Friday, November 2, 2012
නෙහාරා මේනක හිතවත්කමේ අවසානය කෙසේද?
නෙහාරා හා මේනක පුංචි තිරයේ ජනප්‍රිය පෙම් යුවලකි.
පුංචි තිරයේ පෙම සැබෑ ජිවිතයට ගෙන එම සඳහා ඔවුන් දෙදෙනා මේ දිනවල උත්සාහ කරන බවට කටකතා පැතිර ඇති අතර ඔවුන් එය ප්‍රතික්ෂේප කොට සිටිනවා.
නමුත් ඔවුන් ගේ හිතවත්කම අවසන් වන ආකාරය මේනක සරසවිය පුවත්පතට ඉඟියක් ලබා දෙමින් කියා තිබුනේ එය දෙවියන් වහන්සේගේ කැමැත්ත උඩ සිදුවන දෙයක් බවය.
නෙහාරා මුලින්ම දික්කසාදය ගත අතර ඉන් පසු මේනක ද සිය යුග දිවියට සමු දුන්නේය. අතීතය ගැන කතා කිරීමට අකමැති නෙහාරා කියන දේ බලන්න පහතින්
ක්‍රිකට් පිටියේ නව නීතිරීති

ජගත් ක්‍රිකට් සමුළුව විසින් සිදුකරන ලද මෙම සංශෝධන හරහා පවර් ප්ලේ, විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීම, නීති විරෝධී පන්දු යැවීම හා බවුන්සර් පන්දු යැවීම ඇතුළු තවත් අංශ කිහිපයක්ම වෙනස්කම් සිදුකර ඇති අතර, කඩුල්ල මුවාකිරීමේ වරද සම්බන්ධව තිබෙන නීතියද එසේම ඇතුළත්කොට ඇත.
ඒ අනුව මෙතෙක් එක්දින හා පන්දුවාර විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේ දී සීමා ඉර පසුකර ගොස් යවන ලද පන්දුවකට පිතිකරුවකු දැවී ගිය විට එය නීති විරෝධී පන්දුවක් ලෙස පිටියේ විනිසුරුවරයා සංඥ නොකලද තෙවන විනිසුරුගේ දැනුම් දීම මත දැවී ගිය පිතිකරුට යලිත් අවස්ථාව ලබා දීමේ ක්‍රමවේදය ටෙස්ට් තරඟ වලටද එක්කර ඇත.
අරුම පුදුම බළල් සෙනෙහස

අලවතුගොඩ අස්වැද්දුම ප්‍රදේශයේ පදිංචි පී. බී. අමරකෝන් සුරතලයට බළල් පැටවෙකු ඇති කළේය. ඉතා සුරතෙල් ඇතිදැඩි කල මෙම බළලා වසර 5 ක් පමණ අමරකෝන් මහතා බලාකියා ගෙන ඇත්තේ ආදරයෙනි.
පසුගිය කාලයේ හදිසියේම අසනීප වූ අමරකෝන් මහතා රෝහල් ගත කෙරුණු අතර එම අසනීපයෙන්ම මිය ගියේය.
කටුගේ මහමොලකරු ඇල්ලුවත් කඩුවට වෙච්ච දෙයක් නැත !
කොළඹ ජාතික කෞතුකාගාරයේ පුරාවස්තු සොරකමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ලංසගේ ප්‍රියන්ත නොහොත් "කන්ගැට්ටා" පසුගිය දින පොලිස් අත්අඩංගුවට පත්විය.ලංකා ඉතිහාසයේ මාස ගණනක් යනතෙක් හසු නොවන සේ සොරකමක් කල "කන්ගැට්ටා" අවසානයේ ස්ත්‍රියකගේ "පැණි උගුලකට" හසුව පොලිසියේ අත්අඩංගුවට පත්විණි. කන්ගැට්ටා මේ දිනවල මාධ්‍යයට නැතුවම බැරි පුද්ගලයෙකි. ඒ ඔහුගේ වීර ක්‍රියාව රස කරමින් මාධ්‍යය වාර්තා කරන හෙයිනි.
එහෙත් ඔහුගේ වීර ක්‍රියාව අතිශය සැහැල්ලු බවකින් සිදුකල එකක් බව ඔහු දුන් කට උත්තර වලින් පැහැදිලිවේ . කන්ගැට්ටා දුන් සාක්ෂි වලට අනුව ඔහු සතුව අරුම පුදුම මල්ලක් ඇත. එය ඔහු යන සෑම තැනකම රැගෙන යයි. එදින ඔහු කටුගෙට ඇතුල්වන්නේද පෙර සුදානමින් තොරව මත් ද්‍රව්‍ය ලබා ගැනීමේ අවශ්‍යතාවය මත ඇවිද ඇවිද සිටින වෙලාවක සිතට ආ සිතිවිල්ලකට අනුවය.
දක්ෂිණ අධිවේගී මාර්ගයට නඩු කීමට සැරසෙන සුබසිංහ මහතා
වැසි සහිත කාලගුණික තත්වය යටතේ සරත් සුබසිංහ මහතාට මෝටර් රථය පාලනය කිරීමට නොහැකි වී ඇති අතර එය ආරක්ෂක වැටෙහි වැදී ඇත. රථය අනතුරට පත්වන අවස්ථාවේ මෝටර් රථයෙහි මාස අටක බිලින්දෙකුද සිට ඇත.
"සිද්ධාර්ථ ගෞතම" චිත්‍රපටය ලඟදීම
මහාමායා දේවියගේ කුස පිළිසිඳීමේ සිට ගිහිගෙය හැරයාම දක්වා සිදුහත් කුමාරයාගේ කතා පුවත රැගත් "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" චිත්‍රපටය 2013 ජනවාරි මාසයේ සිට තිරගතවීමට නියමිතයි.රුපියල් කෝටි 15ක් පමණ වියදම් කර නිපදවා ඇති බව පැවසෙන මෙම සිංහල චිත්‍රපටය දැනටමත් ඉල්ලා ඇති රටවල් 48කට ඉංග්‍රීසි උපසිරැසි සහිතව විකිණීමට බලාපොරොත්තු වන අතර එමඟින් ඉපයීමට බලාපොරොත්තු වන මුදල රු. කෝටි 25කි.
භාෂා 5ක උපසිරැසි සහිතව ප්‍රදර්ශනය කිරීමට ඉන්දියාවද බලාපොරොත්තු වේ
Thursday, November 1, 2012
ලෝක විනාශය වන බව කියන දෙසැම්බර් 21 වෙනිදා වෙන්නේ මොකක්ද?
දෙසැම්බර් 21 වෙනිදා ලෝක විනාශයක් වෙයිද?බොහෝ දෙනෙක් ඒ පිළිබඳව විමසා සිටින්නේ මායාවරුන්ගේ දීර්ඝතම කැලන්ඩරයේ දින වසර 5125.26 කට පසුව 2012 දෙසැම්බර් 21 වනදායින් අවසන් වීම නිසාය.
මායාවරුන්ගේ කැලන්ඩරය මෙන්ම ලෝක විනාශ හා බැඳුණු සංසිද්ධි ගනනාවක් පිළිබඳව පුවත්, වාර්තාමය වැඩසටහන්, චිත්‍රපට අන්තර්ජාලය පුරා පවතී.
ඒවායින් කියවෙන්නේ පහත කරුණු නිසා ලෝක විනාශයක් වන බවයි.
අද සිට ගුවන් විදුලි සංඛ්‍යාතයන් වෙනස් වෙන්නේ මෙහෙමයි
Subscribe to:
Posts (Atom)

