පිටරට ගිය මැතිඇමැතිවරුන් වහා ගෙන්වයි
ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් හමුව ඉකුත් පස්වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මෙවර සතියේ ප්‍රධාන කටයුතු කිහිපයක් යෙදී තිබුණු බැවින් මන්ත්‍රී කණ්ඩායම් හමුව එම කටයුතු කෙරෙහිම අවධානය යොමු කරනු ලැබිය. අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කර ඇති දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තු පුස්තකයට ඇතුළත් කිරීම හා දිවි නැගුම පනතට අදාළ ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුදිනට යෙදී තිබුණි. එමෙන්ම අය වැය ඉදිරිපත් කිරීම ද මෙම සතියටම යෙදී තිබුණි

