Chitika Smowtion 468x60


Monday, January 28, 2013

එකක් බදු රහිතව රු. කෝටි 3.8 පමණ වන රෝල්ස් රොයිස් කාර් 50 ක් ලංකාවට? (50 Rolls Royce to Sri Lanka?)


ශ්‍රී ලංකාවට ගෙන්වන ලද නවතම රෝල්ස් රෝයි රථයයි මේ. අප වෙත තොරතුරු ලබාදෙන පාර්ශවයක් මෙම ජායාරූප එවන ලදී.

ඔහු පවසන පරිදි මෙය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව සඳහා පැමිණෙන ප්‍රභූන්ගේ භාවිතය සඳහා ගෙන්වා තිබෙන අතර තවත් මෙවැනිම රෝල්ස් රෝයි රථ 50 ඉදිරියේදී ගෙන්වීමට නියමිතය.

එහෙත් අප කල සොයාබැලීමකදී තවත් පාර්ශවයක් හෙළිකර සිටියේ මෙය "ප්රෙස්ටිජි" නම් ආයතනය සිදුකල පෞද්ගලික අනයනයක් බවයි.

එහි කිසියම් සත්‍යතාවයක් පැවතිය හැකිය . මෙවැනි රථ එංගලන්ත රැජින
වත් භාවිතා නොකරන අතර 2011 වසරේ ඔස්ට්‍රලියාවේ පැවතී පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවවේදීද රැජින සඳහා භාවිතා කරන ලද්දේ රේන්ජ් රෝවර් රථයකි.


Sunday, January 27, 2013

නෙහාරා හා මේනක හොර රහසේම විවාහ වෙයි (Nehara & Menaka secretly married)

නෙහාරාගේ දික්කසාද නඩුවේ තීන්දුව ලැබෙන්න ඔන්න මෙන්න කියා තිබියදීම තමයි මේනකත් දික්කසාද නඩුවක් දමා තිබුනේ.

අනතුරුව දෙදෙනාටම ඔවුන්ගේ පළමු කසාද වලින් දික්කසාද වීමට අවසරය ලැබුණා. මේනකට දික්කසාදය ලැබුනේ පසුගිය වසරේ අප්‍රේල් 18 වනදාය.

නෙහාරා හා මේනක පෙම්වතුන් ලෙස මෙතෙක් කලක් දිවි ගෙවූ අතර ලඟදීම විවාහයට සූදානම් වන බව මීට දින කිහිපයකට පෙර 
අප ඔබට ගෙන ආවා


Friday, January 25, 2013

මුස්ලිම් ප්‍රජාවට එරෙහි පීඩා සොයන්න ජනපතිගෙන් කමිටුවක්

මෑත කාලයේදී ශ්‍රී ලංකා‍වේ මුස්ලිම් ජනයාට එල්ලවන විවිධ අපහාස හා ගැටලු පිළිබඳව සේවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ජනාධිපතිවරයා විසින් අද නියෝග කර තිබෙනවා.

ඒ මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයින් පිරිසක් අද අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයා හමුවී කළ දැනුම් දීමකට අනුවය.

එම පිරිසට අමාත්‍ය රාවු‍ෆ් හකීම්, හිස්බුල්ලා, අස්වර්, අතාවුල්ලා, ෆයිසල් කාසිම්, අබ්දුල් කාදර් හා අධිකරණයට ගල් ගැසූ රිෂාද් බදියුදීන් යන මැති ඇමතිවරුන් සහභාගී වී තිබෙනවා.



නෙහාරා - මේනක විවාහයට සුදානම් වෙයි (Nehara & Menaka getting ready to be married)


නෙහාරා හා මේනක ගේ මෙතෙක් මාධ්‍යයට හෙළි නොකළ පෙම් කතාව සති අන්ත පුවත්පතකට ප්‍රසිද්ධ කොට තිබෙනවා. 

මෙය මෙතෙක් කලක් මාධ්‍යයෙන් වසන් කලත් මේනක රාජපක්ෂ සිය දික්කසාදය ගත්තේද මෙම අරමුණෙන් බව 
අප විසින් මෙයට පෙර හෙළිදරව් කරනු ලැබුණි. 

පසුගිය කාලයේ මාධ්‍යයට දිවා රෑ නොබලා තමාත් මේනකත් අතර සම්බන්ධයක් නොමැති බව කියූ නෙහාරා එම මුවෙන්ම පහත වදන් ලිස්සා හැර තිබුනේ කිසිවක් නොදන්නා කෙනෙකු මෙනි.

නෙහාරා හොර රහසේම මේනකට ආදරය කරනවා කියන්නේ ?
අනේ නැහැ..මම හිතන්නේ මුළු ලංකාවම විතරක් නෙවෙයි ලෝකයම දන්නවා අපි දෙන්න සැබෑවටම ආදරය කරනවා කියා.විදෙස්ගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන් පවා දන්නවා. මම හිතන්නේ ඒක රහසක් නෙවෙයි.

මේනක පිළිබඳව නෙහාරගේ අදහස 

Monday, January 21, 2013

සෞදි තානාපති ආපසු කැඳවූවායි ආණ්ඩුව කිව්වේ බොරුද ?

සවුදි අරාබියේ තානාපතිවරයාට විරුද්ධව චෝදනා එල්ල වූයේ වරක් දෙවරක් නොවේ.

සේවය කරන නිවසෙන් අතවරයට පත්ව පිහිට පතා තානාපති කාර්යාලයට එන බොහෝ කාන්තාවන් නැවත අතවරයට ලක් කරන්නෙත් ගණිකා සේවයේ යොදවන්නේත් සවුදි අරාබියේ තානාපති කාර්යාලය මඟිනි.


ලංකාවට පැමිණි බොහෝ ගෘහ සේවිකාවන් පසුගිය කාලයේ පවසා තිබුනේ ඇඳුම් ඉවත් කර පහර කෑමට ලක්වූ තුවාල කැලැල් පෙන්වීමට ඇත්තේද තානාපති කාර්යාලයේ පිරිමින්ට බවය.

මර්වින්ගේ ඉල්ලා අස්වීම තවත් එක් නාට්‍යයක්ද?


ජනාධිපතිවරයා විසින් කැලණිය ආසන සංවිධායක ධූරයෙන් මර්වින් සිල්වා මීට පෙර අයින් කරන ලද්දේ ගස් බැඳීමේ නාට්‍යයෙන් පසුවය.

පසුව විනය පරීක්ෂන නාට්‍යයෙන් පසුව නැවතත් ඔහුට එම සංවිධායක ධූරයම ලැබිණි.

මෙවර තිර පිටපත ඊට වඩා මඳක් වෙනස් විය. මෙවර ආසන සංවිධායක ධූරයෙන් මර්වින් සිල්වාම ඉල්ලා අස්විය. ඒ හසිත මඩවල ඝාතන චෝදනාව මර්වින් සිල්වාට එල්ලවූ නිසාය.

නමුත් ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙක් රජය විසින් පත් කළේ නැත. මර්වින් සිල්වාව වෙනත් ආසනයකට දැමීම හෝ පන්නා දැමීමක්ද කළේ නැත.

විරෝධතා නිසා Nolimit මාසික පාඩුව ලක්‍ෂ 53යි


අන්තර්ජාල හා අනෙකුත් දැනුවත්කිරීම් ඔස්සේ "නෝ ලිමිට්" ආයතනයට එරෙහිව ගෙන යන විරෝධතා රැල්ල හේතුවෙන් ඔවුනට මාසිකව මාසිකව රුපියල් ලක්‍ෂ 53ක් පාඩු සිදුවී තිබෙනවා.

ඒ අනුව මේ වනවිට නෝ ලිමිට් ආයතනයේ මුලු ආදායම 30%කින් හෙවත් රු. කෝටි 300කින් අඩුවී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මේ අතර පසුගිය දින වල දෙමටගොඩ ප්‍රදේශයේදී සිංහල රාවය සංවිධානය විසින් අත් පත්‍රිකා රැසක් ජනතාව අතර බෙදා හැර තිබුනේ නෝ ලිමිට් ආයතනයෙන් මිලදී ගැනීම් නොකරන ලෙසයි.

එම අත් පත්‍රිකාවට විරුද්ධව දෙමටගොඩ නෝ ලිමිට් ශාඛාව විසින් සිංහල රාවය ජාතික සංවිධානයේ භික්ෂූන් වහන්සේට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබුනේ තමන්ට පාඩු වන එම මුදල සිංහල රාවය ජාතික සංවිධානයෙන් අයකර දෙන ලෙස ඉල්ලමිනි.

ධාන්‍යය වලින් දේශීය බිස්කට් හැදු ව්‍යාපාරිකයා පැහැර ගනියි


දේශීය ධාන්‍ය ඇසුරින් බිස්කට් නිර්මාණයේ ඉතිහාසය 
මහව බලල්ලේ පදිංචි අජිත් දසනායක මහතා ගේ පියා පාරම්පරික බේකරි කරුවෙකි. සිය පියාගේ වියෝවෙන් පසුව බේකරියේ පාලනය සියතට ගන්න අජිත් මහතා සහල් පිටි වලින් විස්කෝතු සෑදීමට ආරම්භ කරනු ලබන්නේ 1990 දීය. නමුත් එය අසාර්ථක වී ඇත්තේ සහල් පිටි එකතු කල විට තිරිඟු පිටි මෝලිය පට්ටයක් ලෙසට සවිවීමෙනි.

ඉන්පසු ඔහු ප්‍රදේශයේ වැව් වලින් බහුලව කඩා ගත හැකි ඕලු ඇට පිටි කොට ඒවා සහල් පිටි වලට මිශ්‍ර කොට විස්කෝතු සෑදීමේ ක්‍රියාවලිය දියුණු කරලිමට හැකි දැයි අත්හදා බලා ඇත. 


Share this article with your friends