Chitika Smowtion 468x60


Thursday, January 3, 2013

ප්‍රභාකරන් මිය ගිය ස්ථානයේ හෝටලයක්


NandikadalHotel_600px_12_12_31එල්.ටි.ටි.ඊ. සංවිධානය සමග අවසන් සටන සිදුවූ, මුල්ලිවායික්කාල් ප්‍රදේශයේ කලපුව ආසන්නයේ ‘ලැගූන් ඒජ්’ නමින් සුභෝපභෝගී නිවාඩු නිකේතයක් විවෘත කර ඇත. මෙය ප්‍රභාකරන් මියගිය ස්ථානය බවත්, මෙම ස්ථානයේ විවේකය ගත කරමින් එක් දිනක් රැඳී සිටීමට රුපියල් 15,000 ක් අය කරන බවත් දක්වා සිංහල මාධ්‍ය ජාතික පුවත්පතක දැන්වීම් වාර්තාවක් පලකර ඇත.

දේශීය සංචාරකයින් ඉලක්ක කර ගනිමින් මෙම දැන්වීම පළකර තිබේ.
එම හෝටලය ජීවිතයේ එක්වරක් අත්විඳිය යුතු අත්දැකීමක් ලෙස වර්ණනා කරමින් එකී දැන්වීම් ලිපිය පළකරන එම පුවත, දහස් ගණනක් යුධ විරුවන්, ත්‍රස්තවාදීන් සහ අනෙකුත් අය මියගිය ස්ථානයේ පිහිටි මෙම නිවාඩු නිකේතනය සම්පූර්ණයෙන්ම තේක්ක ලීයෙන් ඉදිකර ඇති බවත්, එසේම සියලු උත්සව අවස්ථා සඳහාද කදිම බවත් සඳහන් කර ඇත. එම ලිපිය මගින් “ප්‍රභාකරන් මැරුණු නන්දිකඩාල් කලපුවේ 15,000 ($100) ගෙවලා රැයක් ඉන්න කැමතිද ?” යනුවෙන් පාඨකයින්ගෙන් විමසා සිටියි.

හලාල් ගන්න ගෙවන මුදල් යන්නේ කොහේටද ? (Halal)


ගෙවන ගාස්තු ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් අතට පත්වීමේ අවදානමක් – බොදු බල සේනාව අනතුරු අගවයි

හලාල් සහතිකය ලබා ගැනීමට ගෙවනු ලබන ගාස්තු හමාස් හා අල්කයිදා වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් අතට පත්වීමේ අවදානමක් පවතින බව පසුගියදා (31) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී බොදුබල සේනා ජාලය ප්‍රකාශ කළහ.

එමෙන්ම කැනඩාවේ හලාල් සහතික ලබා ගැනීමට යොදවන මුදල් ත්‍රස්තවාදීන් අතට පත්වන බවට සන් ප්‍රවෘත්ති සේවය මගින් අනාවරණය කළ බවද එහි සාමාජිකයෝ පවසති.

පෝ දින වෙළෙඳ නිවාඩුව යළි කැලැන්ඩරයට


http://i.imgur.com/4odft.pngරජයේ දින දර්ශනයෙන් පොහොය නිවාඩු දිනය වෙළෙඳ නිවාඩු දිනයක්‌ ලෙස මෙතෙක්‌ නම් කළත් 2013 වර්ෂයේ රජයේ දින දර්ශනයේ එදින වෙළෙඳ නිවාඩු දිනයක්‌ ලෙස නම් නොකිරීම පිළිබද බොදුබල සේනා සංවිධානයේ දැඩි විරෝධය එල්ල විය.
පසුව ඒ පිළිබද කරුණු දක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න ප‍්‍රකාශ කළේ 2013 වර්ෂය සඳහා වූ රජයේ දින දර්ශනයේ පෝය නිවාඩුව වෙළඳ නිවාඩුවක් ලෙස සටහන් කිරීමට තීරණය කළ බවයි.

ජැක්සන්ගේ නිවසට හොරු පනියි


ප්‍රවීන සිනමා නළු ජැක්සන් ඇන්තනි මහතාගේ නිවසේ පසුගිය කාලයේ සොරකමක් වී ඇති බව වාර්තා වේ. 

මෙම සොරකමෙන් දැඩි අලාභ හානි වී ඇත්තේ ජැක්සන්ගේ පුතු අඛිල ධනුද්දර වෙතය. ඒ නිවසට පැමිණි හොරා ඇතුළුවී ඇත්තේ ඔහුගේ කාමරයට වන නිසාය.

Wednesday, January 2, 2013

ෂෙරිල්ගේ විවාහයට තව දින තුනයි



මනාලයා "නොදැක ඉන්න බෑ" කියන රුවන් හෙට්ටිආරච්චි 

පසුගිය කාලයේ ෂෙරිල් හා චිලී අතර සම්බන්ධකමක් ඇති බවට කටකතා පැතිරුණා.

ඒ අතර ෂෙරිල් රොමේන් ඩෙකර් ගේ පෙම්වතා වීමට ගුණාංග කිහිපයක් ඇය ප්‍රකාශ කර තිබූ අතර ඇඟිලි දිග වීම හා උස වීමද ඒ අතර වන බව ඇය පවසා සිටියා.

පසුගියදා කොරියාවේ පැවති සංගීත ප්‍රසංගයක නර්තනය යෙදුන ඈ තව දින 3කින් විවාහ වීමට නියමිතව තිබෙනවා.

අවුරුදු තුනක් තිස්සේ පෝලිමට දුෂණය කල තවත් දැරිවියක්...


දැරියට අවු: 15 යි මාස 11යි

මාමා කෙනෙක් මුලින්ම දුෂණය කරලා..

ඊට පස්සේ අතින් අතට ගිහින්
තාත්තා දාලා ගිහින් අම්ම රට

2009 වසරේ සිට අවස්ථා කීපයකදීම පුද්ගලයින් කීප දෙනෙකු අතින් දුෂණයට ලක්වූ බව කියන මේ වන විට අවුරුදු 15 යි මාස 11 ක වයසේ පසුවන දැරිවියක් කරුවල ගස්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

Y FM Republic Party


 

සූරියප්පෙරුමගේ බොරු අතේ මාට්ටු


ලංකාවේ උපදින දරුවන් අඟල් එකකින් උස යාමටත් රාත්තල් 25 කින් බර වදිවිමටත් පටන් ගෙන ඇති බවත් අලුත්ම සමීක්ෂණ වාර්තාවකින් හෙළිවී ඇති බව පාර්ලිමේන්තු ජාතික ලැයිස්තු මන්ත්‍රී ජේ.ආර්.පී. සුරියප්පෙරුම සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් පසුගියදා අප වාර්තා කළා.

නමුත් එම ප්‍රකාශය පදනම් විරහිත එකක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටි. සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය එවැනි කිසිදු සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවත් මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය ඔහු විසින් ගොඩ නගා ගත්තක් විය හැකි බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ ඒකකය සඳහන් කර සිටි. 

Share this article with your friends