4G හෙවත් LTE දුරකථන ජාල ආරම්භ කිරීම සදහා වන සංඛ්‍යාතයන් වෙන්දේසි කිරිමට විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව තීරණය කර තිබෙනවා.4G දුරකථන ජාල ලබන වසරේ සිට වාණිජ මට්ටමින් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත් ඉදිරි මාස දෙක ඇතුලත මෙම වෙන්දේසිය පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් විදුලි සංදේශ නියමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පවසනවා.

