මහව බලල්ලේ පදිංචි අජිත් දසනායක මහතා ගේ පියා පාරම්පරික බේකරි කරුවෙකි. සිය පියාගේ වියෝවෙන් පසුව බේකරියේ පාලනය සියතට ගන්න අජිත් මහතා සහල් පිටි වලින් විස්කෝතු සෑදීමට ආරම්භ කරනු ලබන්නේ 1990 දීය. නමුත් එය අසාර්ථක වී ඇත්තේ සහල් පිටි එකතු කල විට තිරිඟු පිටි මෝලිය පට්ටයක් ලෙසට සවිවීමෙනි.
ඉන්පසු ඔහු ප්‍රදේශයේ වැව් වලින් බහුලව කඩා ගත හැකි ඕලු ඇට පිටි කොට ඒවා සහල් පිටි වලට මිශ්‍ර කොට විස්කෝතු සෑදීමේ ක්‍රියාවලිය දියුණු කරලිමට හැකි දැයි අත්හදා බලා ඇත.



