Chitika Smowtion 468x60


Sunday, December 30, 2012

චීනයේ සුපිරි වෙළඳසැලක මින්මැදුර පුපුරායාම - වීඩියෝ


චිනයේ දෙවන විශාලතම නගරයේ පිහිටි ෂැංහායි ඔරියන්ට් වෙළඳ සංකීර්ණයේ වූ විශාල මින්මැදුරක වීදුරුවක් පසුගියදා පුපුරා ගොස් තිබුණා.

ජලය සමඟ එළියට ආ මසුන් අතර මෝරුන් 3 දෙනෙකුද සිටි අතර අනතුරින් 16 දෙනෙකු පමණ තුවාල ලබා තිබූණා.

එම ටැංකියේ වීදුරුවේ ගනකම තිබී ඇත්තේ අඟල් 6කි. වීදුරුව බාල වර්ගයේ එකක් නිසා මෙම අනතුර සිදුවූ බවටයි විශ්වාස කරන්නේ.

ටැංකිය පුපුරා ගිය වීඩියෝව පහතින්.

Saturday, December 29, 2012

ටෝනි ග්‍රෙග් දිවියෙන් සමුගනියි!


ක්‍රිකට් විස්තර විචාරකයකු වු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටෝනි ග්‍රේග් අභාවප්‍රාප්ත වී තිබේ.

පෙනහළු පිළිකාවකින් පෙළුණු ඔහු මියගොස් තිබෙන්නේ හෘදයාබාධයකිනි. මිය යන විට 66 හැවිරිදි වියේ පසුවිය.

ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර ඉකුත් අගෝස්තු හා සැප්තැම්බර් අතර ඩුබායි හීදි පැවැති ක්‍රිකට් තරගාවලිය අතරතුර ඔහු රෝගාබාධයකින් පෙළුණු අතර පසුගිය කාලයේ ලංකාවේදී නිමාවට පත්වු පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී මුල්වරට එම රෝග තත්ත්වය හඳුනාගන තිබුණි.

6 දෙනෙකු දුෂණය කළ ඉන්දියානු සිසුවිය මියයයි

පසුගිය දා ඉන්දියාවේ මෙන්ම ලෝකයේ මහත් ආන්දෝලනයට ලක්වූ සිද්ධියක් වූයේ දිල්ලි නගරයේ ඉන්දියානු වෛද්‍ය ශිෂ්‍යාවක් හය දෙනෙකුගෙන් යුතු පිරිසක් විසින් දුෂණය කිරීමයි.

එම සිදුවීමට බදුන් වූ එම ශිෂ්‍යාව අද උදෑසන මියගොස් තිබෙනවා. ඒ සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදීය.

23 හැවිරිදි, පිසියෝතෙරපි හදාරන එම වෛද්‍ය ශිෂ්‍යාව පසුගිය 16 වනදා ඇගේ පෙම්වතා සමඟ චිත්‍රපටයක් නැරඹීමට ගොස් ඇති අතර චිත්‍රපටය නිමවී යාමට බස් රථයකට ගොඩ වී ඇත. 


බස් රථයට ගොස් වාඩි වී ටික වෙලාවකින් බස් රථය සුපුරුදු මාර්ගයෙන් ඉවතට ගොස් වෙනත් මාර්ගයක ගමන් කර ඇති අතර බස් රථයේ දොරවල් දෙක
 වසා ඇත. 

ක‍ටුගේ කැඩුවේ කන්ගැට්ටාමයි - අනුර සේනානායක පුන පුනා කියයි


2012.03.16 දින කොළඹ කෞතුකාගාරයේ කෞතුක වස්තු සොරකමට සම්බන්ධ වූයේ කන්ගැට්ටා නොහොත් ප්‍රියන්ත මේදිස් නැමැත්තා බවත් ඒ හැර වෙනත් කිසිදු පුද්ගලයෙකු ඊට සම්බන්ධ නොවු බව ස්ථීර වශයෙන්ම තහවුරු කළ හැකි යැයි බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පවසයි.

 මෙම සොරකම සම්බන්ධයෙන් හා ඊට අදාළව සොයාගත් භාණ්ඩ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරී‍ම සඳහා පොලිස් මූලස්ථානයේදී 
පසුගියදා (26) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

ඉහත සඳහන් ක‍ළ දිනයේ රාත්‍රී කෞතුකාගාරයෙන් නැති වු භාණ්ඩ 221න් 221ම සොයාගෙන ඇතැයි ද ඒවා සොයා ගනු ලැබුවේ දිවයිනේ විවිධ ප්‍රදේශවල රන් භාණ්ඩ වෙළඳසැල්, පැරණි භාණ්ඩ මිලට ගන්නා ස්ථානවල තිබී බවද ඔහු එහිදී පැවසුවේය.

පෙරහැර බලන්න ගිය ගීතා ස්ටේජ් එකෙන් බිමට පැනලා!


මඩ තැවරුණ නිසා පෙරහර නොබලාම ගිහින්..

බෙන්තර ඇල්පිටිය ආසනයේ ශ‍්‍රී ලංකා පක්‍ෂ සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය, බෙන්තර ප්‍රාදේශීය සභා සභාපති ගයාන් සිරිමාන්න මහතා සමග පෙරදින රාත්‍රියේ වේදිකාවකින් බිමට පැන පණ බේරාගෙන තිබේ.

ඔවුන් දෙදෙනා බෙන්තොට ගලපාත මහා විහාරයේ ඓතිහාසික දළදා පෙරහර බලන්නට ගිය අවස්ථාවේදී එවැනි අකරතැබ්බකට මුහුණදී ඇත.

අක්මාවේ කොටසක් දන් දෙන්න ඉන්දියාවට ගිය ඉනෝකාගේ මුළු අක්මාවම ගලවාගෙන !


මීගමුවේ රෝගියෙකුට අක්මාවේ කොටසක් පරිත්‍යාග කිරීමට ඉන්දියාවට ගෙන ගොස් එහිදී කරන ලද ශල්‍යකර්මයකින් මියගිය කෑගල්ල මොළගොඩ මංගල ගම පදිංචිව සිටි ඉනෝකා දමයන්ති විජේරත්න (සංගීතා) 36 කාන්තාව මරණයට පත්ව තිබෙනවා. ඇය එක්දරු මවකි.

මෙම මරණය ගැන නීත්‍යනුකූලව කටයුතු කරන්න එපා. අපි ඕන තරම් මුදල් දෙන්නම්. දරුවාටත් සලකන්නම් කියා කිව් නිසා මේ මරණය ගැන අපිට සැක සිතුණා යැයි ඉන්දියාවේදී අක්මාවේ කොටසක්දී ඉන්දියාවේදීම මියගොස් ලංකාවට ගෙන ආ ඉනෝකා දමයන්ති විජේරත්න (36) ගේ මරණය සම්බන්ධව ප්‍රකාශයක් කරමින් මියගිය තැනැත්තියගේ පියා වන කේ.ජී. විජේරත්න (57) මහතා පැවැසීය.

මම අස්වෙන්නේ නෑ - බන්ධුල

මම පූස් පැටියෙක් වගේ අහිංසකයි

පසුගිය කාලයේ විභාග ප්‍රශ්න පත්‍රවල දෝශ හා Z-ස්කෝර් ගැටළුව නිසා අධ්‍යාපන ඇමතිවරයා පවසා තිබුනේ තමන් ඉල්ලා අස් නොවන බවයි.

පසුගියදා සාමන්‍ය පෙළ ප්‍රශ්නපත්‍රයක් පිටවී තිබීම නිසා නැවත වතාවක් එවැනි වාතාවරණයක් ඇතිවූ අතර බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරයා පසුගියදා පවසා තිබුනේ ප්‍රශ්න පත්තර හැදුවේ තමා නොවන නිසා ඒකට විභාග කොමසාරිස්වරයා වගකිවයුතු බවත් තමා පූස් පැටියෙක් වගේ අහිංසක නිසා ඉල්ලා අස් නොවන බවත්ය.


"ප්‍රතිපල වැරදියි අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙන්න ඕනේ කියනවා. මම පූස් පැටියෙක් වගේ අහිංසකයි. ප්‍රශ්න පත්තර හදලත් නෑ. විභාග කොමසාරිස් කෙනෙක් ඉන්නවා. එතුමා ඒකට වගකියන්න ඕනේ."

එම වීඩියෝව පහතින්.

Friday, December 28, 2012

අස්සෙන් කකුලක් පේන ෆොටෝ එකක් පළකලා යැයි යුරේනිගෙන් චෝදනාවක්!


පසුගියදා පළවුණ මවුබිම පුවත්පතේ අතිරේකයකට යුරෙනි නොෂිකාගේ ජායාරූප ගැනීමට ගිය ජායාරුප ශිල්පියෙකු ඇගේ ෆොටෝ 500ක් පමණ ගෙන එයින් වඩාත් හිරි ඔතප් බිඳෙන ජායාරූපයම පිටුවක් පුරා පළ කලැයි ඇය විසින් පුවත්පත් කාර්යාලයකට ගොස් ගෝරනාඩු කර තිබුණා.

අනතුරුව ඒ පිළිබඳ තොරතුරු හෙළිකල සාකච්ජාවකි මේ.

එහෙම ෆොටෝ එකකට යුරෙනි පෙනී හිටියේ නෑ කියලද?
නෑ එහෙම නෙවෙයි. මම තමයි ඒ ඉන්නේ. අපේ ෆොටෝග්‍රැෆර්ස්ලා අපිට වඩා මොඩලින් දන්නවා. අපිට ෆෝස් කරන්න දෙන්නේ නෑ.

එයාලා තමයි අරහෙට හැරෙන්න මෙහෙට හැරෙන්න කියන්නේ. අපි ගොඩක් වෙලාවට කොණ්ඩය ගැනයි මේකප් ගැනයි විතරයි හිතන්නේ.ඒ තුලින් ජායාරූප ශිල්පියා පහත් මානසික මට්ටම හරහා මේ වගේ ෆොටෝස් ගන්නවා. එහෙම කකුලක් අනවශ්‍ය විදිහට පේන්වා නම් ඒක එයාට කියන්න තිබුණා. මම දන්නේ නෑ පත්තරේ බලනකල් මේ ෆොටෝ එක පලවෙලා කියලවත්. සමහරවිට පත්තරේ විකුණගන්න මාකටිං පොයින්ට් එකක් විදිහට යූස් කළාද දන්නෙත් නෑ.

Share this article with your friends