Chitika Smowtion 468x60


Saturday, December 29, 2012

අක්මාවේ කොටසක් දන් දෙන්න ඉන්දියාවට ගිය ඉනෝකාගේ මුළු අක්මාවම ගලවාගෙන !


මීගමුවේ රෝගියෙකුට අක්මාවේ කොටසක් පරිත්‍යාග කිරීමට ඉන්දියාවට ගෙන ගොස් එහිදී කරන ලද ශල්‍යකර්මයකින් මියගිය කෑගල්ල මොළගොඩ මංගල ගම පදිංචිව සිටි ඉනෝකා දමයන්ති විජේරත්න (සංගීතා) 36 කාන්තාව මරණයට පත්ව තිබෙනවා. ඇය එක්දරු මවකි.

මෙම මරණය ගැන නීත්‍යනුකූලව කටයුතු කරන්න එපා. අපි ඕන තරම් මුදල් දෙන්නම්. දරුවාටත් සලකන්නම් කියා කිව් නිසා මේ මරණය ගැන අපිට සැක සිතුණා යැයි ඉන්දියාවේදී අක්මාවේ කොටසක්දී ඉන්දියාවේදීම මියගොස් ලංකාවට ගෙන ආ ඉනෝකා දමයන්ති විජේරත්න (36) ගේ මරණය සම්බන්ධව ප්‍රකාශයක් කරමින් මියගිය තැනැත්තියගේ පියා වන කේ.ජී. විජේරත්න (57) මහතා පැවැසීය.

මම අස්වෙන්නේ නෑ - බන්ධුල

මම පූස් පැටියෙක් වගේ අහිංසකයි

පසුගිය කාලයේ විභාග ප්‍රශ්න පත්‍රවල දෝශ හා Z-ස්කෝර් ගැටළුව නිසා අධ්‍යාපන ඇමතිවරයා පවසා තිබුනේ තමන් ඉල්ලා අස් නොවන බවයි.

පසුගියදා සාමන්‍ය පෙළ ප්‍රශ්නපත්‍රයක් පිටවී තිබීම නිසා නැවත වතාවක් එවැනි වාතාවරණයක් ඇතිවූ අතර බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරයා පසුගියදා පවසා තිබුනේ ප්‍රශ්න පත්තර හැදුවේ තමා නොවන නිසා ඒකට විභාග කොමසාරිස්වරයා වගකිවයුතු බවත් තමා පූස් පැටියෙක් වගේ අහිංසක නිසා ඉල්ලා අස් නොවන බවත්ය.


"ප්‍රතිපල වැරදියි අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙන්න ඕනේ කියනවා. මම පූස් පැටියෙක් වගේ අහිංසකයි. ප්‍රශ්න පත්තර හදලත් නෑ. විභාග කොමසාරිස් කෙනෙක් ඉන්නවා. එතුමා ඒකට වගකියන්න ඕනේ."

එම වීඩියෝව පහතින්.

Friday, December 28, 2012

අස්සෙන් කකුලක් පේන ෆොටෝ එකක් පළකලා යැයි යුරේනිගෙන් චෝදනාවක්!


පසුගියදා පළවුණ මවුබිම පුවත්පතේ අතිරේකයකට යුරෙනි නොෂිකාගේ ජායාරූප ගැනීමට ගිය ජායාරුප ශිල්පියෙකු ඇගේ ෆොටෝ 500ක් පමණ ගෙන එයින් වඩාත් හිරි ඔතප් බිඳෙන ජායාරූපයම පිටුවක් පුරා පළ කලැයි ඇය විසින් පුවත්පත් කාර්යාලයකට ගොස් ගෝරනාඩු කර තිබුණා.

අනතුරුව ඒ පිළිබඳ තොරතුරු හෙළිකල සාකච්ජාවකි මේ.

එහෙම ෆොටෝ එකකට යුරෙනි පෙනී හිටියේ නෑ කියලද?
නෑ එහෙම නෙවෙයි. මම තමයි ඒ ඉන්නේ. අපේ ෆොටෝග්‍රැෆර්ස්ලා අපිට වඩා මොඩලින් දන්නවා. අපිට ෆෝස් කරන්න දෙන්නේ නෑ.

එයාලා තමයි අරහෙට හැරෙන්න මෙහෙට හැරෙන්න කියන්නේ. අපි ගොඩක් වෙලාවට කොණ්ඩය ගැනයි මේකප් ගැනයි විතරයි හිතන්නේ.ඒ තුලින් ජායාරූප ශිල්පියා පහත් මානසික මට්ටම හරහා මේ වගේ ෆොටෝස් ගන්නවා. එහෙම කකුලක් අනවශ්‍ය විදිහට පේන්වා නම් ඒක එයාට කියන්න තිබුණා. මම දන්නේ නෑ පත්තරේ බලනකල් මේ ෆොටෝ එක පලවෙලා කියලවත්. සමහරවිට පත්තරේ විකුණගන්න මාකටිං පොයින්ට් එකක් විදිහට යූස් කළාද දන්නෙත් නෑ.

Thursday, December 27, 2012

රත්මලාන ත්‍රිත්ව ඝාතකයාගේ ෆේස්බුක් පෙම


රිමාන්ඩ් රැඳවියන් විසින් ඝාතකයාට අසුචි කවමින් පහර දීලා

රත්මලාන කල්දෙමුල්ල ප්‍රදේශයේ නිවෙසක තරුණ ගුරුවරියක හා ඇගේ දරු දෙදෙනාගේ පිලිස්සී ගිය සිරුරු හමුවීම පසුගියදා මුළු රටම මහත් කම්පාවට පත් කළ සිදුවීමක් විය.

තිස් එක් හැවිරිදි මවක තුන් හැවිරිදි වැඩිමහල් පුතුත් මසක් වයසැති බාල දරුවත් ගින්නට හසුවී දැවී පිලිස්සි තිබු අයුරු කාගේත් නෙතට මෙන්ම හදවතට දැඩි වේදනාවක් ගෙන දුන්නේ මෙම අපරාධය සිදුවුනේ කෙසේදැයි යන්න පිලිබඳ ප්‍රශ්නාර්තයක්ද එක්කරමිනි.

පිලිස්සී මියගිය මවගේ ඇකයේ සිටි සිඟිති පුතු අසලම තුන් හැවිරිදි ලොකු පුතු ද මියගොස් සිටියේය. මෙසේ මියගොස් සිටියේ දරුවන්ගේ මව වන සඳමාලි ප්‍රනාන්දුත් වැඩිමහල් පුතු තුෂාන් සඳරුවන් හා මසක් වයසැති බාල පුතු ඉෂාන් භානුක යන අයයි.

මුලදී ප්‍රෙහෙලිකාවක් වුවත් ප්‍රශ්න කිරීම් හමුවේ මියගිය සඳමාලිගේ සැමියා වන මධුර ද සිල්වා මෙම අපරාධය සිදුකර ඇති බවට පාපොච්චාරණය කරන ලදී . ඔහුගේ ගාල්ලේ පදිංචිකරුවෙකු වන අතර රත්මලාන ප්‍රදේශයේ "Caremate" නම් සමාගමේ ඉහල නිලයක් දරන පුද්ගලයෙකි. ඔහු මෙමැ මිනීමැරුම සිදුකොට තිබුනේ ඔහුගේ අනියම් පෙම්වතිය විවාහ කරගැනීමේ වුවමනාවෙන් බවද පාපොච්චාරණයේදී හෙළිවී ඇත.

මේ ඒ පිලිබඳ වැඩිදුර විස්තරයකි. මධුර නම් අපරාධකරු මෙම යුවතිය හදුනාගන්නේ ෆේස්බුක් හරහාය. ෆේස්බුක් හරහා සති තුනක් පමණ චැට් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ ප්‍රේමය ආරම්භ වී තිබේ.


Monday, December 24, 2012

ගයාන් හා චතුරිකාගේ නිරුවත ගයාන්ගේ බිරිඳ හෙළි කරයි


චතුරිකා හැමෝම ඉදිරියේ සම්බන්ධයක් ඇති බවට පිළිගත්තා.

ගයාන් සමහර දවසට පාරේ බැහැල යන්න බැරි ගානට මට ගහනවා.

ලොකු පුතාට වයස අවුරුදු පහයි. පොඩිපුතාට වයස අවුරුදු එකහමාරයි.

ගයාන්ට මීට කලිනුත් ඔයවගේ සම්බන්ධකම් තිබුණා 
  
පසුගිය සතියේ අප ලිපියක් මගින් රොෂාන් පිලපිටිය හා චතුරිකාගේ සම්බන්ධය බිඳ වැටීම පිලිබඳ හා ඒ පිළිබඳව එකිනෙකා නගන චෝදනා ඉදිරිපත්කරනු ලැබුවා. එහිදී චතුරිකා විසින් එම සම්බන්ධය බිඳ වැටීමට තුනවන්නෙක් නොමැති බව පවසමින් රොෂාන් පිලපිටිය සමලිංගිකයෙකු බව අඟවා තිබුනා. 

Sunday, December 23, 2012

මාතලේ ගිලා බසී

මාතලේ දිස්ත්‍රික්කයට අයත් ගම්මාන කිහිපයක් මේ වනවිට ගිලාබැසීමේ අවදානමකට ලක්වී තිබෙනවා.

මේ වනවිට මාතලේ දුන්කොල වත්ත දොරකුඹුර ප්‍රදේශයේ අඩි 60ක් උස කොස් ගසක් හා කිතුල් ගසක් පොළොව යටට ගිලා බැස නොපෙනී ගොස් තිබෙන අතර එම නිසා අඩි 20ක හා 30ක විශ්කම්භයක් සහිත වලවල් දෙකක් සෑදී තිබේ.

එම වීඩියෝවක් හා ජායාරූප කිහිපයක් පහතින්.

Saturday, December 22, 2012

ෂෙරිල් කොරියාවේ නටපු නැ‍ටුම


"අමා" ටෙලි නාට්‍යය හරහා පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයටපත් ෂෙරිල් රොමේන් ඩෙකර් පසුගිය දිනවල වඩාත් ජනප්‍රියත්වයට පත්වුයේ රොමේෂ් ලක්ෂාන් ගේ "දිගු දෑස" වීඩියෝව තුලින්ය. 

මේ වනවිට එහි දෙවන කොටසද රුගතකොට අවසන් ව ඇති අතර ඉදිරියේදී "දිගු දෑස 2" ලෙස නිකුත් වීමට නියමිතයි. 

ෂෙරිල් පසුගිය දින කිහිපයේ කොරියාවේ සංගීත ප්‍රසංගයකට සහභාගී ව සිටි අතර එහිදී ඇගේ නර්තනයන් කොරියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් ගේ ප්‍රසාදයට ලක්වූ බව වාර්තා වනවා. 

එම නර්තනයන් ඇතුලත් වීඩියෝවක් බලන්න පහතින් 

Friday, December 21, 2012

නව කැලන්ඩරයක් ආරම්භ වීම මායාවරු සමරයි

මායාවරුන්ගේ කැලන්ඩරය වසර 5125.26 කට පසුව අවසන් වීමට තිබුනේ අද ග්‍රිනිජ් වේලාවෙන් 11:11 ටය.

එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 4.41 ටය.

නව කැලන්ඩරයක් ආරම්භ වීම නිමිත්තෙන් එය සමරා මේ වනවිට ගෝතමාලාවේ මායාවරුන් තමන්ගේ සැමරීම් ආරම්භ කර තිබෙනවා. ඒවායේ ජායාරූප කිහිපයක් පහතින්.

Share this article with your friends