Friday, November 9, 2012
අගවිනිසුරුතුමියට එරෙහි චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනවා
අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ බැංකු ගිණුම් ඇතුළු ඇයට එරෙහිව එල්ල වී ඇති චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කෙරූ නීලක්කන්දන් සහ නීලක්කන්දන් නීතිඥ සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම චෝදනාවලට එරෙහිව කරුණු දැක්වීමට තමන් සූදානම් බවත්, එම සමාගම සඳහන් කරයි.සිය සේවාදායිකාව වන අගවිනිසුරු තුමිය පෙර පරිදිම කිසිදු බියක් හෝ පැකිලීමක් නැතිව රාජකාරිවල නිරතවන බව නීලකන්දන් නීතිඥ සමාගම පවසයි.
වැලිකඩ හිරගෙදර වහලේ උඩ සිටින සිරකරුවන් ටී.56න් වෙඩි තබති
වැලිකඩ බන්ධනාගාරයේ වහල උඩට නැගගත් රැඳවියන් තමන් අත තිබෙන ටී.56 ගිනි අවිවලින් හතර අතට වෙඩි තබන්නට පටන් ගැනීමත් සමග බන්ධනාගාරය තුළ සහ ඒ අවට එකම යුද පිටියක වෙස් ගෙන ඇතැයි වාර්ථා වේ. මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී සිටි සිරකරුවන් 350ට වැඩි පිරිසක් ඔවුන් රඳවා සිටි කාමරවල යකඩ දොරවල් කඩා ගෙන බන්ධනාගාරයේ ඇතුළත පිහිටි මිදුලට පැන ඇතැයිද කියති. මෙම කණ්ඩායම වැලිකඩ සිර ගෙදර ආයුධ ගබඩාව කඩා ඒවායේ තිබූ ටී.56 ගිනි අවි පැහැර ගෙන ඇත. අද පෙරවරුවේ බන්ධනාගාරය හදිසිය වැටලූ විශේෂ කාර්‍ය බලකායට අයත් සෙබලුන් සහ පොලිස් සුනඛයින් සිර ගෙදර අස්සක් මුල්ලක් නෑර සෝදිසි කරන්නට පටන් ගත්තේය.
බන්ධනාගාරය කැළබෙයි රැදවියන් ආයුධ ගබඩාව කඩා හතර අතට වෙඩි තබයි
වැලිකඩ බන්ධනාගාර පාලනය මේ වනවිට මුලුමනින්ම බන්ධනාගාර රැදවියන් අතට පත්ව තිබෙන බවත් රැදවියන් බන්ධනාගාරයේ වහලය මතට නැග කලබලකාරීව හැසිරෙන බවත් වාර්තා වේ. ඇතැම් රැදවියන් අත අවි ආයුධ තිබෙන බවත් මේවා අතැතිව ඔවුන් බන්ධනාගාරය අවට කලබලකාරීව හැසිරෙන බවත් වාර්තා වේ. මෙම කලබලකාරී තත්ත්වය හේතුවෙන් දෙමටගොඩ මංසන්ධියේ සිට බොරැල්ල හංදිය දක්වා පාර වසා ඇත. මේ වන විට යුධ හමුදාව සීරුවෙන් තබා තිබේ.
මෙම කලබලකාරී තත්ත්වය හේතුවෙන් දෙමටගොඩ මංසන්ධියේ සිට බොරැල්ල හංදිය දක්වා පාර වසා ඇත. මේ වන විට යුධ හමුදාව සීරුවෙන් තබා තිබේ.
මෙම කලබලකාරී තත්ත්වය හේතුවෙන් දෙමටගොඩ මංසන්ධියේ සිට බොරැල්ල හංදිය දක්වා පාර වසා ඇත. මේ වන විට යුධ හමුදාව සීරුවෙන් තබා තිබේ.
ඔබාමා හා රොම්නිගේ ගැන්ගම් නර්තනය
ලොව පුරා පැතිර යන ගැන්ග්නම් නර්තනය බොහෝ දෙනා අනුකරණය කරන අතර ලංකාවේ තරුණයන් හා බැන් කි මූන් ද එම නර්තනයේ යෙදෙන අයුරු මීට පෙර අප ඔබට ගෙන ආවා.දකුණු කොරියානු රැප් ගායක PSYගේ එම නර්තනය අප ඔබට ගෙන එන විට එය යූටියුබ් හි වැඩිම පිරිසක් නරඹූ 11 වෙනි තැනට තිබූ අතර මේ වනවිට එය මිලියන 668ක් නරඹා යූටියුබ් හි දෙවන තැනට පත්වී තිබෙන්නේ මාස 4කටත් අඩු කාලයකදීය.
සූරියප්පෙරුමට තුනපහ අමතක වෙයි
ජේ ආර් පී සූරියප්පෙරුම මහතා විසින් පසුගියදා මහනුවර ප්‍රදේශයේදී කල කතාවක කොටස් දෙකක් ඊයේ හා පෙරේදා දිනවල අප ඔබට ගෙන ආවා.එම කතාවේම තවත් කොටසක ව්‍යාංජන වලට එක්කරනා තුන-පහ ගැන කාන්තාවන්ට ඉගැන්වීමට ගොස් ඔහුට ඒවා අමතක වී තිබුණේ අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයාට කවිපද අමතකවූ ආකාරයටමය.
"මෙතන ඉන්නවා ගෑණු උදවිය. තමුසෙලා ව්‍යාංජනයට දානවා තුන-පහ. මොකක්ද දාපු තුන? මොකක්ද දාපු පහ?
ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි තුනයි. සූදුරු, මාදුරු, අබ, කොත්තමල්ලි....(ටිකක් වෙලා කල්පනා කිරීමෙන් පසු)
එස් ටී එෆ් පන්සියයක් වැලිකඩ වටලයි
පොලිස් විශේෂ කාර්ය බලකාය මෙයට සුළු මොහොතකට පෙර වැලිකඩ බන්ධනාගාරය වටකොට දැවැන්ත සෝදිසියක් ආරම්භ කළේය. පොලිස් නිල සුනඛයින් ද බෝම්බ සොයන උපකරණද සමඟ බන්ධනාගාරය වටලනු ලැබූ එම කණ්ඩායමේ පන්සියයක් පමණ විශේෂ කාර්ය බලකා සාමාජිකයින් සිටිති.බන්ධනාගාරය තුළ සිටිමින් රැදවියන් කරන මත්කුඩු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පාතාල කටයුතු අධ්‍යනය කිරීමත් මෙම මෙහෙයුමේ අරමුණ බව විශේෂ කාර්ය බලකා ප්‍රධානියෙක් සඳහන් කළේය.
කන්ටේනරයක් පෙරළී අයෙක් නසී
අද උදෑසන 9 .00 ට පමණ හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේ සිදුවූ කන්ටේනර් රථ අනතුරින් එම කන්ටේනරය පෙරළී ගාලු පාර සම්පුර්ණයෙන්ම අවහිර වුනා. WP LY 0864 නමැති කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ මෙම කන්ටේනරය කිසියම් හේතුවක් මත පාරෙන් ඉවතට ධාවනය වී අසල කඩයක ගැටී පාර හරහා පෙරලි ඇති අතර අනතුරුව එහි රියදුරු සහ සහයක පලාගොස් ඇත.
මෙම අනතුරින් හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේම කඩයක හිමිකරුවෙකු වන සිල්වා මහතා කන්ටේනර් රථයේ බඳට යටවී මියගොස් ඇත.
එම අනතුරේ ජායාරූප එකතුවක් පහතින්.
Subscribe to:
Posts (Atom)
