Chitika Smowtion 468x60


Friday, December 16, 2011

රන් කිකිළිය මරා බිත්තර බැලූ කූඩ ප්‍රතිපත්තිය




නිසි හැදෑරීමකින් තොරව පාන් බානවා වගේ නීති පනවන්නට ගොස් අදටත් වෙළඳ පොළේ ඇත්තේ එළවලු හිඟයකි. කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා අද උදෑසන කොළඹදී පැවසුවේ ප්ලාස්ටික් කූඩ ප්‍රතිපත්තියේ වරදක් නොමැති වුවත් කොහේ හෝ ගැටලුවක් තිබෙන්නට පුළුවන් බවයි.


මේ නිසා, අදාළ අඩුපාඩු ඉවත් කරමින් මෙම නීතිය මසකින් පසුව ක්‍රියාත්මක කිරීමට රජය අදහස් කරගෙන සිටින බව අමාත්‍යවරයා අද උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.
“ප්‍රතිපත්තියේ අපි වරදක් දකින්නෙ නෑ. ඒකනේ මාසෙකට කල්දාල තියෙන්නෙ. නැත්නම් සදාකාලිකව කල්දානවනේ.“
යනුවෙන් පැවසූ අමාත්‍යවරයා සඳහන් කළේ කඩින් කඩ ක්‍රියාත්මක කිරීම, නිසි කාලයක් හා දැනුවත් කිරීමක් ලබාදීම වැනි ක්‍රියා මාර්ග තිබුණා නම් හොඳ බවයි.

වර්ධනය හරි පාරේ - මහ බැංකු අධිපති කියයි



Sri Lanka 2011 economic growth, inflation on target: CB Governor
2011 වසර වෙනුවෙන් මහ බැංකුව පුරෝකතනය කළ ආර්ථික වර්ධනයේ අඩුවීමක් සිදුවිය හැකිබව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියයි.


මේ අනුව, ඔහු සඳහන් කළේ සියයට 8.3 ක් වනු ඇතැයි පුරෝකතනය කළ 2011 වසරේ මෙරට ආර්ථික වර්ධනය සුළු වශයෙන් අඩුවිය හැකි බවත් මේ වසර අවසානයේ මෙරට උද්ධමනය සියයට 06 කට වඩා අඩු මට්ටමක පවත්වා ගෙන යාමට හැකිවනු ඇති බවයි.

රටේ බින්න බැසීමට පෙර ලෙඩෙක්දැයි බලයි



නේවාසික වීසා මත මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇගයීමේ ක්‍රම වේදයක් හඳුන්වා දීමට රජය සූදානම් වේ.

පාලම් කොන්ත්‍රාත්තුව ගුවන් පාලම් හැදූ සමාගමටම



පවුම් මිලියන 45 ක බ්‍රිතාන්‍යය ණය ආධාර මත දිවයින පුරා ඉදිකිරීමට යන පාලම් 141 ක කොන්ත්‍රාත්තුව මෙරට ගුවන් පාලම් හැදූ බ්‍රිතාන්‍යය සමාගමටම ලබාදීමට රජය තීන්දු කරයි.


මේ අනුව, ලංකාව පුරා මංතීරු දෙකකින් හා තනි මංතීරුවකින් යුක්ත යකඩ පාලම් 141 ක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව එක්සත් රාජධානියේ මාබී බ්‍රිජ් ලිමිටඩ් වෙත පිරිනැමීමට රජය සූදානම් වේ.
මෙම සමාගම 2002 වසරේ සිට මෙරට ක්‍රියාකාරීව සිටින අතර 2008 වසරෙන් පසුව එම සමාගම වෙත පවරනු ලැබූ ගුවන් පාලම් 05 ක් හා අනිකුත් පාලම් 136 ක වැඩ කටයුතු ලබන මාසය වනවිට අවසන් කිරීමට නියමිත බව රජය සඳහන් කරයි.

Thursday, December 15, 2011

බීමත් බිරිඳගේ හිරිහැර නොඉවසූ සැමියා පොලිසියේ පිහිට පතයි


සැමියා බීමත්ව පැමිණ බිරිඳට කරදර කිරීම අප සමාජයේ සාමාන්‍ය සිද්ධියක්‌ බවට පත්ව ඇත. එහෙත් බිරිඳ බීමත්ව පැමිණ සැමියාට සහ දරු දෙදෙනාට පහරදීමේ සිද්ධියක්‌ ඇසීමෙන් ඔබ විමතියට පත්විය හැකිය. එවැනි සිද්ධියක්‌ පසුගියදා ගොකරැල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශයේදී විභාග කෙරිණි.
තම බිරිඳ බීමත්ව පැමිණ තමාටත්, දරු දෙදෙනාත් පහර දෙන බවට පොලිසියට පැමිණිලි කර තිබුණේ මැල්සිරිපුරට නුදුරු ගම්මානයක 47 හැවිරිදි දෙදරු පියෙකු විසිනි. 

බිලියන 3.08 ක මුදලක් වැය වූ අද විවෘත වන ‘නෙලුම් පොකුණ’ රඟහල (පින්තූර)


මහජන චීන සමූහාණ්ඩුවෙන් ත්‍යාගයක් ලෙස අප රටට දායාද කරන ලද නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද විවෘත කිරීමට නියමිතය. බුදු දහම ආශ්‍රිතව ගොඩ නැගුණු චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති ශතවර්ෂ ගණනා වක් පැරණි මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් 
පිරිනැ‍මේන මෙම රඟහල විවෘත කිරීමේ උත්සවයට ඉහළ පෙලේ චීන නියෝජිත පිරිසක් ද සහභාගීවීමට නියමිතය.

පොලොන්නරුවේ ඇති ‍‍ඓතිහාසික නෙලුම් පොකුණේ ආකෘතියට අනුව ඉදිකරන ලද මෙම කලාගාරය ජෝන් ද සිල්වා සමරු රඟහල, කලා භවන ජාතික කෞතුකාගාරය සෞන්දර්ය විශ්ව විද්‍යාලය අතර පිහිටි නොමෑඩ්ස් පිටියේ වර්ගමීටර් 21760 ක භූමි භාගයක ඉදිවී ඇත.ත්‍රස්තවාදයෙන් නිදහස් කරගන්නා ලද රට සංවර්ධනයේ මාර්ගයට පිවිසීමෙන් අනතුරුව රජය විසින් රටේ ජනතාවගේ කලා කුසලතාවයන් පෝෂණය කර ඔවුන්ගේ වින්දනීය රසඥතාවය වැඩි දියුණු කිරිමට ගන්නා ලද පියවරක් ලෙස මෙම නව රඟහල හැඳින්විය හැකි අතර ඒ සඳහා රුපියල් බිලියන 3.08 ක මුදලක් චීන රජය විසින් ආධාර වශයෙන් ලබාදී ඇත.

සන්ටෙල් ඇමරිකානු ඩොලර් මිලියන 34කට ඩයලොග්ට විකිණේ


ශ‍්‍රී ලංකාවේ කලක් තිස්සේ ක‍්‍රියත්මක දුරකතන සමාගමක් වන සන්ටෙල් දුරකතන ජාලය ඩයලොග් සමාගම විසින් මිලට ගෙන ඇතැයි වාර්තා වේ.
සන්ටෙල් ජාලය මිලට ගැනීම සඳහා ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා සහ ශ‍්‍රී ලංකා ටෙලිකොම් විසින් ඉදිරිපත් කර තිබූ මිල ගණන් ඉක්වමවූ මිලක් ගෙවා ඩයලොග් සමාගම විසින් එය මිලට ගෙන ඇති බව සඳහන්ය. සන්ටෙල් සමාගම ඩයලොග් සමාගම වෙත පැවරීම සඳහා අත්සන් තබන ලද ගිවිසුමේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 34ක් පමණ වේ.

මන්ත්‍රී ජයසූරියගෙන් ක්‍රිකට් කණ්ඩායමට කණේ පාරක්!


වත්මනේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පසුබැසීමට ජනාධිපතිවරයාට, ක්‍රීඩා අමාත්‍යවරයාට හෝ ආණ්ඩුවට දොස් පැවරීමෙන් පලක් නොවන බවත් ක්‍රිකට් කණ්ඩායම එම තත්ත්වයට වගකිව යුතු බවත් හිටපු ක්‍රිකට් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය කියයි.අද පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා අමාත්‍යංශයට අදාළ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව පැවසූ අතර මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීකරණය වී නොමැති බව කීය.
නමුත්, ක්‍රිකට් ක්‍රීඩකයින් අතර පවත්නා දේශපාලනය නැවතිය යුතු බවට හෙතෙම අවධාරණය කළේය. මෑතකාලීනව ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතිවී තිඛෙන පසුබෑම්වලට හේතුව ක්‍රිකට් කණ්ඩායම තුළට දේශපාලනය රිංගා ඇතැයි කීම අසත්‍යයක් බවත් වර්තමාන කණ්ඩායම තුළ සිටින ක්‍රීඩකයින් කිහිපදෙනෙකු හැරෙන්නට අන් අය ලෝක කුසලාන තරඟාවලිය සඳහා ක්‍රීඩා කල ක්‍රීඩකයින්ම බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වාදුන්නේය.

Share this article with your friends