Chitika Smowtion 468x60


Saturday, November 24, 2012

මම හොයන ආදරය මට තාම ලැබිලා නෑ - ගීතා කුමාරසිංහ


  • මම තනියම ජීවත් වෙන ගෑණියක්
  • සැබෑ ආදරය ලැබුනද කියලා මට සැකයි
  • මම හොයන ආදරය මට ලැබිලා නෑ
  • මට තනිකම තදින් දැනෙනවා
  • මට ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවයත් තියනවා
  • මරණය දක්වාම රඟපෑමේ යෙදෙන්නයි මම කැමති

සිනමා නිළි ගීතා කුමාරසිංහ පෙරේදා ඇගේ රංගනයෙන් සහ නිෂ්පාදනයෙන් හෙළ සිනමාවට තිළිණ කළ සම්මානනීය චිත්‍රපට පෙළක් DVD ලෙස එලි දැක්වුවා.

මේ අනුව පාලම යට, සළඹක් හඬයි, ලොකු දුව, අනුරාගේ අනන්තය යන චිත්‍රපටයි දොරට වැඩුනේ. කාලයකට පසුව ඇය පුවත්පතක් සමඟ සාකච්ජාවක් පවත්වා තිබුනා. එය පහතින්

නිළියක් හැටියට එදා ලැබුණු ජනප්‍රියත්වය අඩු වෙලා කියලා හිතෙන්නේ නැද්ද?

යෝෂිත කසකස්තාන් ගියේ මොකටද?

පසුගිය සැප්තැම්බර් මාසයේදී නොබැඳි ජාතීන්ගේ 16 වන රාජ්‍ය නායක සමුළුව සඳහා ලංකාව නියෝජනය කරමින් ජනාධිපතිවරයා හා විදේශ අමාත්‍යාංශයේ නිලධාරින් සමඟ ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂද ඉරානය බලා පිටත්ව ගොස් තිබූ බව අප වාර්තා කලා.

ජනාධිපතිවරයා මේ දිනවල සිටින්නේ කසකස්ථානයේය. මෙම සංචාරය සඳහා යෝෂිත රාජපක්ෂද නැවතත් සහභාගීවී සිටිනවා. 



ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බවට යෝජනා


මෙරට ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බවට දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට යෝජනා කර තිබේ.

මන්ත‍්‍රිවරයා පෙන්වා දෙන්නේ ශ්‍රි ලංකාවේ සංචාරක ව්‍යාපරය දියුණු කිරීමට මෙය වැදගත් වනු ඇති බවයි.

ගණිකා ව්‍යාපාරය සඳහා මෙරටින් පිරිස් සොයාගත හැකි වන තෙක් විදේශයන්ගෙන් පිරිස් ගෙන්වා ගත හැකි යයිද ඔහු පවසයි. 


තමන් ඇතුළු මන්ත‍්‍රී කණ්ඩායම මෑතකදී දකුණු කොරියාව ඇතුළු රටවල සිදු කළ විදෙස් සංචාරයේ දී මෙවැනි අංශයක වටිනාකම කැපී පෙණුනු බවද මන්ත‍්‍රීවරයා සඳහන් කරයි.

කොස්ගොඩ නදුන් අත්අඩංගුවට

ඝාතන, කප්පම් ගැනීම් ඇතුළු දරුණු ගණයේ අපරාධ රැසක් සිදුකොට රටින් පලා ගොස් සිටි "කොස්ගොඩ නදුන්" නැමැති පාතාල සාමාජිකයා සිංගප්පූරුවේ දී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කර තිබේ.

මොහු මෙරටට පැමිණීමේදී, ගුවන් තොටුපොලපොලිස් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වනවිට දීර්ඝ වශයෙන් ප‍්‍රශ්න කරමින් සිටියි.

දකුණේ ක‍්‍රියාත්මක වූ ප්‍රබල පාතාල කල්ලියක නායකයෙකු වූ මොහු, අම්බලන්ගොඩ, ඌරගස්මන්හංදිය, කොස්ගොඩ සහ ඇල්පිටිය ඇතුළු ප‍්‍රදේශ කිහිපයක සිදුවූ මිනිස් ඝාතන පහළොවක පමණ සෘජු සම්බන්දතාවයක් ඇතැයි තතුදත් ආරංචි මාර්ග පවසයි.



අනූෂා කොඩිතුවක්කු මවුබිමට රන් පදක්කමක් දිනාදෙයි


ටියුනීසියාවේ පැවැත්වුණු අන්තර් ජාතික කාන්තා බොක්සිං තරගාවලියේදී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට අනූෂා කොඩිතුවක්කු සමත් විය.

කි.ග‍්‍රෑ. 48 ෆ්ලයිවේට් බර පන්තියේ ඇය තරඟ වැදුනේ පින්ලන්ත කී‍්‍රඩිකා ලොයිකානි සමඟිනි.

ජාත්‍යන්තර බොක්සිං වළල්ලේ අවසන් තරගයක පළමු වටයෙන්ම ජයග‍්‍රාහකයා තීරණය කිරීමක් සිදුනොකිරීම සම්ප‍්‍රදාය වුවත් තරග ආරම්භයත් සමග දැඩි ප‍්‍රහාරයට ලක්වූ පින්ලන්ත කි‍්‍රඩිකා ලොයිකානි ලෝටා අනූෂාගේ පහර දරාගැනීමට නොහැකිව බොක්සිං වළල්ලේ ඇදවැටුණි.

දරු පල නසන ඩෙංගු වෛරසයක් සොයාගනී

පිරිමින්ගේ ශරීරයට ඇතුළු වුවහොත් ලිංගික බෙලහීනතාවයක් ඇති කරන, කාන්තාවන් සඳහා දරු පල නැති කරන ඩෙංගු වෛරසයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම වෛරසය දරුවෙකුගේ ශරීරයට ඇතුළු වුවහොත් පසුකාලීන බලපෑම් ඇති බවයි ඔවුන් පවසන්නේ.



මාලක සිල්වාගේ වාහන සංචිතයට ලඟදීම ලම්බෝගිනියකුත්


පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයේදී රේසින් කාර් සඳහා බදු අඩුකිරීම සම්බන්දයෙන් අදහස් දක්වමින් මර්වින් සිල්වා කියා සිටියේ ඇතැමුන් දැනටමත් ලැම්බොගිනි රථ පිටරටින් මිලදීගෙන ඇති බවත්, රට රැවටිමේ අරමුණින් පාර්ලිමේන්තුවේදී මෙම බදු අඩුකිරීමට එරෙහිව බොරුවට විරෝධය දක්වන බවයි.

තම පුතු මලක සිල්වාට ලැම්බොගිනි රථයක් උවමනා බව පවසයි නම් තමා ඔහුටත් ලැම්බොගිනි රථයක් මිලදීගෙන තමාද ලැම්බොගිනි රථයක් භාවිතයට ගන්නා බවත් ඔහු එහිදී පවසා සිටියා.

සාදින්නාගල කන්දෙන් රාවණා රජුගේ බවට සැක කෙරෙන උමං මඟක් හමුවේ

උමා ඔය ව්‍යාපෘතිය සඳහා සාදින්නාගල කන්දේ ඇති කුඩා පර්වතයක බෝර දමා පුපුරවා හැරීමේදී මීට වසර 7,500කට පමණ පෙර රාවණා රජු සමයේ භාවිතා කරන්නට ඇති බවට සැක කෙරෙන උමඟක් මතුවී තිබෙනවා.

මෙම උමඟ ග අඩි 11ක් පමණ උසකින්ද අඩි 5ක් පමණ පලලින්ද යුක්තය. පහලට ගමන් කල හැකි පඩිවෙලක්ද තිබෙන මෙහි බිත්ති සියුම් ලෙස උප දමා ඇති බවට වාර්තාවේ.

Share this article with your friends