Chitika Smowtion 468x60


Thursday, December 15, 2011

බීමත් බිරිඳගේ හිරිහැර නොඉවසූ සැමියා පොලිසියේ පිහිට පතයි


සැමියා බීමත්ව පැමිණ බිරිඳට කරදර කිරීම අප සමාජයේ සාමාන්‍ය සිද්ධියක්‌ බවට පත්ව ඇත. එහෙත් බිරිඳ බීමත්ව පැමිණ සැමියාට සහ දරු දෙදෙනාට පහරදීමේ සිද්ධියක්‌ ඇසීමෙන් ඔබ විමතියට පත්විය හැකිය. එවැනි සිද්ධියක්‌ පසුගියදා ගොකරැල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශයේදී විභාග කෙරිණි.
තම බිරිඳ බීමත්ව පැමිණ තමාටත්, දරු දෙදෙනාත් පහර දෙන බවට පොලිසියට පැමිණිලි කර තිබුණේ මැල්සිරිපුරට නුදුරු ගම්මානයක 47 හැවිරිදි දෙදරු පියෙකු විසිනි. 

බිලියන 3.08 ක මුදලක් වැය වූ අද විවෘත වන ‘නෙලුම් පොකුණ’ රඟහල (පින්තූර)


මහජන චීන සමූහාණ්ඩුවෙන් ත්‍යාගයක් ලෙස අප රටට දායාද කරන ලද නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද විවෘත කිරීමට නියමිතය. බුදු දහම ආශ්‍රිතව ගොඩ නැගුණු චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති ශතවර්ෂ ගණනා වක් පැරණි මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් 
පිරිනැ‍මේන මෙම රඟහල විවෘත කිරීමේ උත්සවයට ඉහළ පෙලේ චීන නියෝජිත පිරිසක් ද සහභාගීවීමට නියමිතය.

පොලොන්නරුවේ ඇති ‍‍ඓතිහාසික නෙලුම් පොකුණේ ආකෘතියට අනුව ඉදිකරන ලද මෙම කලාගාරය ජෝන් ද සිල්වා සමරු රඟහල, කලා භවන ජාතික කෞතුකාගාරය සෞන්දර්ය විශ්ව විද්‍යාලය අතර පිහිටි නොමෑඩ්ස් පිටියේ වර්ගමීටර් 21760 ක භූමි භාගයක ඉදිවී ඇත.ත්‍රස්තවාදයෙන් නිදහස් කරගන්නා ලද රට සංවර්ධනයේ මාර්ගයට පිවිසීමෙන් අනතුරුව රජය විසින් රටේ ජනතාවගේ කලා කුසලතාවයන් පෝෂණය කර ඔවුන්ගේ වින්දනීය රසඥතාවය වැඩි දියුණු කිරිමට ගන්නා ලද පියවරක් ලෙස මෙම නව රඟහල හැඳින්විය හැකි අතර ඒ සඳහා රුපියල් බිලියන 3.08 ක මුදලක් චීන රජය විසින් ආධාර වශයෙන් ලබාදී ඇත.

සන්ටෙල් ඇමරිකානු ඩොලර් මිලියන 34කට ඩයලොග්ට විකිණේ


ශ‍්‍රී ලංකාවේ කලක් තිස්සේ ක‍්‍රියත්මක දුරකතන සමාගමක් වන සන්ටෙල් දුරකතන ජාලය ඩයලොග් සමාගම විසින් මිලට ගෙන ඇතැයි වාර්තා වේ.
සන්ටෙල් ජාලය මිලට ගැනීම සඳහා ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා සහ ශ‍්‍රී ලංකා ටෙලිකොම් විසින් ඉදිරිපත් කර තිබූ මිල ගණන් ඉක්වමවූ මිලක් ගෙවා ඩයලොග් සමාගම විසින් එය මිලට ගෙන ඇති බව සඳහන්ය. සන්ටෙල් සමාගම ඩයලොග් සමාගම වෙත පැවරීම සඳහා අත්සන් තබන ලද ගිවිසුමේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 34ක් පමණ වේ.

මන්ත්‍රී ජයසූරියගෙන් ක්‍රිකට් කණ්ඩායමට කණේ පාරක්!


වත්මනේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පසුබැසීමට ජනාධිපතිවරයාට, ක්‍රීඩා අමාත්‍යවරයාට හෝ ආණ්ඩුවට දොස් පැවරීමෙන් පලක් නොවන බවත් ක්‍රිකට් කණ්ඩායම එම තත්ත්වයට වගකිව යුතු බවත් හිටපු ක්‍රිකට් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය කියයි.අද පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා අමාත්‍යංශයට අදාළ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව පැවසූ අතර මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීකරණය වී නොමැති බව කීය.
නමුත්, ක්‍රිකට් ක්‍රීඩකයින් අතර පවත්නා දේශපාලනය නැවතිය යුතු බවට හෙතෙම අවධාරණය කළේය. මෑතකාලීනව ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතිවී තිඛෙන පසුබෑම්වලට හේතුව ක්‍රිකට් කණ්ඩායම තුළට දේශපාලනය රිංගා ඇතැයි කීම අසත්‍යයක් බවත් වර්තමාන කණ්ඩායම තුළ සිටින ක්‍රීඩකයින් කිහිපදෙනෙකු හැරෙන්නට අන් අය ලෝක කුසලාන තරඟාවලිය සඳහා ක්‍රීඩා කල ක්‍රීඩකයින්ම බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වාදුන්නේය.

අධිවේගියේ පළමුවරට පයින් ගිය පුද්ගලයා අත්අඩංගුවට



දක්ෂිණ අධිවේගී මාර්ගයේ මිනිසුන් ගමන් කිරීම සම්පුර්ණයෙන් තහනම්කොට ඇති අතර දෙපස ඇති ගම්මාන වලින් මිනිසුන් හා සතුන් ඇතුල්වීම වැලක්වීමට දැල් කම්බි ආවරණයක්ද යොදා තිබේ.

අධිවේගී මාර්ගයේ පයින් ගමන්කළහොත් ගෙවීමට සිදුවන දඩය රුපියල් 5000 කි. මේ අනුව පසුගිය සිකුරාදා දිනයේ අධිවේගී මාර්ගයේ මිනිසෙකු ගමන් කිරීමේදී අධිවේගී මාර්ගයේ විශේෂ පොලිස් ඒකකය මගින් අත්අඩංගුවට පත්වී ඇත.

නාමල් රාජපක්‍ෂ නීතිඥවරයකු ලෙස අද දිවුරුම් දෙයි




ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයකු වශයෙන් අද දිවුරුම් දීමට නියමිතයි.

අගවිනිසුරු, ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්‌ හමුවේ මෙම දිව්රුම්දීම දිවුරුම් දීම සිදු කිරීමට නියමිතය.
2011 වර්ෂයේ නීති විභාගය සමත් 250 ක් පමණ පිරිස අතරින් දිනකට 60 ක් පමණ මෙසේ දිව්රුම් දෙනු ලබයි. 

කෙසේ නමුත් නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥ වරයෙකු වීමට සුදුසකම් සපුරන අවස්ථාවේ ඔහුට විරුද්ධව චෝදනා දෙකක් ගොඩ නැගී තිබුනා.ඉන් එක් චෝදනාවක් නිත්‍යානුකුලව ඉදිරිපත්වී තිබුන අතර මෙම චෝදනා දෙකම මෙතෙක් තහවුරු වී නැහැ.

Wednesday, December 14, 2011

විවාහයට හදිස්සියක් නෑ, සීලය ආරක්‍ෂකරගෙන ඉන්නවා - නදීශා


සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීෂාහේමමාලි විවාහ නොවී සිටීමට තීරණය කර අතැයි වාර්තාවේසීලය ආරක්‍ෂකරගෙන බෞද්ධානුකූල ව ජීවිතයක්  ගෙවීමටමෙම තීරණය ගත් බව ඇය සති අන්ත පුවත්පතකට පවසාතිබිණිතමාට පේ‍්‍රමයේදී අනන්තවත් වැරදී ඇතැයි ද ඇයපවසන්නීයකෙසේවුවද තමාට පෙම්වතෙක් ඉන්නා බවත්, ඒත්විවාහයට හදිස්සියක් නොමැති බවත් පවසන නදීෂාඑයවිවාහයකින් කෙළවරවේවිදැයි නොදන්නා බවත් ඇය සඳහන්කරතිබේ

ඇය මෙසේද පවසා තිබිණි‘මම හැමදාමත් අරමුණක් ඇතිව වැඩකළ කෙනෙක්මට හැමදාමත් ඉලක්කයක් තිබණා. ඒත් විවාහයසම්බන්ධයෙන් එහෙම ඉලක්කයක් නෑසමහර විට මම විවාහනොවී ඉන්නත් පුළුවන්.

ප්ලාස්ටික් කුඩ මෙහෙයුම ව්‍යාපාරිකයෙකුගේ කොන්ත‍්‍රාත්තුවක් ද ...?


එළවළු සහ පළතුරු ප‍්‍රවාහනයට ප්ලාස්ටික් කූඩඅනිවාර්ය කිරීම කිසියම් ව්‍යාපාරිකයෙකුගේ කොන්ත‍්‍රාත්තුවක්දැයි අනුරාධපුර දිස්ති‍්‍රක් වාණිජ -කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලය සැක පළකරයි.
එහි ප‍්‍රධාන විධායක අධ්‍යක්ෂ පී.බීදිසානායක මහතා පෙන්වා දෙන්නේ ප්ලාස්ටික් යනු පරිසරයටදඅහිතකර නිෂ්පාදනයක් බවයි.

ලොව පුරා බොහෝ රටවල් ප්ලාස්ටික් භාවිතයෙන්ඉවත් වෙමින් සිටියදී ශී‍්‍ර ලංකාව ඊට පරස්පරවකටයුතු කිරීම කණගාටුදායක බව ඔහු කියාසිටියි.මේ අතර සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඉකුත්දා ප‍්‍රකාශ කළේ ප්ලාස්ටික් කූඩ භාවිතයෙන් එළවළු සහ පළතුරු නාස්ති වීම වළක්වා ගතහැකි බවයි. එයද පිළිගත නොහැකි තර්කයක් බව පී.බීදිසානායක මහතා පෙන්වා දෙයි.

Share this article with your friends