Chitika Smowtion 468x60


Tuesday, November 13, 2012

ලැම්බෝගිනි Murciélago රථයක් කොළඹ වරායේ

පසුගියදා රජය ඉදිරිපත්කල අයවැය මගින් රේසින් කාර් සඳහා රුපියල් මිලියන 160 ක පමණ බදු සහනයක් ලබා දුනි.

එනම් මිලියන 220 ක් පමණ මිල වූ රේසින් කාර් එකක් දැන් මිලියන 60 කට පමණ මිලදී ගැනීමට හැකිය.

එය කෝටි 22ක් වූ මෝටර් රථයකට කෝටි 16ක බදු සහනයක් දී කෝටි 6කට ලබාගැනීමට සැලැස්වීමකි.

මේ වනවිටත් කොළඹ වරායේ විවෘත නොකල කන්ටේනරයක් තුල ලැම්බෝගිනි Murciélago රථයක් ගාල් කර ඇති අප වෙත වාර්තා වේ. 


මෙම මෝටර් රථයේ හිමිකරු කව්රුද යන්න අප වෙත වාර්තා නොවුනත් ඉදිරියේදී අධිවේගී මාර්ග වල රේසින් කාර් ඉගිල්ලී යන යුගය වැඩි ඈතක නොවන බව සහතිකය.

මන්ත්‍රිවරියට බැල්ම හෙලන රෝමියෝ කවුද?

ඇය කලක් රුප රාජිනියකව සිට දේශපාලනයට පැමිණි තැනැත්තියකි. මේ දිනවල නිතර නිතර ලැබෙන ආදරණිය SMS හා MMS පණිවුඩ හේතුවෙන් ඇය අපහසුතාවයට පත්ව ඇති වාර්තා වේ. 

නිතර නිතර පණිවුඩ එවනු ලබන්නේද අමාත්‍යවරයෙකු විසිනි. මෙම අමාත්‍යවරයා මිල අධික ටි ෂර්ට් මිලදී ගැනීම හා මිල අධික කොන්ඩ විලාසිතා කිරීමට ජනප්‍රිය වූ අයෙකි. මෙම අමාත්‍යවරයා මෙයට පෙර මාධ්‍යවේදිනියක සමග පැවැත්වූ සම්බන්ධතාවයක් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියටද පත්විය.

කොටකෙතන මෙල්ල කරන්න වාස් ගුණවර්ධනට බාර දෙයි




දිනෙන් දින ඉහළ යන රත්නපුර, කහවත්ත ඝාතන රැල්ල සහ අපරාධ පිළිඹඳ සැලකිල්ල යොමු කොට පොලිස්පතිවරයා විසින් ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අද (13) සිට රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස මාරු කර යවා ඇත.

Monday, November 12, 2012

බන්ධනාගාරයේ ඇත්තටම සිදුවූයේ කුමක්ද…?

 ජේලර් ගාඩ්වරු නිර්නාමිකව ඉහළට ලියති: අර්ශස් ලෙඩේටත් එස්ටීඑෆ්!


එස්ටීඑෆ් නිලධාරීන් පැමිණ රැඳවියන් සිව් දෙනෙකුගේ නම් කියා රැගෙන ඔවුන් ගෙනා මාංචු දමා රැඳවියන් පිටතට ගෙන ඒ අතරේ ප්රශ්ණයක් ඇතිකරගෙන එම රැඳවියන්ට වෙඩි තබා මරා දැමුවේ යයි ද මෙය සැලසුම් සහගතව කළ ඝාතනයක් බවද බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර කොමසාරිස්වරයාටත් පොලිස්පතිවරයාටත් නිර්ණාමික ලිපියක් යවමින් පවසා ඇත.ඒ අනුව මුල සිටම ඩීඅයිජී රණවන සහ ඒඑස්පී සිල්වෙස්ටර් එස්ටීඑෆ් නිලධාරීන් පැමිණ ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් සමග ගැටුම් ඇතිකරගෙනය. ඒ පරීකෂාවට අදාල අධිකරණ නියෝග ඉල්ලු නිසා සහ බන්ධනාගාර නිලධාරීන්වත් පරීකෂා කිරීමට යාම හේතුවෙනි.

දුවේ නුඹ කවදාක එගොඩ යයිද මේ ගඟේ !


කැරකෙන අවන්හල්, පාවෙන අවන්හල්, ආසියාවේ උසම නෙළුම් කුලුන ගැන කතාකරන රටක, ජිවිත පරදුවට තබා ගුරු ගෙදරට යන පාසැල් සිසුන්.



"මිරිවැඩි සඟළක්‌ ඉල්ලා හැඬුවෙමි
පායුග නැති ඔබ දකින තුරා
කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
නෙත් යුග නැති ඔබ දකින තුරා"

හදිසියේම වාගේ නන්දා මාලනියගේ සුගායනීය වූත් හෘදයාංගමය වූත් මධුර ස්‌වරයකින් ලියුම්කරුගේ හදවත කම්පනය වූයේ පසුගිය රාත්‍රියේ දුටු සිහිනයකින් නම් නොවේය. ඒ පසුගිය 01 වැනිදා "දිවයින" පුවත්පතේ මුල්පිටුව මගින් ජනතාව හමුවේ තැබූ ජනතාවාදී රූප ප්‍රවෘත්තියකින් කියෑවුන කඳුළු කතාවක්‌ නිසාය. එම පුවතම පසුගිය දින එක්‌තරා රූපවාහිනී නාලිකාවකද දර්ශන සහිතව විකාශය විය. ඒ හද රිදවන පුවත මේසය.

කුවේට් මල් වෙඩි සංදර්ශනය ගිනස් වාර්තාවක් තබයි


කුවේට් රාජ්‍යය පිහිටුවා වසර 50ක් පිරීම නිමිත්තෙන් පෙරේදා කුවේට් හි පැවති මල් වෙඩි සංදර්ශනය ගිනස් වාර්තාවක් බවට පත්වී තිබෙනවා.

පුරා පැයක පමණ කාලයකදී අහසට එල්ල කළ මල් වෙඩි ප්‍රමාණය 77,282ක් පමණ වන අතර ඒ සඳහ ගිය වියදම ස්ටර්ලිං පවුම් මිලියන 10ක් හෙවත් රුපියල් මිලියන 2,077ක් පමණ වන බවයි වාර්තා වෙන්නේ.

එම මල් වෙඩි සංදර්ශනයේ ජායාරූප එකතුවක් පහතින්.



දකුණේ පාතාලයට අසුභ කාලයක්

මින් පෙර අප විසින් පෝද්දල සිව්පුද්ගල ඝාතනය පිලිබඳ හෙළි කරනු ලිපියක අවසන් කලේ එහි ඇති අභිරහස් භාවය පිලිබඳ යම් ඉඟියක් ලබා දෙමිනි. 

අප කියූ කරුණු සනාත කරමින් එම මිනීමැරුමට සම්බන්ධව අත් අඩංගුවට ගත් පුද්ගලයන් ඉන් ටිකදිනකට පසුව මුදා හැරුනේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව කියමින්. 

මේ පිලිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමද ඉහල පුද්ගලයෙකු ගේ බලපෑම මත මන්දගාමිකොට ඇත.මේ සිදුවීම් මෙසේ සිදු වෙද්දී කොස්ගොඩ ආයු ටිරාන් ද සොයිසා ද, නඳුන්ගේ කණ්ඩායමේ සුජිත් ද, ඇන්ටන් හා රන්දොඹේ හින්නා ද අතුරුදන් වී ඇතැයි ඔවුන්ගේ හිතවතුන් කියති. ආයු සුදු වෑන් රියකින් රැගෙන ගිය බව ඔහුගේ බිරිය පොලිසියට කියා ඇත.


විවාහයෙන් පස්සේ පබෝදගේ ගෙදරට ගොඩවෙමු


ජනප්‍රිය සම්මානනීය නිළි පබෝදා සන්දීපනී මීට මාස කිහිපයකට කළින් යුග දිවියට පිවිසුණු බව අපේ පාඨක හිතවතුන් දන්නවා. විවාහයෙන් පසුව අපිට ඇගේ ජීවිතයේ අලුත් තොරතුරු දැනගන්නට ලැබුණෙ නැහැ. ‘මොනවද’ පබෝදගේ අලුත් තොරතුරු කියලා රසික පිරිසත් විමසන්න හේතුවුණේ ඇගේ මේ නිහැඩියාව හින්දා. ඒ හින්දම අපි හිතුවාපබෝදට කතා කරන්න. සුපුරුදු ළෙන්ගතු බවින් යුතුවම පබෝදා රිද්ම සමග එකතු වුණා.

ඉතින් කොහොමද පබෝදා. මොනවාද අලුත් ජීවිතේ අලුත්ම තොරතුරු?
(සිනාසී) අලුත් ජීවිතේ බොහොම සතුටින් ගෙවිලා යනවා.

Share this article with your friends