Chitika Smowtion 468x60


Tuesday, October 30, 2012

ගල් විහාරයේ පිළිම විනාශවීමේ අවදානමක


ජාතියේ ප්‍රෞඩත්වය ලොවට කියාපාන පොළොන්නරුවේ ගල් විහාරයේ පිළිම මේ වනවිට විනාශ වෙමින් පවතී.

ගල් විහාරයේ මෙම ප්‍රතිමා ආරක්‌ෂා කිරීම සඳහා මෑතකදී තැනූ දුගී පියස්‌සේ වූ පාදම් කණු ඛාදනය වී අවපැහැ ගෙන තිබෙන අතර වහලයේද තැනින් තැන මලකඩ කා තිබෙනු දක්නට හැකිය.

දුර්වර්ණව මල කෑ සෙවිලි තහඩු අතරින් රූරා වැටෙන මලකඩ සහිත වැසි දිය පිළිම මතද වැටී එකතුවී ඇති අතර වසර දහස් ගනනක් අව්වට වේලෙමින් , වැස්සට තෙමෙමින් තිබූ පිළිම මෑත කාලයේ අව පැහැගැන්වී ඇත්තේ මලකඩ ඒ මතට වැටීම නිසාය

කැටයමින් යුතු විද්‍යාධර ගුහාවෙහි මුව දොර වසා ඉදිකළ යකඩ කූරු දැල මුළුමනින්ම මල කා දිරාපත්ව ගොස්‌ ඇත. ගෙදරක බලු කූඩුවකට මීට වඩා සැලකිල්ලක්‌ තිබේ. දිරාපත් යකඩ දැලෙහි කම්බි දරා සිටිනා ආධාරයක සවි වූ පුරාණ ගල් පුවරුවත් යකඩ මලින් දුර්වර්ණ වී ඇත

ග්‍රහ පිහිටීම අනුව ඕනෑම රටක කාලගුණ අනාවැකි කිව හැකි නව ක්‍රමයක් පාසැල් සිසුවෙකු සොයාගනී

විස්සයි විස්ස තරඟාවලිය පැවැත්වෙන පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයට අද පස්වරු හතෙන් පසුව මිලිමීටර් 10 කට අඩු වර්ෂාපතනයක්.

තාරකා වල හා ග්‍රහලෝක වල පිහිටීම ඇසුරින් කාලගුණ අනාවැකි කිව හැකි ක්‍රමයක් පාසැල් සිසුවෙකු විසින් සොයාගන තිබෙනවා.

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ 11 වසරේ සිසුවෙකු වන ඔහු මාලින් ජයනාත් විජේරත්නයි.

තාරකා වල පිහිටීම නිරීක්ෂණය කල ඔහු ඒ ඇසුරින් වර්ෂාපතනය හා කාලගුණ අනාවැකි කිව හැකි ක්‍රමවේදයක් නිර්මාණය කල අතර ඒ සඳහා ජාතික විද්‍යා පදනම විසින් මෙම වසරේ පවත්වන ලද තරඟාවලියේදී ඔහු පලමු ස්ථානය දිනාගන තිබෙනවා.



ජාතික පොහොර සතියට ගෙනා පොහොර වල කලු ගල්


මේ මස 20 -27 දක්වා පැවති ජාතික පොහොර සතිය වෙනුවෙන් ගොවීන් හට බෙදා දීමට හොරණ ගොවිජන සේවාමධ්‍යස්ථානය වෙත ගෙන ආ යූරියා පොහොර මිටිවල තිබී විශාල ප්‍රමාණයේ කළු ගල් සොයාගන තිබුණා. 


අදාල වැඩ සටහන යටතේ බෙදා දීමට හොරණ ගොවිජන සේවා කාර්යාලයට මෙට්‍රික් ටොන් 80ක යූරියා තොගයක් ගෙන ආ අතර ඒ අතර තිබූ මිටි 04කින් ඒවා සොයා ගෙන තිබෙනවා. 

ගුවන් විදුලි නාලිකාවල සංඛ්‍යාත වෙනස් වන්නේ මෙහෙමයි



ගුවන් විදුලි නාලිකා රට වටා විකාශය කිරීමේදී භාවිතා කරන විවිධ සංඛ්‍යාත වෙනුවට එක නාලිකාවක් සඳහා දිවයිනටම එකම සංඛ්‍යාතයක් ලබාදීමට ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර ඇති බව මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත ගෙන ආවා.

සංඛ්‍යාත 87 සිට 107 දක්වා පරාසය තුල දැනට ගුවන්විදුලි නාලිකා 43 ක් ක්‍රියාත්මක වන අතර එම හේතුවෙන් ඇතැම් පළාත්වලට කිසිදු නාලිකාවක් හරියාකාරව ශ්‍රවනයනොවීම මෙයට හේතුව ලෙස සඳහන් කොට තිබෙනවා.

වෙන්ඩෝල් සමාගමේ සභාපති සෝවාන් වෙලාලු !


සුප්‍රකට සබන් හා දේශීය ආයුර්වේද නිෂ්පාදන නිපදවන වෙන්ඩෝල් ලංකා සමාගමේ සභාපති වෛද්‍ය ලේල්වල, ජී ගොඩකන්ද මහතා තමා සෝවාන් වී ඇති බව ප්‍රසිද්ධියේ පතුරවමින් සිටින බව අප වෙත වාර්තා වේ. 

කලින් කලට ලංකාවේ සෝවාන් වූ හා බුදු වූ පුද්ගලයන් දැකගැනීමට හැකි වූ අතර ඔවුන්ට තිබුනේ ඉතා කෙටි පැවැත්මකි. වඳුරඹ සිරිවර්ධන නොහොත් මහත්තයා එසේ බුදු බව ලැබූ බව කියූ පුද්ගලයෙකි. 

අලුත්වන කොළඹ ඉදිවන අහස සිඹින ගොඩනැගිලි

Ndocean Tower


ඉන්දියාවේ කොල්කටාවේ ඉන්දු ඕෂන් ඩිවලොපරස් සමාගම කොළඹ කොම්පඤඤවීදියේ බේරේ වැව ඉදිරිපිට මහල් 68 සුඛෝපභෝගී තට්ටු නිවාසයක් ඉදිකිරීමට යයි. 2016 දී වැඩ අවසන් වන මේ කුලුන ශ්‍රී ලාංකිකයන් නොවන විදේශිකයන් අය ඉලක්ක කෙරෙයි. 
නාන තටාක, නැරඹුම් මැදිරි . ක්‍රීඩාගාර , ටෙනිස් පිටි ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විත වෙයි. එහි 57 වැනි මහලේ හෙලිකොප්ටර් අංගනයකි.



Monday, October 29, 2012

දරුවකු කරපින්නාගෙන සරසවියට යන දිරිය මවක්

මවක් තම දරුවා වඩාගෙන පෙරපාසලකට රැගෙන යාම සාමාන්‍ය දෙයක් වුවත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන වැඩිවියට පත් දරුවෙකු වඩාගෙන විශ්ව විද්‍යාලයට රැගෙන යන මවක් දැකීමට ලැබීම අසාමාන්‍ය සිදුවීමකි.

එහෙත් එවැනි පුවතක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් වාර්තා වෙයි. කසුන් චාමර නමැති මෙම විශ්ව විද්‍යාල සිසුවා මාංශ පේශී දුර්වලතා හේතුවෙන් උපතින්ම ආබාධිතය. නමුත් මාතර රාහුල විද්‍යාලයේ වාණිජ අංශයෙන් උසස්පෙළ හදාරා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජ්‍ය හා කළමනාකරණ පීඨය සඳහා තේරී පත්වුයේ අනෙකුත් සාමාන්‍ය දරුවන් අභිබවා යමින්ය.

කසුන් චාමර අද සිටින තත්ත්වයට පැමිණීමට ඔහුට ශක්තිය හා ධෛර්ය දෙමින් ඔහු ළඟ සිටින යෝධ සෙවනැල්ල ඔහුගේ මවත් පියාත්ය. කසුන් ගා හැම කෙනෙකුටත් වඩා දන්නේ ඔවුන්ය. කසුන්ගේ මව කසුන් පිළිබඳව පවසන්නේ මෙසේය.



ජනපති ඩුබායි ගිය ගුවන් යානයේ තිබූ දෝෂය හා ඉන්පසුව සිදුවූයේ කුමක්ද?

21 වැනිදා සවස 3 ට පමණ ජනාධිපතිවරයා ඩුබායි යාමට නියමිතව තිබූ UL 1207 යානයේ තිබූ දෝෂයක් නිසා එම ගමන ප්‍රමාදවූ බවට වාර්තා විය.

ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් විසින් සොයාගත් එම දෝෂය පිළිබඳව මාධ්‍ය වාර්තා පල වුනේ මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවටත් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට ගත් කුමන්ත්‍රණයක් බවටයි.

ඒ අනුව ගුවන් සේවා අමාත්‍ය ප්‍රියන්කර ජයරත්න විසින් පස් පුද්ගල කමිටුවක් පත් කළ අතර පරීක්ෂණ කිරීම සඳහා රහස් පොලීසියට නියෝග කළේය.


මෙම සිදුවීම ඊට පසුදින රිවිර පුවත්පත වාර්තා කර සිටියේ ...

Share this article with your friends