Chitika Smowtion 468x60


Thursday, November 8, 2012

යාන්ත්‍රික බෝට්ටු පැදීමේ උත්සවයේ ජායාරූප එකතුවක්

"ශ්‍රී ලංකා යාන්ත්‍රික බෝට්ටු පැදීමේ සංගමය" ලබන වසරේදී මෙරට ඉතිහාසයේ පළමු යාන්ත්‍රික බෝට්ටු පැදීමේ තරඟාවලිය පැවැත්වීමට නියමිත පුවත ඊයේ අප ඔබට ගෙන ආවා.

පළමු වරට 
F1 H2O බෝට්ටුව දියත් කිරීම සඳහා උත්සවයක් පසුගියදා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පැවැත්වූ අතර එහි ප්‍රධාන ආරාධිතයා වූයේ යෝශිත රාජපක්ෂයි.

එම අවස්ථාවේ ගත් ජායාරූප එකතුවක් පහතින්



ආයේ අලුත් ගුවන්විදුලි නාළිකාවලට දෙන්න තරංග නැහැ.

පසුගියදා ගුවන් විදුලි නාළිකා සඳහා නව තරංග සංඛ්‍යාතයන් හඳුන්වා දීමෙන් පසු නැවත අලුතින් ගුවන් විදුලි නාලිකා ආරම්භ කළ නොහැකි බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා.

මේ අනුව අලුත් රේඩියෝ නාලිකාවක් සඳහා ඉඩක් ලැබෙන්නේ තිබෙන නාළිකාවක් අවලංගු වුවහොත් පමණි.

කෙසේ වුවද දේශලන සබඳතා සහිත මාධ්‍ය ජාලයයකට ඔවුන්ගේ දිගු කලක් වසා දමා තිබූ නාලිකාවක් සඳහා මෙම ක්‍රමය ඇතිවීමට පෙර හදිසියේ ඉඩ ලබාගැනීමට හැකි වුණා.

ත්‍රීවීල් වෙනුවට හෙලිකොප්ටර් එන යුගය ඈතක නෙවෙයි- සූරියප්පෙරුම

රටේ තොටේ තිබෙනා ත්‍රීවීල් වෙනුවට හෙලිකොප්ටර් පැමිනෙන යුගය වැඩි ඈතක නොවන බව ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා පසුගියදා පවසා තිබුණා.

"තව අවුරුදු 5කින් මේ ගෙලිඔය හන්දියේ ඔය රෝද තුනේ ටැක්සිය නෑ. ඔය වෙනුවට ඔය සයිස් එකේ හෙලික්ප්ටරයක් බාමු.

ඔයාලා කඩේ ගිහින් බඩු මුට්ටු අරගත්තා බෑග් එකත් අරගන ගිහින් ඩ්‍රයිවර්ට කිව්වා අයිසේ මාව ගිහින් අපේ වහලේ උඩින් බස්සන්න කියලා. ඒ දවස වැඩි ඈත නෙවෙයි. මෑත තියෙන්නේ.



ලංකාවේ නිළියක් වූ රුසියානු ජාතික තරුණිය

ලුඩ්මිලා කිරිල්ලොවා යනු 2004 වසරේ සිට ලංකාවේ ටෙලිනාට්‍ය හා චිත්‍රපට ගනනාවක රඟපා ඇති රුසියානු ජාතික නිළියකි.

නමුත් බොහෝ දෙනෙකු ඇය හඳුනන්නේ නැත. එයට හේතුව මාධ්‍ය මඟින් ඇයට ප්‍රචාරයක් නොලැබීමයි.

ආදරණීය වස්සානය, සමනල තටු, නිසල ගිර, රෝස කැලේ, ජුලියා, සුවඳ දැනුනා ජීවිතේ, කිං හන්ටර්, සිංහාවලෝකන, සින්ඩ්‍රෙල්ලා, කලර් හා මාතා යන සිංහල චිත්‍රපට වල ඇය රඟපා ඇත.

ලක්ෂ 80කට ගෙනා වායුපුත්‍ර අශ්වයා කාටද?


පසුගියදා මංගල සමරවීර මංත්‍රීවරයා විසින් පවසා තිබුනේ "මේ රටේ ඉහල කෙනෙක්ගේ පුතෙක් තමන්ගේ ගැහැණු ලමයගේ උපන් දිනේට ලක්‍ෂ අසූවක අශ්ව පැටියෙක් ජූලි මාසයේ එංගලන්තයෙන් ගෙනැවිත් දුන්නා" යනුවෙනි.

මෙම අශ්වයා කාට ගෙන එන ලද්ද්ක්දැයි එහිදී ප්‍රකාශ වුනේ නැහැ. අප වෙත දැනගන්නට ලැබෙන පරිදි මෙම අශ්වයා ගෙනැවිත් තිබෙන්නේ ඉන්දියාවේ සිටයි.

ඉන්දියාවේදී ඩිනේෂ් පුජර් නමැති පුහුණුකරු විසින් මෙම් අශ්වයා පුහුණු කර තිබෙන අතර ඌ ඉන්දියාවේ තරඟ ජයගත් ජව සම්පන්න අශ්වයෙකි. ඌ ලංකාවට ගෙනත් තිබෙන්නෙ ලක්ෂ 80ක මුදලක් ගෙවා පසුගිය ජුනි මස දෙවන සතියේය.

අධිවේගී බෝට්ටු තරඟ ලබන වසරේ සිට ලංකාවේ

ක්‍රීඩා සම්මේලනයක් ලෙස ක්‍රීඩා ආමාත්‍යාංශයේ 54 වැන්න බවට පත්වූ "ශ්‍රී ලංකා යාන්ත්‍රික බෝට්ටු පැදීමේ සංගමය" ලබන වසරේදී මෙරට ඉතිහාසයේ පළමු යාන්ත්‍රික බෝට්ටු පැදීමේ තරඟාවලිය පැවැත්වීමට නියමිතයි

අන්තර්ජාතික සම්මේලනයේ පූර්ණ සහයෝගය සහිතව සංවිධානය කරන ලද මෙම තරඟාවලිය ලබන වසරේ ජූලි මාසයේ අගභාගයේ බොල්ගොඩ වැව ආශ්‍රිතව පැවැවේ.

ෆෝමියුලා වර්ගීකරණය සහිත මෙමෙ තරඟාවලියට සහභාගී වන සියළුම තරඟකරුවන්ට ඉතාලියේදී පුහුණුවන් ලබා දෙන අතර ඒ සඳහා වැයවන පිරිවැය සංගමය දැරීමට බලාපොරොත්තු වෙයි.



Monday, November 5, 2012

ගාල්ලේ පාතාලය කුමාර මැරූ පලිය ගනී?


මෙයට පෙර අප ලිපියක් මගින් ගාල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක වන මැර කණ්ඩායම් දෙකක් අතර සිද්ධ වන වසර ගණනාවක ගැටුමක් පිලිබඳ වාර්තා කරනු ලැබුවා. එම ලිපිය අප අවසන් කරනු ලැබුවේ පොලිසිය මෙයට මැදිහත් නොවුවහොත් තවත් මෙවැනි මරණ සිදුවිය හැකි බවයි. 

එසේ කියා වැඩි කලක් ගතවීමට මත්තෙන් තවත් තරුණයන් සිව් දෙනක් වෙඩි තබා ගාල්ල පෝද්දල ප්‍රදේශයේදී සාහසික අන්දමින් මරා දමා තිබේ. ඊයේ (04)උදෑසන ගාල්ල,පෝද්දල, බලංගොඩ පාරේ පිහිටි මහසොහොන් බෝක්කුව නමින් හදුන්වන ස්ථානයේ තිබී වෙඩි තබා මරාදමන ලද අනේකපුර පදිංචි ජානක පුෂ්පකුමාර, වැලදෙණිය ප්‍රදේශයේ පදිංචි අමිල නිශාන්ත සහ ජයසේකර මොහොට්ටි‍ගේ ජානක යන තරුණයන්ගේ සිරුරු හමුවී ඇත. අතපය ගැටගසා,දෑස්බැද මෙම ඝාතන සිදුකර තිබේ.

ඕෂධී මව් පදවිය ලබයි


පසුගිය කාලය පුරා මවක් වීමට පෙරුම් පිරු ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලි ඕෂධී හේවාමද්දුම පසුගිය 24 වනදා මව් පදවිය ලබා ඇතැයි වාර්තා වේ. 

මෙයට පෙර සිදු කල පරීක්ෂණයකින් ඕෂධී විසින් දියණියක්ද පුතනුවෙක්ද යන්න වග කලින් දන සිටියත් එය රහසක් වශයෙන් තබා ගත්තේ මව් පදවිය ලැබීමෙන් අනතුරව එය හෙළි කිරීම වඩාත් උචිත බව පවසමින්.

Share this article with your friends