කලා, වාණිජ, තොරතුරු තාක්ෂණික විෂයන් තුනේ දිවයිනේ ප්‍රථම තිදෙනා එකම පාසලකින්
මෙයට පෙර අප වාර්තා කලේ ගණිත හා විද්‍යාව අංශයෙන් දිවයින ප්‍රථමයා වී ඇත්තේ හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ පාසලේම සිසුන් දෙදෙනෙකු බවයි. මේ වනවිට අප වෙත වාර්තා වන්නේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් තිදෙනෙකු කළා වාණිජ හා තොරතුරු තාක්ෂණික අංශයන්ගෙන් දිවයින් ප්‍රථම ස්ථානයන් ලබාගෙන තිබෙනවා.
ඒ අනුව දෙවි බාලිකා විද්‍යාලයේ උපෙෂා සෙව්වන්දි කලා අංශයෙන්ද ශේශානි ගුණතිලක වාණිජ අංශයෙන්ද සමාලි ලියනගේ තොරතුරු තාක්ෂණික අංශයෙන් ප්‍රථම ස්ථාන ලබා තිබෙනවා
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ දින රාත්‍රීයේ අන්තර්ජාලයට නිකුත් කරන ලදී.
ඒ අනුව මෙවර ගණිත හා විද්‍යා අංශ දෙකෙහිම ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේ හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ මාධ්‍ය මහා විද්‍යාලයටය.
ඒ අනුව රුසිරු ගාම්භීරආරච්චි ගණිත අංශයෙන්ද කසුන් ලක්මාල් විද්‍යාව අංශයෙන්ද දිවයිනේ ප්‍රථමයන් වී තිබෙනවා.
ඔවුන්ගේ ප්‍රතිඵල සටහන බලන්න පහතින්.
2008 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුල දිනාගත් අරුණි රාජපක්ෂ, සරත් අමුණුගමගේ ඥාති පුත් දිලුම් අමුණුගමගේ එක් බිරියක්ව විවාහවී තිබූ බව පසුගිය කාලයේ වාර්තා වුනා.
2012 වසරේ ජූනි මාසයේ පුවත්පතකට ඇය පවසා තිබුනේ තමන්ට පෙම්වතෙක් නැති බවත්, තෝරාගන්නා කෙනා අඩි 6 ට වඩා උස විය යුතු බවත්ය.
නමුත් ඊට මාස දෙකකට පසුව ඇය පුවත්පතකට පවසා තිබුනේ තමන්ට පෙම්වතෙක් සිටිනා බවත්, කලින් විවාහ වීම පිළිබඳ කිසිවක් නොදන්නා බවත්, එම ජායාරූප තමන් නොදුටු බවත්ය.
පසුගියදා වූ කැබිනට් අමාත්‍යධූර වෙනස්වීමේදී චම්පික රණවකගේ විදුලි බල ඇමති ධූරය ජනාධිපතිවරයා විසින් පවිත්‍රා වන්නිආරච්චි වෙත ලබාදුන්නා.
එයට හේතුව ඊයේ ජනාධිපතිවරයා විසින් පැහැදිලි කර තිබුණා.
සිරස කුමරිය ලෙස තේරී පත්වීමෙන් පසු නිළියක් ලෙස කලා ලෝකයට පැමිණි ශලනි තාරකා ඩාන්සින් ස්ටාර් තරඟයේදී කැපී පෙනෙන නර්තනයක යෙදුනා.
පසුව නළු නිළි යුවළගේ බාල පුතු වන සංකේත් අභිලාෂ් වික්‍රමගේ හා ශලිනි තාරකා පිළිබඳව පසුගිය කාලයේ කටකතා පැතිර තිබුණා.
කෙසේ වුවද ශලනි තාරකාගේ අනාගත සහකරුවා කෙබඳු අයෙකු විය යුතුද යන්න ඇය පවසා තිබෙනවා.
ඒ අනුව සුදු අයට අකමැති බවයි ඇය පවසන්නේ.
"මම එච්චර උස නැති හින්දා උස අය ගැන පුංචි විශේෂත්වයක් මගේ හිතේ තිබුණා. ඒ වගේම සුදු අයට මම කැමති නැහැ. ඒ හින්ඳා මගේ හිතේ ඇඳුනු රූපයක් තිබුණා.
රජයේ අමාත්‍යධූර සංශෝධනයක් අද සිදුවුණා.
නව සංශෝධනය අනුව ඇමති ධූර කිහිපයක් වෙනස්වීමකට ලක්කර තිබෙන අතර අමාත්‍යවරුන් 10 දෙනෙක්, ව්‍යාපෘති අමාත්‍යවරුන් දෙදෙනෙක් හා නියෝජ්‍ය අමාත්‍යවරු 6 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ අද දිවුරුම් දී තිබේ
අගවිනිසුරුවරියට ගෙන ආ දෝෂාභියෝගයේදී සැලකිය යුතු කාර්යභාරයක් සිදුකළ පවිත්‍රා වන්නිආරච්චි හට විදුලිබල අමාත්‍යධූරය ලැබී ඇති අතර චම්පික රණවකට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ධූරය ලැබී තිබේ
නව සංශෝධනය අනුව සීනි කර්මාන්තය සඳහා වෙනම අමාත්‍ය තනතුරක් ඇතිකර තිබේ. එමෙන්ම උද්භිද උද්‍යාන සඳහාද ඇමතිවරයෙක් සිටී. අධ්‍යාපනය වෙනුවෙන් සිටින ඇමතිවරයා පන්නා දැමීම වෙනුවට ඔහු සිටියදී තවත් නව ඇමති ධූරයක් ඇතිකර තිබේ
නව සංශෝධන අනුව අමාත්‍ය ධූර වෙනස්වී ඇත්තේ මේ ආකාරයටය.
දුරුතු පෝය දින බුදුරජානන් වහන්සේ මහියංගනයට වැඩම කළේ චූලෝදර මහෝදර මැණික් පුටුවේ ආරවුල විසඳීමට බව නිමල් සිරිපාල අමාත්‍යවරයා පෙරේදා පවසා තිබුණා.
ඒ මහියංගන විහාරස්ථාන පුදබිමේ පිහිටි විල්ලුවපිටිය වැවේ මංගල දියවර නිකුත්කිරීමේ උත්සවයේදී ජනතාව අමතමිනි.
පෝයදා කළ එම එම ප්‍රකාශයත් සමඟ එතැන සිටි කුඩා ළමයින් පවා ඇමතිවරයාගේ දැනුම ගැන විශ්මයට පත්වී තිබෙනවා.
ශ්‍රී ලංකාවට ගෙන්වන ලද නවතම රෝල්ස් රෝයි රථයයි මේ. අප වෙත තොරතුරු ලබාදෙන පාර්ශවයක් මෙම ජායාරූප එවන ලදී.
ඔහු පවසන පරිදි මෙය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව සඳහා පැමිණෙන ප්‍රභූන්ගේ භාවිතය සඳහා ගෙන්වා තිබෙන අතර තවත් මෙවැනිම රෝල්ස් රෝයි රථ 50 ඉදිරියේදී ගෙන්වීමට නියමිතය.
එහෙත් අප කල සොයාබැලීමකදී තවත් පාර්ශවයක් හෙළිකර සිටියේ මෙය "ප්රෙස්ටිජි" නම් ආයතනය සිදුකල පෞද්ගලික අනයනයක් බවයි.
එහි කිසියම් සත්‍යතාවයක් පැවතිය හැකිය . මෙවැනි රථ එංගලන්ත රැජිනවත් භාවිතා නොකරන අතර 2011 වසරේ ඔස්ට්‍රලියාවේ පැවතී පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවවේදීද රැජින සඳහා භාවිතා කරන ලද්දේ රේන්ජ් රෝවර් රථයකි.