Chitika Smowtion 468x60


Friday, January 11, 2013

Rizana Nafeek ගේ ව්‍යාජ වීඩියෝව පෙන්නා අයි.ටී.එන් ඇන ගනී


මේ දිනවල අන්තර්ජාලය ඔස්සේපැතිර යන රිසානා නෆීක් (Rizana Nafeek) ගෙල සිඳ දමා මරාදමන ආකාරය දැක්වෙන වීඩියෝව ව්‍යාජ එකක් බවත් එය ඉන්දිනිසියානු කාන්තාවකගේ වීඩියෝවක් බවත් ඊයේ දිනයේ අප විසින් හෙළිදරව් කරන ලදී. 

නමුත් කිසිදු අධ්‍යනයකින් තොරව ස්වාධින රුපවාහිනිය ඊයේ (10) රාත්‍රී 9:30 පුවත් විකාශය තුලින් රිසානා නෆීක්ගේ ගෙල කපා දමන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇති බවට ප‍්‍රකාශ කොට ගෙල කපන අවස්ථාවෙ දර්ශනයද රටටම පෙන්වුයේය. 

ඔවුන්ට දශමයක හෝ දැනුමක් තිබුනේනම් අඩුම තරමෙ අදාල වීඩියෝව Upload කල දිනය බලන්නට තිබුණි.වීඩියෝව පහතින් එය Upload කල වසර 2011 ලෙස පැහැදිලිව සටහන්ව ඇත.

Thursday, January 10, 2013

Rizana Nafeek ගේ බවට හුවමාරු වන වීඩියෝව ඉන්දුනීසියානු කාන්තාවකගේ


ඊයේ රිසානාට (Rizana Nafeek) මරණ දඩුවම දුන් වීඩියෝ පටය බව දක්වමින් වීඩියෝවක් මේ වනවිට ෆේස්බුක් හා වෙනත් වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වෙමින් පවතිවා.

නමුත් අප වෙත දැනගන්නට ලැබෙන්නේ එය රිෂානාගේ නොව 2011 වසරේදී ඉන්දුනීසියානු ගෘහසේවිකාවක මරා දමන වීඩියෝවක් බවයි.

ඒ බව පැහැදිලි වන්නේ ඉරානයේ ප්‍රේස් ටී.වී නාලිකාව විසින් එම වීඩියෝව ඉන්දුනීසියානු ගෘහසේවිකාවකගේ බවට විකාශය කර තිබීම නිසාය.

රිෂානාගේ බවට හුවමාරු වන වීඩියෝව පහතින්.

Wednesday, January 9, 2013

ලොරි කූඩුවට රු.30,000 ක බද්දක් අය කිරීමට විරෝධය පෑවාට ගුටි


කුඩා ලොරි පිටුපස සවිකර ඇති කූඩුව සඳහා රු. 30,000 ක බද්දක් අය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

වාහනයක ලියාපදිංචි ගාස්තුව මෙන් 3 ගුණයක් පසුපස කොටසේ වහලය සඳහා අයකිරීමට විරෝධය පා නාරම්මල ප්‍රදේශයේදී ඊයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වා තිබුණා.

ඒ වයඹ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමය විසිනි.

මෙම උද්ඝෝෂණය සඳහා කුඩා ලොරි (ඩිමෝ බට්ටා) 500ක් පමණ නගරය ගෙනැවිත් තිබූ අතර රියදුරන් හා ලොරි හිමියන් විශාල ප්‍රමාණයක් සහභාගී වී තිබුණා.

රිෂානා නෆීක් සෞදියේදී මරා දමයි ( Rizana Nafeek Killed )

සෞදි ආරාබියේ මරණ දඬුවම නියම වී සිටි ගෘහ සේවිකාවක වූ රිෂානා නෆීක් (Rizana Nafeek) නිදහස් කරගැනීමට පසුගිය කාලයේ ලංකාවෙන් සෞදි රජය වෙත විවිධ ඉල්ලීම් කර තිබුණා.

2005 වසරේදී හාම්පුතාගේ නිවෙසේදී මාස හතරක දරුවකු මැරීයැයි මරණ දඩුවම නියමවී සිටි ඇය ඒ වනවිට 17 වන වියේ පසුවිය. ඇගේ පදිංචිය වූයේ මුත්තූර් ය.

මීට දින දෙකකට පෙර ජනාධිපතිවරයා විසින් සෞදි අරාබියේ රජුගෙන්ද ඒ පිළිබඳ රාජත්‍රාන්ත්‍රික මට්ටමෙන් ඉල්ලීමක් කර තිබූ නමුත් පසුගිය වසර 7 පුරාවටම සිර දඬුවම් විඳි ඇයගේ බෙල්ල කපා අද මරා දමා තිබෙනවා.

Tuesday, January 8, 2013

නාරදගේ විවාහ මංගල්‍යය (Narada's Wedding)

යං ඒෂියා රූපවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂ නාරද බක්මීවැවගේ (Narada Bakmeewewa) විවාහ මංගල්‍යය පසුගියදා පැවැත්වුණා. මනමාලිය වුනේ රාගම වෛද්‍යපීඨයේ කථිකාචාර්යවරියක වූ දිනූෂි අතපත්තුයි. එහි ජායාරූප එකතුවක් පහතින්.



ආදාහන, ඔප්පු, උප්පැන්න හා මරණ සහතික ගාස්තුත් වැඩි කෙරේ

මාසික ආදායම 50,000 වැඩි නම් 2%ක බද්දක්

මෙතෙක් කලක් අය කළ විවාහ ලියපදිංචි කිරීමේ ගාස්තුව වැඩි කල පුවතක් මීට පෙර අප ඔබට ගෙන ආවා.

එමෙන්ම මල සිරුරක් ආදාහනය කිරීමේ ගාස්තුවද රු. 2,000 කින් වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.


එමෙන්ම උපතේ සිට විපත දක්වාත්, භුමියේ හිමිකම් පිලිබඳ ඔප්පු තිරප්පු වල පිටපතක් ලබාගැනීමේදීත් තිබූ නොමිලේ සැපයූ හා අඩු මුදලට සැපයූ සේවාද ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා 100%කටත් වඩා ගාස්තු අය කෙරෙන අතර මෙතෙක් කලක් නොමිලේ ඔප්පුවක් ලියාපදිංචි කිරීමට අවශාව තිබූ නමුත් පසුගියදා සිට ඒ සඳහා රු. 100/-ක් අය කෙරේ.

Monday, January 7, 2013

Share this article with your friends