පසුගියදා බත්තරමුල්ල පැලවත්ත පාලම් තුන අසල තිබූ බුද්ධ මන්දිරය නාගරික සංවර්ධන අධිකාරියේ සහ කඩුවෙල නගරසභාවේ පූර්ණ අනුදැනුම මත පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඩෝසර් කර දමා තිබූණි.පසුව එයට විරෝධය පා සංඝයා වහන්සේලා එක්ව විරෝධතාවයක් පැවැත්වූ අතර පසුව එම ඩෝසර් කිරීම සාධාරණීකරණය කරමින් ස්වාධීන රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති මඟින් පෙන්වූ ප්‍රවෘත්තියෙන් කියවුනේ ගෝඨාභය රාජපක්ෂ මහතායේ උපදෙස් මත මෙම ඩෝසර් කිරීම කර තිබූ බවයි.
