Chitika Smowtion 468x60


Saturday, November 24, 2012

කොස්ගොඩ නදුන් අත්අඩංගුවට

ඝාතන, කප්පම් ගැනීම් ඇතුළු දරුණු ගණයේ අපරාධ රැසක් සිදුකොට රටින් පලා ගොස් සිටි "කොස්ගොඩ නදුන්" නැමැති පාතාල සාමාජිකයා සිංගප්පූරුවේ දී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කර තිබේ.

මොහු මෙරටට පැමිණීමේදී, ගුවන් තොටුපොලපොලිස් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වනවිට දීර්ඝ වශයෙන් ප‍්‍රශ්න කරමින් සිටියි.

දකුණේ ක‍්‍රියාත්මක වූ ප්‍රබල පාතාල කල්ලියක නායකයෙකු වූ මොහු, අම්බලන්ගොඩ, ඌරගස්මන්හංදිය, කොස්ගොඩ සහ ඇල්පිටිය ඇතුළු ප‍්‍රදේශ කිහිපයක සිදුවූ මිනිස් ඝාතන පහළොවක පමණ සෘජු සම්බන්දතාවයක් ඇතැයි තතුදත් ආරංචි මාර්ග පවසයි.



අනූෂා කොඩිතුවක්කු මවුබිමට රන් පදක්කමක් දිනාදෙයි


ටියුනීසියාවේ පැවැත්වුණු අන්තර් ජාතික කාන්තා බොක්සිං තරගාවලියේදී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට අනූෂා කොඩිතුවක්කු සමත් විය.

කි.ග‍්‍රෑ. 48 ෆ්ලයිවේට් බර පන්තියේ ඇය තරඟ වැදුනේ පින්ලන්ත කී‍්‍රඩිකා ලොයිකානි සමඟිනි.

ජාත්‍යන්තර බොක්සිං වළල්ලේ අවසන් තරගයක පළමු වටයෙන්ම ජයග‍්‍රාහකයා තීරණය කිරීමක් සිදුනොකිරීම සම්ප‍්‍රදාය වුවත් තරග ආරම්භයත් සමග දැඩි ප‍්‍රහාරයට ලක්වූ පින්ලන්ත කි‍්‍රඩිකා ලොයිකානි ලෝටා අනූෂාගේ පහර දරාගැනීමට නොහැකිව බොක්සිං වළල්ලේ ඇදවැටුණි.

දරු පල නසන ඩෙංගු වෛරසයක් සොයාගනී

පිරිමින්ගේ ශරීරයට ඇතුළු වුවහොත් ලිංගික බෙලහීනතාවයක් ඇති කරන, කාන්තාවන් සඳහා දරු පල නැති කරන ඩෙංගු වෛරසයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම වෛරසය දරුවෙකුගේ ශරීරයට ඇතුළු වුවහොත් පසුකාලීන බලපෑම් ඇති බවයි ඔවුන් පවසන්නේ.



මාලක සිල්වාගේ වාහන සංචිතයට ලඟදීම ලම්බෝගිනියකුත්


පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයේදී රේසින් කාර් සඳහා බදු අඩුකිරීම සම්බන්දයෙන් අදහස් දක්වමින් මර්වින් සිල්වා කියා සිටියේ ඇතැමුන් දැනටමත් ලැම්බොගිනි රථ පිටරටින් මිලදීගෙන ඇති බවත්, රට රැවටිමේ අරමුණින් පාර්ලිමේන්තුවේදී මෙම බදු අඩුකිරීමට එරෙහිව බොරුවට විරෝධය දක්වන බවයි.

තම පුතු මලක සිල්වාට ලැම්බොගිනි රථයක් උවමනා බව පවසයි නම් තමා ඔහුටත් ලැම්බොගිනි රථයක් මිලදීගෙන තමාද ලැම්බොගිනි රථයක් භාවිතයට ගන්නා බවත් ඔහු එහිදී පවසා සිටියා.

සාදින්නාගල කන්දෙන් රාවණා රජුගේ බවට සැක කෙරෙන උමං මඟක් හමුවේ

උමා ඔය ව්‍යාපෘතිය සඳහා සාදින්නාගල කන්දේ ඇති කුඩා පර්වතයක බෝර දමා පුපුරවා හැරීමේදී මීට වසර 7,500කට පමණ පෙර රාවණා රජු සමයේ භාවිතා කරන්නට ඇති බවට සැක කෙරෙන උමඟක් මතුවී තිබෙනවා.

මෙම උමඟ ග අඩි 11ක් පමණ උසකින්ද අඩි 5ක් පමණ පලලින්ද යුක්තය. පහලට ගමන් කල හැකි පඩිවෙලක්ද තිබෙන මෙහි බිත්ති සියුම් ලෙස උප දමා ඇති බවට වාර්තාවේ.

Friday, November 23, 2012

සනත් ජයසූරිය තෙවන වරටත් විවාහ වෙයි

මිට පෙර දෙවතාවක්ම විවාහවූ සනත් ජයසූරිය සිය දෙවන බිරිඳ වන සැන්ඩ්‍රාගෙන් දික්කසාද වීමට මීට මාස කිහිපයකට පෙර කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබුනා.

ඔහු අද සවස සිය තෙවන විවාහය කරගන තිබෙනවා. බිරිඳ නිළියක් බවයි වාර්තා වෙන්නේ.

ගල්කිස්සේ පිහිටි සුපිරි හෝටලයකදී මෙම විවාහ මංගල්‍යයට 63 දෙනෙකුට පමණක් ආරාධනා කර තිබූ අතර මාධ්‍යවේදීන්ට තහනම් වූ බව පැවසේ.

Thursday, November 22, 2012

මියගොස් ඇති බවට අන්තර්ජාලයට ගීතයක් එක්කර තිබූ ගායකයා සජීවීව ගයයි


ලයාන්විත කටහඬකින් ගැයුනු ගීත කිහිපයක් සමඟ එම ගීත ගායනා කරන ලද තිලින දුලාජ් නම් පුද්ගලයා යතුරු පැදි අනතුරකින් මිය ගොස් ඇති බවට මීට මාස 8කට පමන පෙර අන්තර්ජාලයට වීඩියෝවක් එක්වී තිබුණා

එම මෝටර් රථ අන්තුරේ ජායාරූපද එම වීඩියෝවෙහි දැක්වුණු නිසා ඔහු මෙම කටහඬ අයිති පුද්ගලයාගේ වියෝව ගැන බොහෝ දෙනෙකු කම්පා වී තිබුනා.

නමුත් එම ගීත ගැයූ සත්‍ය පුද්ගලයා මියගොස් නොමැති අතර ජනක ක්‍රිෂාන්ත නම් වන ඔහු ඊයේ ස්වාධීන රූපවාහිනියේ වෙනස වැඩසටහනට පැමින එම ගීතම සජීවීව ගයා තිබුණා.

මීට පෙර අන්තර්ජාලයට එක්වී තිබූ වීඩියෝව පහතින්.

Wednesday, November 21, 2012

සුමනා ගෝමස් ලංකාවට එයි

මීට දශක දෙකකට පමණ පෙර චිත්‍රපට ඉතිහාසයේ පෙරළියක් ඇතිකල ජනප්‍රිය නිළි සුමනා ගෝමස් ලංකාව හැරදා ගියේ වසර 15 කට පමණ පෙරය.

ඇමරිකානු ජාතිකයකු සමග විවාහ වී දැනට නිව්යෝර්ක් නගරයේ ජීවත්වන ඇය ඊයේ සවස ලංකාවට පැමිණ තිබෙනවා.

ඇය ලංකාවට පැමිණ ඇත්තේ වසර දහයකට පසුවය.



Share this article with your friends