Friday, December 23, 2011
ජනාධිපති සමාවක් දීමට නම් ඉල්ලීමක් කලයුතු වන්නේ නැහැ
ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ඒ සඳහා කිසිවකුගේවිශේෂ ඉල්ලීමක් අවශ්‍ය නොවන බවත්, සිරගතවසිටින ඕනෑම පුද්ගලයෙකුට ජනාධිපති සමාවක්පිරිනැමිය හැකි බවත් එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේපැහැදිලිව සඳහන්ව ඇති බවත්, නීතිඥ ජේ.සීවැලිඅමුණ මහතා පවසයි.
වැලිඅමුණ මහතා එම කාරණය අවධාරණය කොටඇත්තේ, සරත් ෆොන්සේකා මහතාට ජනාධිපතිසමාවක් ලබා දීම ගැන සලකා බැලිය හැකි බවටජනාධිපතිවරයා පසුගිය දා කර තිබූ ප‍්‍රකාශය පිළිබඳවරාවය පුවත්පත කළ විමසීමකදීය.
නදීශා හේමමාලි තෙලිඟු විත‍්‍රපටයක
සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීශා හේමමාලි පසුගිය කාලයේදී තෙලිඟු භාෂාව පිළිබඳ හැදෑරූ බව පවසන්නීය.සති අන්ත පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇය මේ බව පවසා තිබිනි.නදීෂාට තෙලිඟු භාෂාව පිළිබඳ හැදෑරීමට අවස්ථාව උදාවී ඇත්තේ ඇයට තෙලිඟු විත‍්‍රපටයක රඟපෑමේ වරම් ලැබීම නිසාය.ඇය මෙලෙස සිය රංගන දායකත්වය සපයා ඇත්තේ ආර්.වී. උයද කුමාර් නැමැති ජනපි‍්‍රය හින්දි අධ්‍යක්‍ෂවරයෙකුගේ චිත‍්‍රපටයක් සඳහාය.
ඉදිරි කාලයේදී එම චිත‍්‍රපටය ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශයේ සිනමාහල්වල තිරතවීමට නියමිතය.එසේම ඇය ටෙලි නාට්‍ය නිෂ්පාදනය සඳහාද අත ගසා ඇතැයි පැවසේ.නදීෂා විසින් නිෂ්පාදනය කරනු ලබන සිය කුළුදුල් ටෙලි නාට්‍යයේ ඇය විසින් ගැටඹි හා මලිති යන ද්විත්ව චරිත නිරූපනයක් සිදු කිරීම ද විශේෂිතය.
අධිවේගියේ කාර්මික දෝෂ, බොයිල් කිරීම් දිනපතා ඉහළට
කාර්මික දෝෂ, බොයිල් කිරීම් වැනි ප්‍රශ්න දිනපතා ඉහළට දකුණු අධිවේගී මාර්ගයේ ගමන් කරන පරණ වාහන බොයිල් කිරීම ඇතුළු විවිධ කාර්මික දෝෂයන්ට වැඩිපුර ලක්වීම නිසා ආපදා සේවාවන්ට විශාල වැඩ කොටසක් කිරීමට සිදුවී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරියෙකු කියයි.මාර්ග සංවර්ධන අධිකාරියේ බී.ඩී.කේ. බණ්ඩාර මහතා ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයි.
“පරණ වාහන මේ මාර්ගයට ඇතුළු කිරීම මේ වනවිට ගැටලුවක් වෙලා තිබෙනවා. මෙවැනි වාහන වලින් බොහෝ ප්‍රමාණයක් දිනපතා මාර්ගයේදී කාර්මික දෝෂයන්ට ලක් වෙනවා. ඒ වගේම සමහර වාහන බොයිල් කරනවා. අපි ඉල්ලා සිටිනවා. එවැනි වාහන මෙම මාර්ගයේ එනවිට වතුර කෑන් එකකුත් අරගෙන එන්න කියල. මොකද, මාර්ගයේ කිසිම තැනකින් වතුර ලබාගන්න අවස්ථාවක් නැති නිසා. මෙවැනි ආපදාවන්ට ලක්වන වාහන දිනපතා වැඩිවීම නිසා මාර්ගයේ ආපදා සේවාවල වැඩ වැඩිවී තිබෙනවා.“යනුවෙන් හෙතෙම කීය.
එප්පාවල සමූහ මරණවල ඉතිහාසය ...
මෙය කිසිවකු විසින් නොඇසිය යුතු නොදැකිය යුතු නො මිනිස් කුරිරු ඝාතනයකි.ළදරු කාලයේ මවුපියන් මිය ගිය පසු තමන්ට කවා පොවා නාවා අකුරු කරවා ඇති දැඩි කර ගත් අම්මා කෙනෙකු මෙන්වූ තම අක්කලා දෙන්නා තමන් ගේ අතට පත් පොරවෙන්ම කපා කොටා පෙති ගසා මරා දැමීම ඇදහිය හැකිද?
එක බඩවැල කඩාගෙන එක කුසින් මෙලොවට පැමිණ එක කිරි කෝඩුවෙන් කිරි උරා එක වහල යට එක බත්පත බෙදා ගෙන කෑ සහෝදර සහෝදරියන්ට මෙසේ මරා ගත හැකිද?.
2003 වසරේදී එප්පාවල කටියාව යාය 2 විදුහල් භූමියේදී අත් බෝම්බයක් පුපුරා යෑමෙන් සිසුහු හය දෙනෙක් මරුමුවට පත්වූහ. සිසුවකු අහුලාගත් අත් බෝම්බයක් පරීක්‍ෂා කරද්දී පිපිරීම සිදු විය. මරුමුවට පත් සිසුන් යාය 2 කටියාව ප්‍රදේශයේ පදිංචිකරුවෝය.
ජනාවාසයට සුදුසු පෘතූවියට සමාන තවත් ග‍්‍රහ වස්තූන් 2ක්
පසුගිය දෙසැමීබර් 20 වනදා නාසා ආයතනය විසින් පෘතූවිය හා ප‍්‍රමාණ යෙන් සමාන තවත් ග‍්‍රහ ලෝකය 2 ක් හිරු වටා ගමන් කරමින් යන බව සොයා ගත් බවට පුවතක් එරට මාධ්‍යය ලොවට හෙලි කල අතර ඒ පිලිබද නව තොරතූරු රැසක් මේ වන විට නාසා ආයතනය විසින් හෙලිදරවි කර ගෙන ඇත. පෘතූවිය හා සිකූරු ග‍්‍රහයා ආසන්නයට වන්නට මෙය පිහිටා ඇත. භාහිර පෙනුමෙන් අපේ සෞර ග‍්‍රහමණ්ඩලයේ පෙනුමට සමානකමි ඇති අතර
මෙය ‘කෙප්ලර්20 ඊ‘ හා ‘කෙප්ලර් 20 එෆ්‘ලෙස නමි කර ඇත.
‘කෙප්ලර්20 ඊ‘ සිකූරු ආසන්නයේ ඇති අතර අරය අතින් ගත් කල සිකූරුට වඩා ඉතා සුථ වශයෙන් කූඩා සමිපූර්ණයෙන්ම ක“දු සහිත මතූපිටක් ඇති වායුගෝලයක් රහිත ග‍්‍රහ වස්තූවක් බව හදුනා ගෙන ඇත. ‘කෙප්ලර් 20 එෆ් ‘පෘතූවියට වඩා මද වශයෙන් විශාල වන අතර එයද පෘතූවිය මෙන් ජනාවාසයට සුදුසු සාධක පෙන්නුමි කරන අතර මතූපිට පෘෂ්ඨයේ ජලය පවතින බවත් පෙන්වා දෙයි. මෙතෙක් කරන ලද සොයා ගැනීමි වලින් පෘතූවියට බෙහෙවින් සමානකමි දක්වන ග‍්‍රහ වස්තූව මෙය බවත් ඔවුන් පෙන්වා දෙයි.
පෙම්වතාට දේව බන්ධනය කළ දෙයියෝ පෙනෙන්නට බැරිලු
ශාස්ත‍්‍රකාරියකගෙන් පේන බලන්නට ආ තරුණයකුරවටාගෙන දේව නියමය අනුව යැයි කියා මුලාකොට ඔහු විවාහ කර ගැනීමේ සිද්ධියක් මාතරප‍්‍රදේශයෙන් වාර්තා වේ. මෙම සිද්ධියට මුහුණ පාඇත්තේ 32 හැවිරිදි හේන්ගොවියෙකි.හේන්ගොවියාට ඔහු ආදරය කළපෙම්වතිය කිසියම් හේතුවක් නිසා අහිමි වී ඇත.
ඔහු මේ සම්බන්ධයෙන් සහනයක් පතා දේවාරූඪයෙන් ශාස්ත‍්‍ර කියන කාන්තාවක් සොයාගොස් සිය පෙම්වතිය අහිමිවීමට කර්ම දෝෂයක් අත්දැයි කරුණු විමසා තිබේ.දෙවියන්ඉදිරියේ ආරූඪ වූ ශාස්ත‍්‍රකාරිය තරුණයාගේ සියලූ තොරතුරු පවසා පසුව මෙසේද පවසාතිබේ. '‘මේ ප‍්‍රාණකාරයාගේ සිත් ගන්නට තවත් ප‍්‍රාණකාරියක් ඉනා බන්දනයක් කවලා. ඒබන්දනය ශරීරයට විස වෙලා. මේ විෂ ශරීරයෙන් ඉවත් නොකළහොත් ලැබෙන ප්රතිඵලභයානකයි. දෙවියන් නියම කරනවා මොහු මාසයක් පමණ නොකඩවා ප‍්‍රතිකාර ලබාගතයුතුයි කියා.’’
ටී ෂර්ට් 257ක් විනාඩි 48කදී

ලංකාවේත් ෆ්ලෑෂ් මොබ්

වෙනත් රටවල මෙය සුලභ දසුනක් වුවත් ලංකාවට මෙය තවමත් නැවුම් අත්දැකීමක්. මීට පෙර එයාර්ටෙල් විසින් ෆ්ලෑෂ් මොබ් යොදා ගනිමින් කොටුව දුම්රියපල ඉදිරිපිටදී ප්‍රචාරක කටයුත්තක නිරත වුන බව අප ඔබට හෙළි කළා.
ඉන් පසුව කික් කෝලා සමාගම විසින් ෆ්ලෑෂ් මොබ් යොදා ගනිමින් නුගේගොඩ හංදියේදී පසුගියදා ප්‍රචාරක කටයුත්තක නිරත වුණා. පහතින් දැක්වෙන්නේ එම වීඩියෝවයි.
Subscribe to:
Posts (Atom)





