතුළු වූ කණ්ඩායමට අයර්ලන්ත විකට නළුවෙකු ඇන්ඩෲ මැක්ස්වෙල් හා පියාඹනපීරිසි විද්‍යාඥයෙකු වන ඩැරන් පර්ක්ස් ද ඇතුළත්ව සිටියා

කැලිෆෝනියාව, ඇරිසෝනා හරහා නෙවාඩා කාන්තාරයට පැමිණි 12 දෙනෙකුගෙන් යුත් මෙම පිරිස තහනම් කලාපයට පැමිණ ඇත්තේ රාත්‍රිය එහි ගතකර අසාමාන්‍ය අහස නිරීක්ෂණය කිරීම සඳහාය.



ඔවුන් එහි යන වන විට සවස 5 පමණ වී තිබූ අතර ආරක්ෂක මුරකාවලෙහි නිළධාරීන් හෝ වාහන කිසිවක් තිබී නැහැ. මුරකාවලට මීටර් 50ක් පමණ ඈතින් වාහනය නැවැත්වූ ඔවුන් විනාඩි 30ක පමණ කාලයක් රූගතකිරීම් කටයුතු වල නිරතව තිබුණා.

බිය ගැන්වෙන පරිගනක තිර දැන්වීම


විදුලි සෝපානයකට ඇතුල්වී එහි ගමන් කළ යුතු මහල සඳහා අවශ්‍ය බොත්තම තද කල පසුව සෝපානයේ විදුලිය අඩපනවන බව හඟවා, යකඩ ගැලවී යන හඬත් සමඟ එහි පතුල කඩන් වැටෙනා දර්ශනයක් අඩංගු වෙළඳ දැන්වීමක් පිළිබඳව බොහෝ දෙනා කතා කිරීමට පටන්ගන තිබෙනවා.

බිම සවිකර ඇති පැතලි තිර මඟින් එම දර්ශය පෙනන විට බොහෝ දෙනා බියවෙන අයුරුයි එයින් පෙනුනේ.

එම වීවියෝව පහතින්.

Wednesday, October 24, 2012

වී කුරුල්ලන්ගේ, මාල ගිරවුන්ගේ නිදහස අහිමි කිරීමට යයි




1937 වසරේ පළමුව නීතිගත වූ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අවස්ථා අටක දී සංශෝධනය වීමෙන් පසු මේ වන විට බොහෝ වනජීවීන් ගේ රැකවරණය සැලසී ඇත.

අවසන් වරට සංශෝධිත 2009 අංක 22 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත මඟින් සත්ත්ව වර්ග රාශියක් ආරක්ෂිත සතුන් ලෙස නම් කර ඇත.

ආඥා පනතේ 49 වන වගන්තිය යටතේ වී කුරුල්ලන්, රෑන ගිරවුන් හා මාල ගිරවුන් ආරක්ෂිත සතුන් වන නිසා එම පක්‍ෂියකු මරණයට පත් කිරීම, එම පක්‍ෂියාට තුවාල සිදු කිරීම, හානි සිදු කිරීම, යම් පක්‍ෂියකු ගේ බිත්තර හෝ කූඩුව ගැනීම හෝ විනාශ කිරීම, ස්වාභාවික පරිසරයෙන් අල්ලා විකිණීම, විකිණීම සඳහා ප‍්‍රදර්ශනය කිරීම හා ප‍්‍රවාහනය කිරීම වරදක්‌ බවට පත් කර තිබේ.

විගණන අධිකාරි ලලිත් අඹන්වලට ඇසිඩ් ගැසූ 07 දෙනාම හිරේ යවයි




විගණන අධිකාරි ලලිත් අඹන්වල මහතාට ඇසිඩ් ගසා ඔහුගේ මරණය සිදු කරන්නට උත්සහ දැරී යැයි යන අධි‍ චෝදනා ලබා සිටි විත්තිකරුවන් හත් දෙනා සියලු චෝදනාවලට වරදකරුවන් බව මහනුවර පළාත්බද මහාධිකරණ විනිසුරු ප්‍රිතී පද්මන් සූරසේන මහතා අද (24) තීන්දු කළේය.2002 මැයි මස 20 වැනිදා මහනුවර අස්ගිරිය ප්‍රදේශයේ දී විගණන අධිකාරි ලලිත් අඹන්වල මහතාට ඇසිඩ් ගසා තිබුණි. එම ඇසිඩ් ප්‍රහාරය හේතුවෙන් ඒ මහතා බරපතල තුවාල ලැබූ අතර ජීවිතයත් මරණයත් අතරේ සෑහෙන කාලයක් සටන් කරමින් සිට වෛද්‍යවරුන්ගේ දක්ෂතාව නිසා ජීවිතය බේරා ගන්නට හැකි විය. එහෙත් ඇසිඩ් ප්‍රහාරයෙන් ඒ මහතාගේ ඇසක් අන්ධ වී ගියේය. මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් 07 දෙනෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබිණ.

රන්ජන් - අනර්කලී ගැටුම ඇතිවුනේ නිල් බලකාය නිසා


සිදුවීමට "නිල් බලකායගැවිමත් සමග අනර්කලී රන්ජන් සමග පැටලෙයි.

මෙයට පෙර පුවතකින් අප වාර්තා කලේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අතරත් පළාත් සභා මන්ත්‍රිනී අනර්කලී ආකර්ෂාත් අතර ඉටි මල් ටෙලි නාට්‍යයේ දර්ශන තලයේ ඇතිවූ ගැටුමක් සම්බන්ධවයි.

මෙම ගැටුම දේශපාලනය සම්බන්ධව පැන නැගුනක් බව බොහෝ දෙනා දන්නවා වුවත් ගැටුමට මුල් වූ දේශපාලන කාරණය දැනගෙන සිටියේ නැත. පසුගිය දිනක පුවත්පතකට සම්මුඛ සාකච්චාවක් දෙමින් රන්ජන් රාමනායක එම ගැටුමට හේතුව හෙළිකොට තිබේ.

රන්ජන් ගැටුමට හේතුව විස්තර කල අයුරු බලන්න පහතින් 

Tuesday, October 23, 2012

ජුලියා ගිලර්ඩ් නැවතත් ඇද වැටෙයි


ඕස්ට්‍රේලියාවේ අගමැතිනිය වන ජුලියා ගිලර්ඩ් පසුගියදා ඇද වැටී තිබුණා.

දින තුනක ඉන්දියාවේ කල සංචාරයේ අවසන් දිනය වූ 17 
දා ඇය ඇද වැටී තිබුනේ ගාන්ධි සමාරකය නැරඹීමට ගොස් තිබූ අවස්ථාවේ.

එහිදී කුඩා පඩියක් බැසීමේදී පය පැකිලී තණ කොල මත ඇය ඇදවැටී තිබුනේ ඇය අඩි උස පාවහන් පැළඳ සිටීම නිසාය.

එම වීඩියෝව පහතින්.





මීට පෙර පසුගිය ජනවාරි මාසයේ ඕස්ට්‍රේලීයාවේ ජාතික දිනය දා ඇය කතාවක් පවත්වමින් සිටින අතරතුරේ එම ස්ථානයට හදිසියේ පැමිණි කලහකාරීන් පිරිසකගෙන් බේරීමට ජුලියා දිවයන අවස්ථාවේද මීට පෙර ඇදවැටී තිබුණා.

එම අවස්ථාවේ ශරීර ආරක්ෂකයන් ඇයව ආරක්ෂිතව වෙනත් ස්ථානයකට පිටත් කර හැර තිබූ අතර එහිදී ගත් ජායාරූප හා වීඩියෝ පහතින්

Share this article with your friends